ශ්‍රෙයා ගෝෂාල් කියන්නෙ සිය කටහඬින් රසික හදවත් අමන්දානන්දයට පත් කළ ගායිකාවක්. හඬ වගේම සුරූපී රුවකට හිමිකම් කියන ශ්‍රෙයා බොහෝ දෙනෙක් හඳුන්වා දෙන්නේ ඉතාම චාම් විලාසිතාවන්ගෙන් හැඩවී වේදිකාවට පැමිණෙන ගායිකාවක් විදිහටයි.
ශ්‍රෙයාගේ සුරූපි බව සහ ජනප්‍රියත්වය නිසාම ඇයගේ ඉටි පිළියමක් දිල්ලි නගරයේ පිහිටි කෞතුකාගාරයක නිම කරන්නට මේ දිනවල සැලසුම් කරනවා කියලත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ශ්‍රෙයාගේ ඉටි පිළිමය ගැන බොහෝ දෙනෙක් කතා වීමත් එක්කම ඇය 2012 සංගීත ප්‍රසංගයකට විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී පැමිණ සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.
බොහෝ දෙනෙක් පවසන්නේ ශ්‍රෙයා ගෝෂාල් බොහෝ විට සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසී ජනතාව අතරට යන ගායිකාවක් නිසා ශ්‍රෙයාගේ මේ ඇඳුම් විලාසිතාව තමන් පුදුම කරවන බවයි.