ලොකු බඩක් තියන මහත ශරීරයක් කියන්නේ අපි කවුරුත් අකමැතිම දෙයක් නේ.
හැබැයි මේ කියන්න යන කතාව නම් ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
කාන්තාවන් ආකර්ෂණය කරගන්න ලොකු බඩක් හදාගන්න වෙහෙසෙන පිරිසක් ගැන.
ඉතියෝපියාවේ දුෂ්කර නිම්න සහිත ප්‍රදේශයක ඉන්න ගෝත්‍රිකයෝ පිරිසක් තමයි මේ විදියට ලොකු බඩක් හදාගන්න උත්සහකරන්නේ.
සෑම වසරකම පවත්වන,
මේ ගෝත්‍රයට අයත් අවිවාහක පිරිමි අතරින් වඩාත්ම තරබාරු ශරීරයක් තියන පුද්ගලයා තමන් වෙන්න තමයි මේ කට්ටිය මේවිදියට වෙහෙසෙන්නේ.
ඒ වෙනුවෙන් මොවුන් මාස 6ක කාලයක් ගවයන්ගේ ලේ සහ එළකිරි පානය කරනවා.
හැබැයි ලේ ගන්න මේ අය ගවයව ඝාතනය කරන්නෙ නම් නෑ.
පුංචි සිදුරක් විදලා ගවයගේ ශරීරයෙන් ලේ අරන් පස්සේ මැටි වලින් ඒ සිදුර වහලා දානවා.
මේ මාස හය යනකම් මේ ගෝත්‍රයේ සිටින අවිවාහක කාන්තාවන් සෑම උදෑසනකම එළකිරි සහ ලේ ඔවුන්ට ගෙනත් දෙනවා.හැබැයි මේ කාලය ඇතුළත කිසිම විදියකින් ලිංගික සම්බන්ධතා පවත්වන එකනම් ඔවුන්ට තහනම් දෙයක්.