ආදරේ කියන්නේ හිතක ඇතිවෙන උත්තරීතර හැඟීමක්.
ඒත් මේ පිවිතුරු හැඟීම කාමය නිසා යටපත් වෙන අවස්ථා ඕනෑ තරම් අපිට අහන්න දකින්න ලැබෙනවා.
අපි මේ කියන්න යන්නෙත් දංකොටුව හුන්දිරාපොල පැත්තෙන් අහන්න ලැබුණු ඒ වගේ අවාසනාවන්ත සිදුවීමක් ගැනයි.
21 හැවිරිදි තරුණියක් ප්‍රේමයේ පහස විඳින්න තෝරාගන්නේ සිය ජංගම දුරකථනය හරහා හදුනාගත් තරුණයෙක්.
මාස 6 ක පමණ කාලයක් ඇසුරු කළ මේ දෙන්නා නිවෙස්වලටත් දන්වා විවාහ ගිවිස ගෙන තිබෙනවා.
අඟහිඟකම් රැසක් මැද දිවි ගෙවූ තරුණියත් ඔහුගේ පවුලේ අයත් මිල මුදලින් පොහොසත් බව හැඟවූ මෙම තරුණයා ගැන ලොකු විශ්වාසයක් ඇතිකරගෙන.
තමන්ගේ මව්පියන් ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික පවුලක් බවත් ඔවුන් වසරකට එක්වරක් පමණක් දිවයිනට පැමිණෙන බවත් පවසා තිබෙනවා.
තවද තමන්ද කුවේටයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් විවාහ ගිවිස ගැනීමෙන් පසුව තරුණියවද එහි රැගෙන ගොස් විවාහ උත්සවය සඳහා නැවත දිවයිනට පැමිණෙන බවත් තරුණියගේ දෙමව්පියන්ට පවසා තිබෙනනවා.
ඔහුගේ මේ කතාවට රැවටුණු තරුණියත් ඇගේ පවුලේ අයත් විවාහ ගිවිස ගැනීමෙන් පසුව ඔහු සමග කුවේටයේ ජීවත්වීමට තරුණියව පිටත් කර යවා තිබෙනවා.
කෙසේ වෙතත් ඇයව එලෙස රැගෙන ගොස් තිබෙන්නේ මීට පෙර විවාහ වූ එක්දරුවෙකුද සිටින පියෙකු බව මොවුන්ට දැනගන්නට ලැබෙන්නේ සියල්ල සිදුවී අවසන් වූ පසුවයි.
මෙම තරුණියව දූෂණය කර අදාල තරුණයාගේ මිතුරන්ටද මුදලට විකුණා ඇති බවයි මෙම පවුලේ හිතවතෙකු අප සමග පැවසුවේ.
තවද කුවේටයේ වෙසෙන විදෙස් තරුණයන්ටද ඇයව විකුණා මොහු විසින් මුදල් උපයා ඇති බවත් පසුව ඇයට දැන් දිවයිනට පිටත්ව යන ලෙස බල කරන බවත් සඳහන්.
ඔහු වැඩිදුරටත් පැවසුවේ තර්ජන හා දියණියගේ ජීවිතයට හානියක් සිදුවේයැයි බිය නිසා මේ ගැන ඇගේ දෙමව්පියන්ද කිසිවෙකුටත් පවසා නැහැ.
දිනක් ඔහුව 4 දෙනෙකු අතින් සමූහ දූෂණයට ලක්කර ඇති බවද සඳහන්.
මේ වගේ කතා ඇහෙද්දි ආදරේ නිසා අන්ධ වෙලා මුළු ජීවිතේම විනාශ කරගන්න කළින් දෙපාරක් හිතුවොත් හොදයි කියලයි අපිටනම් හිතෙන්නේ.