ආදරය කියන්නේ ජීවිතේට නැතිව බැරි සුන්දර හැඟීමක්. මේ ආදරේ අද හුඟක් තැන්වල හෑල්ලුවට ලක්වෙනවා.
සමහරු බුද්ධිය පැත්තකට දාලා හැඟීම් ඉස්සර කරගෙන ගන්න සමහර තීරණ නිසා ජීවිත පවා අකාලයේ විනාශ වෙලා යනවා.
ඒ විදිහේ සිද්ධියක් ගැන තොරතුරක් ගිරිඋල්ල පන්නල පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
තරුණියක් පාසල් කාලයේ සිට පෙමින් බැඳුනු තරුණයෙකු සමඟ ගිරිඋල්ල පැත්තේ හෝටලයකට ගිහින්.
පංති යනවා කියලා ගෙදරින් ආපු තරුණිය පෙම්වතා එක්ක හෝටලයට ගිහින් ආපහු එද්දි ඔවුන් අඩුවයසේ බව තේරුම් ගත්තු හෝටල් සේවකයෙක් ඔවුන් බය කරලා.
ඒ කියන්නේ ඔවුන් දෙදෙනා හෝටල් කාමරයේ හැසිරුණු ආකාරය රහසිගත කැමරාවකින් පටිගත කළ බවත් එය අන්තර්ජාලයට මුදාහරින බවත් පවසා තිබෙනවා.
එලෙස කියමින් බියවැද්දූ සේවකයා 21 හැවිරිදි තරුණයා සතුව තිබූ 35,000 ක පමණ වටිනා ජංගම දුරකථනය ලබාගෙන ඇති අතර තරුණයාත් තරුණියත් පසුව පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.
මෙම තරුණයා පසුව මිතුරෙකුට සිද්ධිය පවසා අදාල හෝටයට ගොස් ජංගම දුරකථනය ඉල්ලා ඇති අතර රුපියල් 5000 ක මුදලක් ලබාගෙන අදාල සේවකයා විසින් දුරකථනය ලබාදුන් බවයි දැනගන්නට ලැබුණේ.