සමාජ ජාල මාධ්‍ය ඔස්සේ රාජ්‍ය විරෝධී තොරතුරු පැතිරවීම නවතන තෙක් යුටියුබ් හා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතා දැමීමට වියට්නාම රජය එරට සියලු සමාගම්වලට නියෝග කර තිබෙනවා.
වියට්නාම රජයට බලපෑමක් වන එම තොරතුරු අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස යූටියුබ් අයත් ගූගල් සමාගමට දැනුම් දීම සදහා වියට්නාම රජය එරට වෙළෙඳ දැන්වීම්කරුවන්ට බල කර ඇති බවයි වාර්තා වන්නේ.
රජයට විරුද්ධව තම මුදල් භාවිත නොකරන ලෙසද වෙළෙඳ දැන්වීම් ආයතනවලට වියට්නාම රජය දැනුම් දී ඇති බව සදහන්.
වියට්නාම නීති උල්ලංගනය කරමින් රජයට විරුද්ධව ගෙන යන අසත්‍ය ප්‍රචාර ඉවත්කරන ලෙසට ගූගල් හා ෆේස්බුක් ආයතනවලට එරෙහිව හඬ නඟන ලෙස අන්තර්ජාලය භාවිත කරන්නන් හට දැනුම් දෙන බව එරට තොරතුරු හා සන්නිවේදන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.