හොඳම වෙබ් අඩවි සඳහා සම්මාන පිරිනැමෙන ‘‘bestweb.lk 2017’’ ප්‍රධානතම සම්මානය හිමිකර ගැනීමට ආසියානු මාධ්‍ය ජාලයට අයත් Hirufm.lk වෙබ් අඩවිය සමත් වී තිබෙනවා.
ඒ අනුව ජනප්‍රියතම මාධ්‍ය, ක්‍රීඩා සහ විනෝදාත්මක වෙබ් අඩවිය ලෙස ආසියානු මාධ්‍ය ජාලයේ Hirufm.lk වෙබ් අඩවිය තේරී පත් වුණා.
මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම වෙබ් අඩවිය සම්මානයෙන් පිදුම් ලැබුවා.
Hirufm.lk ඇතුළු ආසියානු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි සියල්ලේ විශිෂ්ටත්වය මෙමගින් යළිත් තහවුරු වන අතර ඒවා ශ්‍රී ලංකාවේ ඉහළම පෙළේ වෙබ් අඩවි බව ද ජනතාව තීරණය කර අවසන්.
මෙරට ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි රැසක හිමිකාරීත්වය දරණ ආසියානු මාධ්‍ය ජාලයට අනුබද්ධ ලෝටස් ටෙක්නොලජීස් ආයතනය පවත්වාගෙන යන Hirufm.lk ඇතුළු ආසියානු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි සියල්ල කෝටි සංඛ්‍යාත ජනතාවක් නිරන්තරයෙන් භාවිත කරන බව ද මෙමගින් තවදුරටත් තහවුරු වනවා.