"ආදරණීය සොහොයුරිය ඔබ කෙදිනකවත් තනි වන්නෙ නෑ"..
"මම ගයාන් කියන නම වත් කියලා එයාට කතා කරලා නෑ. කටපුරා අප්පච්චි කියලයි මම කතාකලෙ" - ෆර්ෂිනා
ගයාන් වික්‍රමතිලක කියන්නේ මෙරට රංගන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ගැන සහ ඔහුගේ හිටපු බිරිද ෆර්ෂිනා ගැන විටින් විට විවිධ කතා බහා ඇති වුණා.
පසුගියදා ගයාන් ගැන ඔහුගේ හිටපු බිරිද වීඩියෝ හඬ පටියක් නිකුත් කර තිබූ අතර ඔවුන්ගේ දරුවාව ගයාන් බලෙන් රඳවාගෙන සිටින බවට. ඇය දක්වා තිබුණු අදහස්වලට ගයාන් හිරු ගොසිප් වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම චෝදනා අසත්‍ය බවත් ඔහුට මුස්ලිම් ආගමට බැඳෙන්න කියා කෙනෙහිලිකම් කළ බවත්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලක් මවට හඬක් සංවිධානයේ සභාපති, රංගන ශිල්පිණී මදුෂා රාමසිංහ සිය මුහුණු පොතේ අදහස් දක්වමින් කියා සිටියේ ගායාන්ගේ එම ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි.
ෆර්ෂිනාට ඇය කතාකර වැඩිදුර තොරතුරු විමසූ බවත් එම සටහනේ සඳහන් කර තිබෙනවා. එම සටහන පහතින් දැක්වෙනවා.