Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
21
කලාශූරී සම්මානය ගන්න නෙළුම් පොකුණට ගිය ලූෂන් බුලත්සිංහලට ආරක්ෂකයින් කරපු කැත වැඩේ - Exclusive

- කලාශූරී සම්මානය ගන්න නෙළුම් පොකුණට ගිය ලූෂන් බුලත්සිංහලට ආරක්ෂකයින් කරපු කැත වැඩේ - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
‘‘වාහනේ එළියෙන් දාලා ඕන නම් ඇතුළට යන්න කිව්වා..“
‘‘මම ආරාධනා පත්‍රය දුන්නට ඒක අරගෙනවත් බැලුවේ නැහැ..“
‘‘කවුරු හරි දෙන උපදෙස් පිටනේ එහෙම කරනවා ඇත්තේ..“

ලුෂන් බුලත්සිංහලයන්  කියන්නේ සිනමාව, පුංචි තිරය, වේදිකා නාට්‍ය වගේම ලේඛනයටත් දක්ෂ කලා කරුවෙක්. ඊයේ ජාතික වීර දිනයට සමගාමිව නෙළුම් පොකුණ රගහලේදී ජාතික සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වුණා. මේ උත්සවයේදී එතුමාට කලාශුරි  සම්මානයක් පිරිනැමීමට නියමිතව තිබුණා. නමුත් ඒ අවස්ථාවට එන්න ආවත් සම්මානය ගන්න ශාලාව ඇතුළට යන්න ඔහුට හැකියාවක් ලැබිලා නැහැ. ඒ එහි ආරක්ෂක අංශයේ නිලධාරීන් බාධා කළ නිසායි.

බුලත්සිංහලයන් කියන්නේ ලංකාවේ කලාකෙත අස්වද්දවන්න තවමත් වෙහෙසෙන කලාකරුවෙක්. නමුත් ඔහුව හඳුනා ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබෙන බවත් සඳහන් වෙනවා. මේ නිසා බුලත්සිංහලයන් එක්ක ඒ ගැන හිරු ගොසිප් කතා කරන්න හිතුවා.

ජාතික වීර දිනයට සමගාමීව "නෙළුම් පොකුණ රඟහලේ" දී පැවති  ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට ඔබත් ඊයේ සහභාගී වීමට ගියා. නමුත් ඔබට අවස්ථාව ලැබුණේ නැහැ කියලා ආරංචියි...?
ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියලා මට ආරාධනා පත්‍රයක් එවලා තිබුණා. ඒ වගේම සම්මානයක් ලබා දෙන බවත් සඳහන් කරලා තිබුණා. ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න ඕන නිසා මම නෙළුම් පොකුණ රඟහලට ගියා. මම ගියේ පුතා හර්ෂ එක්ක. මගේ වාහනයකිනුත් නෙමෙයි. පුතාගේ වාහනයෙන්. එතැනදී වහනය නවතා තියන්න තැනක් නැහැ කිව්වා. අපිට වාහනේ එළියෙන් නතර කරලා ඇතුළට ඕන නම් යන්න කියලා ආරක්ෂක අංශයෙන් කව්වා. එහෙම කරන්න අපිට වුවමනාවක් තිබුණේ නැහැ. ඒ වගේම වාහනේ කොහොමද එළියෙන් නතර කරන්නේ. වාහනවල කෑලි ගලවන කාලයක් මේ. ඒ නිසා ඒ දේ කරන්න ගියේ නැහැ.

ඔබ ප්‍රවීණ නාට්‍යවේදියෙක්. ඔබව හදඳුනා ගත්තේ නැහැ කියලා කියන්න බැහැ නේද...?
හඳුනා ගත්තත් නැතත් අපි කියන දේට ඇහුම්කන් දෙන්න ඕනනේ. මාව හදනඩුනා ගත්තේ නැහැ කියලා හිතුණ නිසා මුල්ම අවස්ථාවක මම කිව්වා මම සම්බන්ධ වෙන්නේ සම්මාන උළෙලට බවත් මම කවුද කියන එකත්. නමුත් ඒ කිසිම කෙනෙක් අඩු තරමින් මගේ ආරාධනා පත්‍රයවත් අරගෙන බැලුවේ නැහැ. ඇත්තටම කිවුවොත් නෙළුම් පොකුණේ තිබුණ උත්සවවලට  ගිය බොහෝ අවස්ථාවලදී නැවත හැරිලා එන්න සිදු වෙලා තියනවා. මේ මට සිදු වුණ පළමු අවස්ථාව නෙමෙයි. ඉතින් එහෙම වෙන්නේ කොහොමද කියන්න බැහැ. කවුරු හරි දෙන උපදෙස් පිටනේ එහෙම කරනවා ඇත්තේ.

ඔබ සම්මාන පසුපස යන කලාකරුවෙක් නෙමෙයි. නමුත් ලැබුණු සම්මානය  ඔබේ අතට ලැබේවි කියලා හිතනවාද ..?
සම්මාන ලබා ගන්න ක්‍රමයකුත් සම්මාන ලබා දෙන ක්‍රමයකුත් තියනවා. මම සම්මාන ලබා ගන්නේ නැහැ. මට සම්මානයක් ලැබුණොත් සතුටින් භාර ගන්නවා. මම සම්මාන පස්සේ යන්නේ නැහැ. කොහොම නමුත් මේ සම්මානය මට ලැබෙන්න ඕන කියලා මම හිතාගෙන ඉන්නෙත් නැහැ. මට දුකක් ඇති වුණා  නම් ඇති වුණේ සම්මානය ගන්න බැරි වුණ එක නෙමෙයි. අවස්ථාවට සම්බන්ධ වෙන්න අවහිරතා මතු වුණ එක විතරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධායකයින් කිසිවක් ඔබට කිවුවේ නැද්ද ..?
ඔවුන් මේ සිද්ධිය සම්බන්ධයෙන් දන්නේ නැහැ කියලා මට දුරකතනයෙන් අමතලා කිව්වා. සමාව ඉල්ලුවා.

ඔබට ඒ අවස්ථාව මග හැරුණ එක  ගැන මොකද කියන්නේ ..?
අපිට ගරු කරන අයට අපි පෙරළා ගරු  කළ යුතුයි. මට ගරු කළ නිසයි ඒ සම්මාන රාත්‍රියට මට ආරාධනා කළේ. ඒ වගේම මට සම්මානයක් පිරිනමන්න සැළසුම් කරලා තිබුණේ. ඒ වගේම මම ඒ දෙයට ගරු කළ නිසයි මම ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න ගියේ. නමුත් අවස්ථාව ලැබුණේ නැහැ. මම නැවත ගෙදර ආවා . ඒ වගේ තත්ත්වයන් වහාම මේ සමාජයෙන් ඉවත් කළ යුතුයි . ඒ ගැන කියන්න ඇත්තටම විශේෂ දෙයක් නැහැ.

කොහොමද කලා ජිවිතයේ අලුත් තොරතුරු..වේදිකාවට අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද ...?
මම අලුත් නාට්‍යයක් කරන්න පිටපත ලිව්වා. නාට්‍ය කරන්න මේ දවස්වල නළු නිළියෝ හොයනවා. නළු නිළියන්ගේ හිඟයක් තියෙනවා. මොකද රඟපාන සින්දු කියන කවි කියන්න දක්ෂ අය  හොයන්න අමාරුයි. අවශ්‍ය චරිත හොයා ගත්තාට පස්සේ තමයි නාට්‍ය කරන්නේ.

සිනමාවට පුංචි තිරයට සමුදීල ද..?
සමුදීලා නැහැ. හොද නිර්මාණවලට ආරාධනා ලැබුණොත් රගපානවා.

සාකච්ඡාව - හර්ෂණී වීරරත්න
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top