ඉන්දුනීසියාවේ හමුදා කඳවුරක් ඉදිරියේ තිබූ කොටියකුගේ පිළිරුව විනාශ කිරීමට එම හමුදා මූලස්ථානය පසුගිය සඳුදා කටයුතු කර තිබෙන බව වාර්තාවනවා.
කොටියාගේ රුව ගරුට් (Garut) නම් කුඩා ගම්මානයේ පිහිටි Siliwangi නම් හමුදා ඛණ්ඩයේ නිල ලාංඡනය සේ පිළිගෙන තිබුණක් බවයි සඳහන් වන්නේ.
කඳවුර ඉදිරියේ තිබූ කොටි පිළිරුවේ නිල ලාංඡනයේ දැක්වෙන බියකරු පෙනුම නොතිබුණු අතරම එහි තිබී ඇත්තේ දත් විළිස්සාගත් විසුළු පෙනුමක්.
කෙසේ හෝ ඉකුත් දින ගණනාවක් තිස්සේ දත් විළිස්සා ගත් කොටි පිළිරුව සමාජ මාධ්‍ය හමුවේ විසුළුවට ලක් වී තිබෙනවා.
බොහෝ දෙනා එය යොදාගනිමින් විසුළු දර්ශන, වීඩියෝ පට හා චිත්‍රපට හදමින් සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කර ඇති අතර පසුව ප්‍රධාන ධාරාවේ මාධ්‍යයටද මෙය මාතෘකාවක් වී ඇති බවයි පැවසෙන්නේ.
මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ හමුදා කඳවුර ඉදිරියේ වසර ගණනක් තිබූ කොටි රුව විනාශ කිරීමට හමුදා කඳවුර කටයුතු කිරීමයි.