පසුගිය වසරේ දෙසැම්බර් මස පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර් ජාලයට එක් කර තිබෙනවා.
කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද උදෑසන 10න් පසු විදුහල්පතිවරුන් වෙත නිකුත් කෙරෙනු ඇති.
අනෙකුත් සියලුම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන අද දින තැපැල් කිරීමට පියවර ගන්නා අතර, පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම 1911 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ද ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමක් අවශ්‍ය වන්නේ නම් තොරතුරු ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ.
අද නිකුත් කෙරුණු ප්‍රතිඵලවලට අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා බාලිකා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් සිසුවිය විසින් හිමි කරගෙන තිබෙනවා.
එහි දෙවන ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්.එම්. මුණසිංහ සිසුවියටයි හිමිව ඇත්තේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ තෙවන ස්ථානය දෙකක් පවතිනවා.
කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආර්.එම්. සුගත් රවිදු සන්වර සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඖෂධී මිරිස්සගේයි එම ස්ථාන හිමිකරගෙන ඇත්තේ.
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පඹසරා මලිති කුමාරි හේරත් සාමාන්‍ය පෙළ විභාගයේ සිව් වන ස්ථානයට ඉහළ සාමාර්ථයක් හිමිකරගෙන තිබෙනවා.
එමෙන්ම 5 වන ස්ථාන තුනක් පවතින අතර කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩී.එම්. රනුමි දිසරනී නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ ඒ. දම්සරා මේධාවි සහ යාපනයේ හින්දු විද්‍යාලයේ ඒ. අභිනන්දන් පිළිවෙලින් එම ස්ථානවලට පත්වුණා.
6 වන ස්ථාන ද දෙකක් පවතින අතර ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ කේ.ජී.ජී.ඊ. රන්දිනි ද සිල්වා සහ මාතර සුජාතා විද්‍යාලයේ ඊ,ඒ. යසාරා උමාෂි විසිනුයි එම දක්ෂතාවන් දක්වා ඇත්තේ.
පසුගිය වසරේ පැවැති සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් පන්ලක්ෂ 51,340ක් පෙනී සිටියා.
විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 0112 784208, 2784537, 3188350 හෝ 3140314 යන දුරකථන අංක ඇමතීමෙන් ද ලබාගත හැකි බවයි.
මේ අතර, කිසියම් අපේක්ෂකයෙකු නැවත සමීක්ෂණය සඳහා අයදුම් කරන්නේ නම් අප්‍රේල් මස 30 වන දිනට පෙර විභාග දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සදහන් කළේ.
සාමාන්‍ය පෙළ විභාගයේ පළමු තැන හිමිකරගත් සිසුන් 10 දෙනා මෙන්න.