ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (23) ක්‍රෙම්ලීනයේ පිහිටි රුසියානු ජනාධිපති නිල නිවස වෙත පැමිණියා.
එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.
රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අරඹමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 1957 වසරේ සිට පැවත එන දෙරටේ දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ සිහිපත් කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා වානේ සංස්ථාව, කැලණිය ටයර් සංස්ථාව වැනි රුසියා ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ වටිනා සම්පත් පිළිබඳ සිය ස්තුතිය පළ කර ඇති අතර වර්තමානය වනවිට ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ආර්ථික හා දේශපාලනික ජයග්‍රහණ පිළිබඳව රුසියානු ජනාධිපතිවරයා සිය සුබාංශිසන පළකළා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට මෙන්ම වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට අවශ්‍ය සියලු සහය ලබාදෙන බව ව්ලැද්මීර් පුටින් මහතා සහතික වූ බවයි.
ජනාධිපතිවරුන් දෙපළ අතර පැවැති මෙම හමුවේදී විශේෂ මතක සැමරුමක් ලෙස පුටින් ජනාධිපතිවරයා මහනුවර යුගයට අයත් රාජකීය කස්තානයක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත තිළින කර තිබෙනවා.