රෝහලෙනුත් පැනල ගිහින්
උතුරු කළුතර ප්රදේශයේ කළුගඟ අසල පිහිටි හෝටලයක ඉකුත් 18 දා පැවති මංගල සාදයකට බලහත්කාරයෙන් කඩාවැදුණු පිරිසක් විසින් සාදයේ සිටි පිරිසකට පහරදී තිබෙන බව වාර්තාවනවා.
එසේ පැමිණි පිරිස මනමාලියගේ පියාට ද පහරදී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.
මෙම තිදෙනා පසුගියදා 19 වැනිදා රෝහලෙන් ද පැනගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසනවා.
සිද්ධියෙන් පහරකෑමට ලක්ව ඇත්තේ මතුගම වැලිපැන්න ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පැමිණිලි ලැබී නැතැයි ද සිද්ධිය වූ හෝටලයේ කළමනාකාරීත්වය ද මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර නැතැයි ද උතුරු කළුතර පොලිසිය පවසා තිබෙනවා.
මෙම සටහන දිනපතා පුවත්පතක පළවී තිබූ පුවතකින් සකස් කෙරිණි.