අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණියක ලෙස පුහුණුව ලබන බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් පොලිසියට අපුරූ පැමිණිල්ලක් කර තිබෙනවා.
ඒ ඇගේ ජංගම දුරකථනය වඳුරෙකු විසින් සොරකම් කර තිබෙන බවට.
26 හැවිරිදි ඒ තරුණිය වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලිසියට පැමිණිලි කොට තිබෙන අතර මේ සිදුවීම සිදු වී ඇත්තේ ඇගේ නේවාසික කාමරය තුළදී බවත් ප්‍රකාශ කර තිබෙනවා.
දුරකථනය නැවත තමාට ලබා දෙන ලෙස මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය පොලිසියෙන් ඉල්ලා සිටින බවත් මෙතෙක් එය හමු නොවූ බවත් පොලිසිය ප්‍රකාශ කරන සිටිනවා.
ඇගේ ජංගම දුරකතනයේ වටිනාකම රුපියල් 5000 ක් පමණ වන බවත් සඳහන්