ත්‍රීරෝද රථයේ අමතක වී ගිය රුපියල් පන්ලක්ෂ අසූදහසක මුදලක් අයිතිකරු සොයා ලබා දීමට දඹුල්ල නගරයේ ත්‍රීරෝද රථ රියදුරු මහතකු ක්‍රියාකර තිබෙනවා.
මේ ආදර්ශමත් ක්‍රියාව සිදුකර තිබෙන්නේ දඹුල්ල ත්‍රීරෝද රථ සංගමයේ සාමාජික බස්නැවතුම්පල අසල රැකියාව කරන විනිල් අජන්ත දසනායක මහතායි.
ඔහු දවසේ රාජකාරි අවසන් කොට නිවසට යාමට සුදානම් වී මාළු 500ක් ද රැගෙන සිය රථයේ පිටුපස තබන්නට යද්දී තවත් පාර්සලයක් දැක ඇත .එය පරික්ෂා කර බලද්දී මුදල් නෝට්ටු දැක තිබෙනවා .
පසුව කිසිවකුට නොකියා එම මුදල් පාර්සලය සුරක්ෂිතව තබා දවසේ තමන් සමග ගමන් ගිය දන්නා කියනා පිරිස් වලට ඇමතුම් ගෙන සොයා බලා ඇත .එහෙත් අයිතිකරුවකු නොමැති නිසා ඔහු නැවත රාත්‍රී වන තුරුම නැවතුම්පලට වී සිට ඇත්තේ අයිතිකරුවකු පැමිණෙයි යැයි සිතාගෙනයි.
පසුදා දිනයේද එම මුදල් වල අයිති කරු සෙවීම සිදුකරන අතරදී විනිල්ට මතක් වී ඇත්තේ තමන් කුලී ගමනක් ගිහින් එන අතරදී දඹුල්ල කණ්ඩලම හන්දිය දී පුද්ගලයන් දෙදෙනෙකු තම රථයට ගොඩ වී ආර්ථික මධ්‍යස්ථානය අසලින් බැසගිය බවයි .
විනිල් මහතා ඔවුන් බැසගිය තැනට ගොස් අවස්ථා කිහිපයක් විපරම් කරද්දී එවැනි හැඩහුරුකම් ඇති අයකු අසල කරවල කඩයක සිටිනු දැක ඇත .
පසුව ඒ පුද්ගලයා ගෙන් යමක් සොයමින් සිටිනවාදැයි විමසීමේදී සිද්දිය අනාවරණය කර ඇත.
පසුව විනිල් මහතා එම පුද්ගලයා ඉදිරියේම මුදල් සහිත බෑගය විවෘත කොට මුදල් ප්‍රමාණය බලන ලෙස දැනුම්දී තිබෙනවා .ඔහු පවසා ඇත්තේ රුපියල් ලක්ෂ පහයි අසුවක් සහ බැංකු පොත තිබුණු බවයි. පසුව ඒ සියල්ල නිසියාකාරව අයිති කරුට එම ත්‍රීරෝද රථයේ රියදුරා භාර දීමට කටයුතු කළා.
මෙසේ මුදල් භාර දී ඇත්තේ ගලේවෙල පදිංචි කරවල වෙළෙන්දකු වන මොහොමඩ් ඉක්බාල් නමැති අයෙකුටයි.
තමන් ගේ මුදල් පාර්සලය ත්‍රීරෝද රථයේ අමතක වී ගිය බවද එහෙත් නිසියාකාරව එම වාහනය හෝ රියදුරු මතකයක් නොමැති බවත් ,තමන් මේ මුදල් නැතිවීම ගැන දඹුල්ල පොලිසියට පැමිණිලි කල බවත් ඔහු පවසා ඇත.
මේ සත් ක්‍රියාව ගැන මොහොමඩ් ඉක්බාල් මහතා දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට දැනුම්දී ඇති අතර දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පවසා ඇත්තේ මෙවැනි ත්‍රීරෝද රථ රියදුරන් අගය කලයුතු බවයි.