බම්බලපිටිය පැත්තේ දිවා කාලයේ නිවෙස් බිඳ රුපියල් ලක්ෂ ගණන් වටිනා දේපල සොරාගත් පුද්ගලයෙක් බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා දේපල ඔහු සතුව තිබී ඇති අතර වැල්ලම්පිටිය බ්‍රැන්ඩියවත්ත පැත්තේ ජීවත්වෙන 38 හැවිරිදි සැකකරුට දෙහිවල දෙල්ගොඩ ප්‍රදේශයේ තවත් නිවාස ඇති බවත් ඒවායේ රැදී සිටිමින් කොල්ලකෑම්වල නිරතවී ඇති බවත් පොලිසිය සඳහන් කළා.
මෙම කොල්ලකෑම් සිදුකර ලැබෙන මුදලින් ඔහුගේ අනියම් බිරිඳ සමඟ යාපනය ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරත වෙමින් සිටියදී පොලිසිය ඔහු උපක්‍රමශීලී ලෙස බම්බලපිටියට ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
අදාල සැකකාර පුද්ගලයා දිවා කාලයේ බම්බලපිටිය ප්‍රදේශයේ සැරිසරමින් හිමිකරුවන් නොමැතිව වසාදමා ඇති නිවෙස් හදුනාගෙන ඒවාට ඇතුළුවී සොරකමේ නිරත වෙන බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහු සිදුකළ සොරාකෑම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් පොලිසියට ලැබී තිබූ අතර එම ප්‍රදේශවල පිහිටි සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කර සැකකරු හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
මෙම සැකකාර පුද්ගලයා නිවෙස් බිද සොරාගත් දේපල විකුණා අනියම් බිරිඳ සමග දිවයින පුරා සංචාරය කරන බවද පොලිසිය සඳහන් කළා.