වල් ඌරෙකුගේ පහරදීමකින් පුද්ගලයකු මියගොස් තිබෙනවා.
ඊයේ පස්වරුමේ මෙම ප්‍රහාරයට ලක්වී ඇත්තේ උඩුනුවර වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සිය කුඹුරේ ගොයම් කැපීම අවසන් කර තණ කොළ මිටියක් ද රැගෙන නිවසට එමින් සිටියදී අසල මඩ වළක සිටි ඌරෙක් ඔහුට පහරදී තිබෙනවා.
විනාඩි 20 ක පමණ කාලයක් ඌරා මෙම පුද්ගලයාට පහරදුන් බවයි සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කර ඇත්තේ.
එම ස්ථානයේ තවත් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් ගසකට නැග දිවි බේරාගෙන තිබෙනවා.
පහරදීමෙන් පසු සත්වයා එම ස්ථානයේ පැය ගණනාවක් රැඳී සිට ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ඌරාට පහරදී ඝාතනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.