මීටර් 5 ක් පමණ දිග දැවැන්ත පිඹුරෙකු විසින් තරුණයෙකු ගිල දැමූ පුවතක් ඉන්දුනීසියාවේ ගම්මානයකින් වාර්තා වනවා.
මෙසේ මියගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණයෙක්.
පසුගිය ඉරිදා අස්වනු නෙලීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති අක්බර් නම් තරුණයා පසු දින දක්වා නිවසට නොපැමිණිම හේතුවෙනුයි නිවැසියන් ඔහු සොයා ඇත්තේ.
කෙසේ වෙතත් අතුරුදන් වූ තරුණයා සෙවීමට ගිය ගම්වාසින්ට විශාල පිඹුරෙකු දැකගත හැකිව තිබුණා.
ඒ අවස්ථාවේ පිඹුරාගේ උදරය ඉතා විශාල වී තිබීම ගැන සැක සිතූ ගම්වාසින් එම සත්වයා මරා උදරය කැපූ අවස්ථාවේ අක්බර් නැමැති තරුණයා පිඹුරාගේ උදරය තුල සිටින ආකාරය දැක ගැනීමට හැකිව තිබෙනවා.