මස්කෙළියේ සිට නෝටන්බ්‍රිජ් දක්වා ධාවනය වු ටිපර් රථයක් මස්කෙළිය නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ඇඩික් ප්‍රදේශයේදි අඩි හාරසීයක් පමණ ප්‍රපාතයට පෙරලි තිබෙනවා.
එම අනතුරින් ටිපර් රථය දෙකට කැඩී රියදුරා බරපතල ලෙස තුවාල ලබා ලක්‍ෂපාන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය පවසන්නේ.
අද (27) උදෑසන 6.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇති අතර එම ටිපර් රථය නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයට අනියුක්තව ධාවනය කළ එකක් බවයි පොලිසිය පවසන්නේ.
ටිපර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුවී ඇති බව පොලිසිය සඳහන් කරනවා.