පිළිකා රෝගීන් කියන්නේ හැමදාමත් මරණයට දින ගණින අයයි. ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින පිළිකා රෝගීන්ට සහනයක් ලබා දෙන්න කරවිල ඇට වලට පුළුවන් කියලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේදී විද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්‍ෂණ මඟින් තහවුරු වී තිබේනවා කියලා පසුගිය දා පුවත්පතක සදහන් කරලා තිබුණා.
පිළිකා සෛල ව්‍යාප්තිය අඩාල කර ඒවා විනාශ කළ හැකි ඔෟෂධීය ගුණය කරවිල ඇටවල පවතින බවයි එහි සදහන් කරලා තිබුණේ.එම ලිපිය පහතින් උපුටා දැක්වෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනුමතය ඇතිව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් කණ්ඩායමකට වසරක කාලයක් කරවිල ඇට උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කළ ඔෟෂධ ලබාදීමෙන් පසු මෙය පිළිකා මර්දනය සඳහා සාර්ථක ඔෟෂධයක් බව තහවුරු වූ බව පරීක්‍ෂණ කණ්ඩායම් ප්‍රධානී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජේයෂ්ඨ මහාචාර්ය රොහාන් රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.
ඇල්ෆා ස්ටියරික් ෆැටටී ඇසිඩ් කරවිල ඇටවල අඩංගු ඔෟෂධයට පිළිකා විනාශ කිරීමේ හැකියාව ඇති බවත් ඒ බව විද්‍යාගාර පරීක්‍ෂණ මඟින් තහවුරුව තිබෙන බවත් කී මහාචාර්යවරයා සතුන්ට පිළිකා ඇතිකර ඒ සඳහා ප්‍රතිකාර ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්වූ බවත් අවධාරණය කරනවා.
දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම සඳහා කරවිල මදය ආහාරයට ගැනීම ඉතා හොඳ ප්‍රතිකර්මයක් බව මෙය මෙරට බොහෝ පිරිසක් දැන සිටියත් කරවිල ඇටය පිළිකා සෛල මර්දනය සඳහා යොදා ගත හැකි බව තවමත් කිසිවකු නොදන්නා බවත් හෙතෙම සදහන් කළා.
කරවිල ඇට උපයෝගී කරගනිමින් නිපදවූ කැප්සියුලය මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් හිල්මි මහතාගේ අධීක්‍ෂණය යටතේ සතියකට දෙවතාවක් ලබාදෙන බව මහාචාර්ය රොහාන් රාජපක්‍ෂ මහතා පවසනවා.
රසායනික ද්‍රව්‍ය නොයෙදූ කරවිල ඇට කිලෝග්‍රෑමයක් රුපියල් 6000ක් පමණ වන බවත් එක් කැප්සියුලයක් නිපදවීමට කරවිල ඇට 10ක් පමණ වැය වන බවත් කී මහාචාර්යවරයා රෝගීන්ට මේ ප්‍රතිකාර ලබා දෙන්නේ නොමිලේ බවද ඒ මහතා ප්‍රකාශ කළා.සාමාන්‍ය පුද්ගලයන්ට පවා කරවිල ඇට නිවෙසේ බැද කුඩුකර ආහාරයට ගැනීමට හැකි අතර අධික උෂ්ණත්වයකදී පවා එහි ඇති ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ් විනාශ නොවන බව පරීක්‍ෂණ මඟින් තහවුරු කරගෙන තිබෙනවා.