මීගමුව සිට මිනුවන්ගොඩ දක්වා ගමන් කරන බස් රථයකදී තරුණියකට ලිංගික හිරිහැර කිරීමට උත්සහ කළ තරුණයෙකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ සිද්ධියක් ගැන අපිට වාර්තා වුණා.
ඊයේ සවස 4 ට මීගමුවෙන් මිනුවන්ගොඩ ඒම සඳහා පිටත්වූ බස් රථය තුල අධික මගීන් සංඛ්‍යාවක් ගමන් කර තිබෙනවා.
ඒ අතර සිටි අවුරුදු 45 ක පමණ පුද්ගලයෙකු බස් රථයේ ගමන් ගත් තරුණියකගේ පියයුරු හා ඉන පෙදෙස ස්පර්ශ කිරීමට පටන් ගෙන තිබෙනවා.
තරුණියගේ මවද එහි ගමන් කර ඇති අතර ඇය මෙය දුටු විගය අත තිබූ කුඩයෙන් සැකකාර පුද්ගලයාට පහරදෙන්නට පටන් ගෙන තිබෙනවා.
තරුණියද අදාල පුද්ගලයාට පහරදී ඇති අතර ඇතිවූ නොසන්සුන්තාව නිසා බස් රථයද අතරමග නතර කර තිබෙනවා.
පසුව බස් රථයේ සිටි පුද්ගලයින්ට මොහුට හොඳටම පහරදී ඇති අතර එක්වරම මෙම පුද්ගලයා බසයෙන් පැන පලාගිය බවයි බස් රථයේ හිමිකරු පැවසුවේ.
ඉන් අනතුරුව සිද්ධිය ගැන පැමිණිලි කිරීම සඳහා තරුණිය සහ ඇගේ මව පොලිසියට ගොස් තිබෙනවා.
අදාල පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන අයෙක් බවත් ඔහු නිතර බස් රථ තුල යම් යම් අශෝභන ක්‍රියා සිදුකරන අයෙක් බවද බස් රථයේ හිමිකරු සඳහන් කළා.