Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
මාව දුෂණය කළේ හවස් වරුවක, එදා හැන්දෑවේ මම මගේ සැමියත් එක්ක හේනේ වැඩ කරමින් හිටියේ - 5දි මනාලියක් වූ දේවී - Photos

- මාව දුෂණය කළේ හවස් වරුවක, එදා හැන්දෑවේ මම මගේ සැමියත් එක්ක හේනේ වැඩ කරමින් හිටියේ - 5දි මනාලියක් වූ දේවී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49,686 Views
වසර විසිපහක කාලයක් පුරා සිය දූෂකයන්ට නිසි දඬුවම් ලබා දීම වෙනුවෙන් සටන් කළ ඉන්දියාවේ පහත් යැයි සැළකෙන කුලයක කාන්තාවක්  රටේ ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පවතින නීතිය දැඩි කිරීමට පසුගියදා සමත් වුණා.

ඒ හරියටම අවුරුදු 25ට පසුවයි. ඒ නිසා මේ දිනවල ඇය ගැන බොහෝ දෙනා කතාබහ කරනවා.ඇය නමින් බන්වාරි දේවි.

රාජස්තාන් ප්‍රාන්තයේ පවුල් සැලසුම් උපදේශිකාවක වශයෙන් සේවය කළ බන්වාරි දේවි 1992 සැප්තැම්බර් මස විසි දෙවෙනිදා උසස් යැයි සැළකෙන කුලයකට අයත් පුරුෂයන් පස් දෙනකු විසින් එසේ සමූහ ලෙස දූෂණයට ලක් වෙන්නේ.

"මාව දුෂණය කළේ හවස් වරුවක.එදා හැන්දෑවේ මම මගේ සැමියත් එක්ක හේනේ වැඩ කරමින් හිටියේ. ඔවුන් ඇවිත් පොලු වලින් මගේ සැමියාට පහර දෙන්න පටන් ගත්තා. එතන පස් දෙනෙක් හිටියා. පහර කමින් සිටි මගේ සැමියාව බේරා ගන්න මම එතනට දුවගෙන ගියා. මගේ සැමියාව අත්හරින්න කියලා මම ප්‍රහාරකයන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියත්, ප්‍රහාරකයන් දෙදෙනෙක් සැමියාට පහර දෙමින් අල්ලාගෙන සිටියා. ඉතිරි තිදෙනා මාව දූෂණය කළා..."

මේ වන විට පනස් හයවැනි වියේ පසුවන බන්වාරි දේවි තමන් මුහුණ දුන් අත්දැකීම එසේ මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා.

ගුජ්ජාර් කුලයට අයත් මාස නවයක් වයසැති දැරියක විවාහ කරදීමට සැරසුණු දෙමව්පියන් සමග කතා කළ බන්වාරි දේවි එම ළමා විවාහය නැවත්වීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇය සමග කෝප වූ මේ පිරිස ඇයව මෙලෙස සමූහ දූෂණයට ලක් කොට තිබෙනවා.

සිය දෙමාපියන් විසින් ඇයව විවාහ කර දෙන විට ඇයගේ වයස අවුරුදු පහයි.ඇගේ සැමියා විවාහ වනවිට ඔහු අවුරුදු අටක දරුවෙක්.
ඒ වගේම ඇය වර්ෂ 1985 සිට රාජස්තාන් ප්‍රාන්ත ආණ්ඩුවේ කාන්තා සංවර්ධන ව්‍යාපෘතියක පවුල් සැලසුම් සහ කාන්තා සුබසාධන උපදේශිකාවක වශයෙන් සේවය කර තිබෙනවා .එමෙන්ම ජෙයිපුර් හි කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධාරිනියක් ලෙසත් ඇය කටයුතු කර තිබෙනවා.

සිය රැකියාවේ කොටසක් වශයෙන් ළමා විවාහ, ගබ්සාව, අලුත උපන් බිළිඳියන් මරා දැමීම සහ දෑවැද්ද වෙනුවෙන් දියණියන් විවාහ කර දීම වැළක්වීමට උපදෙස් ලබා දීම සිදු කර තිබෙනවා.

මේ සියලු දේ කරමි ඇය ඇයව දුෂණය කළ අපරාධකරුවන්ට දඩුවම් ලබා දීම සදහාද ඇය අරගලයක යෙදී තිබෙනවා .

එම අරගලයේ ප්‍රතිපලයක් වශයෙන් දූෂණය කළ අපරාධකරුවන් පැමිණිල්ල විභාග කළ අධිකරණය විසින් සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළත් ඇයගේ අභියාචනය එක වරක් ඉහළ උසාවියට කැඳවන තෙක් ඔවුන් වසර විසි දෙකක කාලයක් නිදැල්ලේ ජීවත් වුණත් වරදට දඩුවම නිතිය මගින් ලබා දෙනතුරුම ඇය සටන් කරනවා.

ඒ සටන වසර විසිපහකට පසුව ඇය දිනන්නේ ඇයගේ නඩු විභාගයේ අවසන් තීන්දුවෙන් ඉන්දියාවේ සේවා ස්ථානවල කාන්තාවන් මුහුණ දෙන ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව පියවර ගැනීම සඳහා නෛතික නිර්දේශ මාලාවක් සැකසීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබා දෙමිනුයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  45 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  86 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,132 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  653 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,112 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,725 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,521 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,065 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,885 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,142 Downloads



Top 10 Commenters

Latest Comments

Top