ළමා නිවාසයකදි දුටු සංවේදී සිද්ධියක් නිසා..
ඇගේ සිහිනය රෝද පුටු සහ අත්වාරු 200 ක්...
අසරණයන්ට පිහිට වෙනවා කියන එක උතුම් මනුෂ්‍ය ගුණයක්.
ඒ විදිහට ඇමරිකාවේ ඉන්න ලංකාවේ යුවතියක් අපේ රටේ ඇවිදින්නට නොහැකි අයට අත දෙන්නට තීරණය කරලා.
ඇය නමින් නටාෂා පණ්ඩුවාවල. නටාෂා වයස තවමත් අවුරුදු 16 ක් පමණයි.
ඇවිදින්නට නොහැකිව අසරණ වී සිටින අපේ රටේ අයට රෝද පුටු සහ කිහිලිකරු ලබා දෙන්නට නටාෂාට හිතක් පහල වෙලා තිබුණේ එයාගේ නැන්දා එක්ක ලංකාවේ ළමා නිවාසයකට ගිය අවස්ථාවකයි.
එම ළමා නිවාසයේදී නටාෂාට සුවිශේෂි දැරියක් හමුවී තිබුණා. 8 හැවිරිදි වියේ පසුවුණු එම දැරිය කුඩා කල දූෂණයට ලක්වී මේ වෙද්දි ඉන්නෙ ඇවිදින්නටවත් නොහැකි තත්ත්වයක.
ඒ සිද්ධියෙන් සංවේදීවීමෙන් පසුවයි නටාෂා මේ විදිහට සමාජ සේවයක් කරන්න පෙළඹී තිබුණේ.
ඇය මෙම සමාජ සේවය සඳහා උපකාර ලබා ගැනීමට වෙබ් අඩවියක්ද ආරම්භ කර තිබෙනවා.
මේ වෙද්දි නටාෂා රෝද පුටු සහ අත්වාරු 150 ක් පමණ එකතු කර ඇති අතර ඇයගේ සිහිනය වී ඇත්තේ රෝද පුටු සහ අත්වාරු 200 ක් ලංකාවට එවීමයි.