මහරගම පිහිටි පළතුරු කඩයක ඉහළ මහලේ ඩේසි නෝනා විසින් පවත්වාගෙන ගිය හොර මසාජ් සෙන්ටර් එකට පසුගියදා පොලිසියෙන් කඩා පැන්නේය.
ඒ ඩේසි මැඩම් විසින් මහරග ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගොස් පොලිසියට හසුවූ දෙවැනි අවස්ථාවයි.
මේ නීතිවිරෝධි සම්බාහන මධ්‍යස්ථානය රජයේ ලියාපදිංචියක් හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් නොමැතිව සිදුකරගෙන ගොස් තිබෙනවා.
මෙම ස්ථානයේ සිදුවන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් පොලිසියට මහරගම පදිංචිකරුවන්ගෙන් නිතර නිතර පැමිණිලි ගලා ආවේය.
මෙම කරුණ සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් පියවර ගත්තේ ඉන් පසුවය.
මහරගම ස්ථානාධිපතිවරයාගේ මුලිකත්වයෙන් උපාය දූතයකු යොදවමින් ඩේසි නෝනාව කොටුකර ගැනීමට පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කළේය.
මීට පෙර පොලිසියට ඩේසි නෝනා හසුවන අවස්ථාවේ "ස්පා" නමින් පවත්වාගෙන ගිය සම්බාහන ආයතනය මේ වතාවේ මලක නමක් යොදා වෙනස්ම ආකාරයෙන් පවත්වාගෙන ගොස් තිබුණි.
නම වෙනස් කළද මෙහි සිදුකරන වෙළදාමේ වෙනසක් නැති බව පොලිසිය විසින් හෙළිකර ගැනීමට සමත්විය.
උපාය දූතයකු මාර්ගයෙන්ඇගේ ජාවාරම අතටම අල්ලා ගන්නට පොලිසිය විසින් සැලසුම් කළේය.
තරුණ පොලිස් නිලධාරියෙකු කැඳවා ඩේසි මැඩම්ගේ අලුත් ස්පා එකට යැවීමට පොලිසිය ක්‍රියා කළ අතර කෙසෙල් කඩය පසුකොට එතැනින් ගොඩවන්නට සකසා තිබෙන පඩිපෙළ දිගේ ඉහළට නැඟගත් පොලිස් උපාය දුතයා පිළිගෙන තිබුණේ ඩේසි මැඩම් විසින්මය.
ගනුදෙනුකරුව ආදරයෙන් පිළිගෙන තම කාර්යාලය මේසය අසලට කැඳවාගෙන ගිය ඩේසි මැඩම් ස්පා පැකේජ් කිහිපයක් ගැන ගනුදෙනුකරුට පැහැදිළි කර සීතකළ පුංචි කාමරයකට ඔහුව රැගෙන ගියේ.
එම කාමරයේ රූමත් යුවතියන් තිදෙනකු සිට ඇති අතර "මේගොල්ලෝ දැක්කම ඔයා අමාරුවේ වැටෙනවා. හා ඔය දාඩිය පිහිදාගෙන හිමීට කල්පනා කරලා. එක්කෙනෙක් තෝරාගෙන මට එයාව පෙන්නන්කෝ." යනුවෙන් පැවසීය.
තරුණියන් තිදෙනාගෙන් එක් තරුණියක් තෝරාගත් උපාය දූතයාව තෝරාගත් තරුණිය කාමරයට රැගෙන ගියාය.
මසාජ් එකකට වඩා වෙනත් සැපක් දෙන්නට හැකි බවත් ඒ සඳහා ඩේසි මැඩම්ද අකමැත්තක් නැති බවත් ඇය පැවසුවේ.
රුපියල් තුන්දහස. පන්දහස ආදී මිල ගණන්වලට ඩේසි මැඩම් රූමතියන්ව ගණිකා වෘත්තියේ යොදවන බව උපාය දූතයාද දැන සිටියේය.
මෙම ජාවාරම පහළට කරගෙන ගිය බව පෙනුනද ඇතුලත සිදුවන්නේ වෙනස්ම ආකාරයෙක් දෙයක් බව උපාය දූතයා තේරුම් ගත්තේය.
පසුව ගනුදෙනුකරු සමඟ අයථා සම්බන්ධතාවක් පවත්වන්නට තරුණිය සුදානම් වන විටම එතැනට කඩා පැනීම පිටතට වී කල්මරමින් සිටි පොලිස් කණ්ඩායමේ අරමුණ විය.
පිටත සිටින තම කණ්ඩායමට සංඥාවක් දීමට හොඳම වෙලාව එය බව තේරුම් ගත් උපාය දූතයා සිය සගයකුගේ දුරකථනයකට පණිවුඩයක් යැව්වේ ඉන්පසුවය.
ඒ සමඟම ක්‍රියාත්මක වූ සිවිල් සහ නිල ඇඳුම්වලින් සැරසුණු පොලිස් නිලධාරිහු එතැනට කඩා පනිනු දුටු ඩේසි මැඩම් අන්දුන් කුන්දුන් වුවාය.
එක් වරම ඩේසි මැඩම් ලාච්චුවේ තිබූ මුදල්ද රැගෙන රහස් දොරකින් පලාගොස් තිබුණි.
නමුත් එහි සිටි රූමත් තරුණියන් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
තරුණියන් දෙදෙනකු සහ විසිහය හැවිරිදි වියෙන් පසුවන අතර අනෙක් තරුණිය 20 හැවිරිදි තැනැත්තියන් බව පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ගෙන තිබිණි.
බුත්තල, මතුගම සහ කන්තලේ ප්‍රදේශවල පදිංචිකාරියන් වු එම තරුණ කතුන් කොළඹ රූපලාවන්‍ය ආයතනවල සේවය කරන බව තම නිවෙස්වලට පවසා තිබූ අතර අල්ලාගත් ඔවුන් පොලිසිය මඟින් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
පැනගිය ඩේසි මැඩම්ද නීතිඥ සහාය සහිතව පසුව අධිකරණයට බාර වුවාය.
රුපියල් 50000 බැගින් හා ශරීර ඇප දෙකක් සමඟ ඩේසි මැඩම්ට ඇප ලැබුණු අතර අධිකරණයේදී වරද පිළිගත් අනෙක් සැකකාරියන්ටද ඇප නියම විය.