Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
29
මහනුවර සිසුන් 100කට වාර විභාග තහනමක් - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරික්ෂණයක්

- මහනුවර සිසුන් 100කට වාර විභාග තහනමක් - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරික්ෂණයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
මහනුවර කිංග්ස්‌වුඩ් විදුහලේ පාසල් සංවර්ධන සමිති මුදල නොදුන් සිසුන්ට පළමු වාර පරීක්ෂණය පෙනී සිටීමට පාසල් බලධාරීන් ඉඩ නොදුන් බවට වාර්තා වෙනවා.  

රුපියල් හයදහස්‌ දෙසිය පනහක මුදලක් එසේ සංවර්ධන සමිති මුදල ලෙස ගෙවීමට තිබෙන බවත් එම මුදල  නොගෙවූ බව කියන සිසුන් සියදෙනකුට ආසන්න පිරිසක් සිටින බවත් සඳහන් වෙනවා.

පළමු වාර පරික්‍ෂණ ප්‍රශ්න පත්‍ර බෙදන අවස්‌ථාවේදී විද්‍යාලයේ බලධාරීන් දැනුම් දී ඇත්තේ අදාළ ගාස්‌තු නොගෙවූ සිසුන්ට පන්ති කාමරවලින් පිටතට යන ලෙසයි.  මේ සම්බන්ධව මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. එම්. විජයරත්න මහතාට සිසුවෙකුගේ මාපියන් ලිඛිත  පැමිණිල්ලක්‌ද කර තිබෙනවා.

ඒ පැමිණිල්ල අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා 27 දා පස්‌වරු 3.00 ට පමණ කිංස්‌වුඩ් විදුහල්පතිවරයාට ෆැක්‌ස්‌ ලිපියක්‌ මගින් දැනුම් දී ඇත්තේ සංවර්ධන සමිති මුදල් නොගෙවීම හේතුකොට ගෙන වාර විභාගයට පෙනී සිටීමට ඉඩ නොදී සිටිය නොහැකි බවයි. ඒ නිසා  ළමුන්ට විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයා නියෝග කර තිබෙනවා.

පාසල් සංවර්ධන ගාස්‌තු එකවර ගෙවා නිම කරන ලෙස විදුහල්පතිවරයා කළ දැනුම් දීම මත ඇතැම් දෙමව්පියෝ විභාගයට පෙරදින කනකර උකස්‌ තබා මුදල් ගෙවා ඇති බවද වාර්තා වෙනවා. එසේ නොවුණේ නම් සිය දරුවන්ටද විභාගය ලිවීමට ඉඩ නොලැබෙන බවද දෙමව්පියෝ පැවසූ බව ලිඛිත පැමිණිල්ල සිදු කළ පියා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර මහනුවර - කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිසුන් පිරිසකට වාර විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කර තිබෙනවා.

ඒ අනුව පාසලේ විදුහල්පතිවරයාගෙන්ද ඒ පිළිබඳ නිදහසට කරුණු විමසනු ඇති.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top