‘‘මට ඇහුණා කෑ ගහන සද්දය..“
‘‘මම ඉක්මනට එතනට ගියා උදව් කරන්න..“
බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව හා අවට ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කළ අවස්ථාවේ මුලින්ම එම ස්ථානයට ළඟා වී ජීවිත අවදානම ගැනද නොතකා අනතුරට ලක්වූ අයට උදව් කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඉපදී එංගලන්තයේ පදිංචියට ගොස් ඇති ඔහු නමින් ජීව්ස් විජේසූරිය.
ප්‍රහාරය එල්ල වූ විගස ඒ බව ඇසුණු ඔහු එතනට ළඟා වී ඇති අතර ඔහු ඒ අත්දැකීම ගැන මාධ්‍යට පවසා තිබුණේ මෙවැන්නක්.
‘‘මට ඇහුණා කෑ ගහන සද්දය. මම ඉක්මනට එතනට ගියා උදව් කරන්න.. දෙන්නෙක් හිටියා.. මම ඒ දෙන්නට උදව් කළා. මං හිතන්නෙ උදව් කරපු එක්කෙනක් ත්‍රස්තවාදියෙක් කියලා. නමුත් මම ඒ අවස්ථාවේ උදව් කළා.“
කෙසේ වෙතත් පසුව රෝහල් ගත කිරීමෙන් පසු තමා උදව් කළ පුද්ගලයන් දෙදෙනා මියගිය බවද ජීව්ස් පවසා තිබෙනවා.