හේරත් මුදියන්සේලාගේ රංගන කිර්ති බණ්ඩාර හේරත් කියන නම උප්පැන්න සහතිකයට ලැබුණට රංගන හේරත් කියන නම තමයි හැමෝම හඳුනන්නේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ස්ථාවර ක්‍රීඩකයෙක් වගේම ඔහුගේ පිටදඟ පන්දුවෙන් විදෙස් පිතිකරුවන් මෙල්ල වුණා කිව්වොත් හරි. පසුගියදා නිමාව දුටු ටෙස්ට් තරගාවලියේ නායකයා වුණෙත් ඔහුයි. ඒ නිසා ඔහුත් එක්ක හිරු ගොසිප් අපි සංවාදයක යෙදෙන්න හිතුවා. මේ රංගන එක්ක කළ කතා බහයි.
රංගන මේ දවස්වල විවේක සුවයෙන් ඇති නේද තරඟ නිම වුණ නිසා...?
ලොකු කාලයක් විවේකිව ඉන්න ලැබෙන්නේ නැහැ. තරඟ නැති දවස් පුහුණුවීම් නැති දවස් තියෙන්නේ දවස් දෙක තුනයි. ගෙදර ඉන්න ලැබෙන අවස්ථාවල ගෙදර වැඩ ගැනත් බලන්න ඕන. ඒ නිසා විවේකයක් නැති තරම් කිව්වොත් හරි.
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම එක්ක පැවති දෙවන ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශය ජය හිමි කරගත්තේ ඓතිහාසික පරාජයකට ශ්‍රීලංකා කණ්ඩායම ලක් කරමින්. ශ්‍රීලංකාව පළමු වතාවට බංගලාදේශයට පරාජය වුණ එක ගැන මොකද හිතන්නේ..?
බංගලාදේශ කණ්ඩායමට අපේ කණ්ඩායම පරාජය වෙයි කියලා කවුරුත්ම හිතුවේ නැහැ. නමුත් පළමු වතාවට ඔවුන් අපිව පරාජය කරලා ජය හිමි කරගත්තේ. ඒ ගැන හැමෝටම දුකක් පසු තැවීමක් තියනවා. කොහොම නමුත් අපේ හැම ක්‍රීඩකයෙක්ම හොදින් ක්‍රීඩා කළා.
බංගලාදේශ කණ්ඩායම ජය ගත් මොහොතේ ශ්‍රීලංකා කණ්ඩායමට ඒ අයගේ ප්‍රතිචාර කොයි විදිහටද ලැබුණේ..?
අපි ඔවුන්ට සුබ පැතුවා. ඒ අය සාමාන්‍ය විදිහට සතුට භුක්ති වින්දා. අපි ඔවුන්ට පරාජය වුණා කියලා ඔවුන් කිසි කෙනෙක් අපිට විහිළු කළේ නැහැ.
ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගාවලියේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් දැරුවා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා කියලා ඔබට හිතෙන්නේ නැද්ද ..?
ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ හොද දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ ගැන නම් මතක් කරන්නම ඕන. ඔහු වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කණ්ඩායමේ හිටියා නම් මිට වඩා යමක් අපිට කරන්න ඉඩ තිබුණා. ඔහුගේ අබාධ තත්ත්වය යථාතත්වයට පත් වුණ ගමන් ඔහු නැවතත් කණ්ඩායමට එයි. ඒ වගේම නායකත්වය ඔහුට හිමි වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක බොහෝ විදේශ ජාතික කණ්ඩායම් සුහදයි. බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්ක දැක්වූ සුහදතාවය කොයි වගේද ..?
බංගලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, පිතිකරණය පිළිබද පුහුණුකරු ශ්‍රීලංකික හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින්. ඒ නිසා කණ්ඩායම එක්කත් අපේ බැඳීමක් ඇති වුණා. හැමෝම අපිත් එක්ක සුහදව කටයුතු කළා.
අවස්ථා දෙකකදී ලක්ෂාන් සඳකැන් වගේම සුරංග ලක්මාල් බංගලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්ක බහින් බස්වීමක් ඇති කරගත්තා. ඔබ ටෙස්ට් කණ්ඩායමේ නායකයා විදිහට ඒ සිද්ධිය ගැන මොකද හිතන්නේ..?
ක්‍රීඩකයින් ඒ වගේ සිද්ධි වලට මුහුණ දෙනවා. මේ පළවැනි අවස්ථාව නෙමෙයි. මිට කලිනුත් අවස්ථා කිහිපයක එහෙම වුණා. ඒ වගේ අවස්ථාවල විනිසුරුවරුන් සිද්ධිය සමතයකට පත් කරනවා. එතැනින් පසුව ඒ දේ අමතක කරලා සාමාන්‍ය විදිහට ක්‍රීඩා කරනවා. මේ සිද්ධියේදීත් එහෙමමයි වුණේ. මම නායකත්වය දරන අවස්ථාවලදී එවැනි සිද්ධි නොවෙන්න වග බලා ගන්න උත්සහා කරනවා. කණ්ඩායම තුල විනය තියෙන්න ඕන නිසා.
ඔබේ පන්දු යැවීම ගැන සමාජ ජාල වෙබ් අඩවිවල පසුගියදා සඳහන් වෙලා තිබුණා. රංගන ඒ ගැන මොකද හිතන්නේ..?
ඕනෑම කෙනෙක්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියනවා. ඒ නිසා ඕන කෙනෙකුට ඒ අයට කැමති දේ කියන්න පුළුවන්. නමුත් ඕනෑම පන්දු යවන්නෙක් පිති කරුවෙකුට පන්දු යවන්නේ අවස්නුථාකුලවයි. මම පන්දු යවන්නේ පිතිකරුවා අනුවයි. ඒ අවස්ථාව කඩුල්ලක් ලබා ගන්න පුළුවන්ද නැත්තම් ලකුණු ලබා ගන්න ප්‍රමාණය සිමා කරනවද කියලයි මම හිතන්නේ.
රංගන හේරත් කියන්නේ කාර්යබහුල ක්‍රිඩකයෙක්නේ. ඒ නිසා ගෘහයේ වැඩ කටයුතු වගේම දරුවන්ට ඔබව මග හැරෙනවත් ඇති..?
මට ඉන්නේ පුතාලා දෙන්නෙක්. ලොකුපුතාට දැන් වයස අවුරුදු 5 යි. පොඩි පුතාට වයස අවුරුදු දෙකයි. මේ දෙන්නට වගේම බිරිදටත් මාව මග හැරුණු මග හැරෙන අවස්ථා තියනවා. මම වෘත්තිය ක්‍රීඩකයෙක්. ඒ නිසා මට ගෙදර වගේම ක්‍රීඩාව පැත්තෙනුත් වගකීමක් තියනවා. පුළුවන් හැම මොහොතකම මම ගෙදර රැදෙනවා.ඒ අය එක්ක ඉන්නවා.
බිරිදගේ සහයෝගය කොයි වගේද..?
ගෙදර සියලු දේ ගැන හොයලා බලන්නේ මගේ බිරිඳ සේනානි. ඇය නිසා මගේ පුංචි පවුල සතුටින් තියෙනවා. එයාගේ උදවු වගේම මට ලැබෙන සහයෝගය නිසා මම නිදහසේ ක්‍රීඩා කරනවා. ඇය වගේ බිරිඳක් ලැබුණු එක වාසනාවක් කියලා තමයි කියන්න තියෙන්නේ.
පුතණුවන් දෙන්නා ක්‍රිකට් වලට කැමතිද ...?
දෙන්නා ක්‍රිකට් සෙල්ලම් කරනවා ගෙදරදී. ඒ වගේම මම ඉන්න තරග නරඹන්නත් එනවා බිරිඳ එක්ක. ලොකු වෙනකොට මොනවා කරයිද කියලා දැන්ම නම් කියන්න බැහැ.
ක්‍රිකට්වලින් විශ්‍රාම යනවා කියලත් ආරංචියි..?