පුත්තලම අගුණවිල ප්‍රදේශයේ පිහිටා ඇති බෝධිරාජාරාම විහාරස්ථාන බෝ මළුවේ පිහිටි පොල් ගසක නෙළුම් මලේ හැඩයට සැකසුන කුරුම්බා ඇට්ටි හට ගත් අරුම පුදුම දුර්ලභ ගණයේ සිදුවීමක් පිළිබඳව වාර්තාවනවා.
වසර හැටක් ඉක්මවූ මෙම පොල් ගසේ වසර දහයක පමණ කාලයක සිට පොල් මලේ නෙළුම් මලේ හැඩයට නෙළුම් පෙති සහිත වූ කුරුම්බා ඇට්ටි හට ගැනීමත්, පසු කාලීනව ඒවා ක්‍රමයෙන් විශාල පොල් බවට පත්වන බවත් එම පොල් ආහාරයට ගන්නා බවත් පැවසෙනවා.
මෙලෙස නෙළුම් මලේ හැඩයට හට ගැනෙන මෙම පොල් සම්බන්ධයෙන් එයට හේතුව ලෙස විහාරස්ථානයේ හිමිනමක් පවසා ඇත්තේ මෙවැනි දෙයක්
"අපි සෑම වසරක් පාසාම විවිධාකාර පිංකම් මාලා මේ පුද බිමේ පවත්වනවා. ඉතිං අපි දැනට වසර ගණනාවකට පෙර මේ මළුවෙ නෙළුම් මල් ලක්ෂයක විශාල පිංකමක් පැවැත්වුවා. එදා ඉදලා තමයි අපි දන්න විදියට මේ පොල් ගහේ මේ විදියට නෙළුම් මලේ හැඩයට ගෙඩි හට ගන්නෙ. විශාල සැදැහැවතුන් පිරිසක් මේ පොල් ගස දැක බලා ගන්න එනවා".
එම ඡායාරූප පහතින් බලන්න