එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයට වසර 200ක් පිරීම නිමිත්තෙන් පසුගියදා සුහද තරඟයක් පැවැත්වුණා. මේ තරගය අතරවාරයේ අපූරු සිදුවීමක් දැක බලා ගන්නට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වුණා.
එහිදි සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුව්රාජ් සිං, සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ පාද ස්පර්ශ කර වැඳීම සියලු දෙනාගේ අවධානයට යොමුවුණු සිද්ධියක් වුණා.
මේ තරඟය පැවැත්වුණේ මෙරිල්බෝන් ක්‍රීඩා සමාජය සහ ලෝක කණ්ඩායම අතරයි. මෙහිදී, සචින්ගේ නායකත්වයෙන් යුත් මෙරිල්බෝන් කණ්ඩායමට එරෙහිව යුව්රාජ් සිං ලකුණු 132ක් රැස් කළා.
යුව්රාජ් මෙහිදි සචින්ගේ පාද නැමදීම සිදුකළේ ඉන්දීය සංස්කෘතිය අනුව ඔහුට ගරු කිරීමක් වශයෙන්. ක්‍රිකට් උන්මාදයකින් පෙලෙන ඉන්දිය ක්‍රීඩා ලෝලීන් සචින් ටෙන්ඩුල්කාර් දෙවියෙකු ලෙස සලකනවා.