පුංචි තිරයේදී ඇයව නිතරම දකින්න ලැබෙන්නේ දඟකාර කටකාර චරිත වලින්. මවක් වුණත් ඒ දඟකාරකම නම් තවම අඩු වෙලා නැහැ. ඇය නමින් ලෝචනා ඉමාෂි. අපිට ආරංචි වුණා ඇය රංගනයට සමු දීලා විදෙස්ගත වෙනවා කියලා. ඒ නිසා ඇයත් එක්ක හිරු ගොසිප් කතා කරන්න හිතුවා. මේ ඇය සඳහන් කළ තොරතුරුයි.
ලෝචනා රංගනයෙන් ඉවත් වෙලා විදෙස්ගත වෙනවා කියලා ආරංචියි. ඇත්තද ..?
විදෙස්ගත වෙනවා ලබන මාසේ. අම්මයි තාත්තයි මමයි බබයි. හස්බන්ඩ් එක්ක ඉන්න යන්නේ. ඒත් නතර වෙන්න යන්නේ නැහැ. මාස තුනකින් ආයෙමත් එනවා අපි.
ඊට පසුව යළිත් රගපෑම් ආරම්භ කරනවද...?
ඔව්. ඉස්සර තරම් ලොකු කාලයක් රංගනය වෙනුවෙන් යොදවන්න බැරි වුණත් පුළුවන් විදිහට නිර්මාණ භාර ගන්නවා. මගේ වෘත්තිය රංගනය. මම රඟපාන්නත් ආසයි. මට අවශ්‍ය කරන හැමදේම හස්බන්ඩ්ගෙන් ඉල්ලන්නත් බැහැනේ. ඒ නිසා දැනට රඟපෑමෙන් අයින් වෙන්න අදහසක් නැහැ.
ලෝචනාගේ සැමියා වැඩිපුරම ආදරේ කරන්නේ දරුවට නිසා ලෝචනාගේ රඟපෑමට සැමියා ළඟදීම තිත තියයිද...?
එයා බබාට ගොඩක් ආදරෙයි. ඒ නිසා මම බබා ගැන නිතරම හොයලා බලන්න ඕන. ෂූටින් යනකොට බබාව අම්මා බලා ගන්නවා. වැඩ ඉවර වුණ ගමන් ගෙදර ඇවිත් බබා එක්කමයි වැඩිපුරම ඉන්නේ. තවම නම් රඟපාන්න එපා කියලා නැහැ. එයත් ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් නිසා මට නීති දාන්නේ නැහැ.
ලෝචනා හරිම කම්මැලි චරිතයක් කියන එක ප්‍රසිද්ධයිනේ..අම්මා කියන වගකීම එක්කවත් ලෝචනා වෙනස් වෙලා නැද්ද..?
මම හරිම කම්මැලි කෙනෙක් තමයි. වැඩිපුර කාලයක් නිදා ගත්ත නිදහසේ ජිවත් වුණ කාලයක් තිබුණා. ඒත් ඒ පුරුද්ද බබා ඉපදුණාට පස්සේ වෙනස් වුණා. දැන් එයා හරිම දඟයි. නින්දෙනුත් දඟලනවා. එයා නිදා ගන්න වෙලාවටවත් මට දැන් ඇස් පියවෙන්නේ නැහැ. ඇදෙන් වැටෙයි කියලා බයයි. ඇත්තටම දරුවෙක් ඉන්නකොට ජිවිතේ වෙනස් වෙනවා.
ඒත් කටකාර දඟකරකම නම් වෙනස් වෙලා නැහැ නේද..?
ඒවා නම් වෙනස් වෙන්නේ නැහැ. වැඩිවෙනවා මිසක් .ඒවගේ පුරුදු වෙනස් වෙන්නේ නැහැනේ. ඔහේ කියවන එක දඟලන එක එහෙමමයි. ඒ වුණාට මම හස්බන්ඩ් ළඟනම් හාවෙක් වගේ අහිංසකයි. එයත් කෑකෝ ගහන කෙනෙක් නෙමෙයිනේ. මොනා හරි කිව්වොත් මම අහගෙන ඉන්නවා. එකින් එක කියවන්නේ නැහැ. පිටට නම් චන්ඩියෙක්.
මවක් වුණාට පස්සේ පෙම්වතියගේ චරිත වලට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද..?