බස් එකේ පැය භාගයකට රුපියල් 100 යි...
වැටලීම කරද්දි සිනමා ශාලාවේ අසැබි විදිහට හැසිරිලා...
ගම්පහ ටවුන් එක ටියුෂන් එන ළමයින්ගෙන් පිරී ඉතිරිලා යන තැනක්.
මෙතනට එන හුඟක් අය පෙම් සුව විඳින පාරාදීසයක් කරගන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ.
ඒකට කඳිම උදාහරණයක් තමයි පසුගිය පෙබරවාරි මාසයේ පෙම් සුව විඳිමින් හිටපු තරුණ ජෝඩු 80 කට වැඩි පිරිසක් පොලිස් භාරයට ගැනීම.
දෙමව්පියන් දුක් මහන්සියෙන් උපයන මුදල්වලින් සැප විඳින්න හදන දරුවෝ ඉගෙනීම පැත්තකට දාලා ලිංගිකත්වය හොයන එක ගැන දැනුවත් කරන්න පොලිසිය විසින් උපදේශන වැඩමුළුද පවත්වා තිබුණා.
කොහොම වුණත් මේ තරුණ පෙම්වතුන්ට පෙම් සුව විඳින්න බස් රථ හා තවත් ස්ථාන සපයලා දෙන පිරිසක්ද ඉන්නවා කියලා පොලිසිය හොයාගෙන තිබුණා.
ඒ වගේම අන්තර්ජාල පහසුකම් සපයන ස්ථානයක අර්ධ ලිංගික හැසිරීම්වලටද මුදලට ඉඩ ලබාදීලා තිබුණා.
බස්රථ නියමිත ගමන් වාරය සඳහා ගම්පහ බස් නැවතුම්පලට පැමිණීමට පෙර ගාල් කොට තබා ඇති ස්ථානවලදී ඉතා රහසිගත අයුරින් පෙම්වතුන් යුවලකට හෝ දෙකකට අනඟ සුව පහසුකම් සැලසීම ගම්පහ නගරයේ සිදුවීම රහසක් නෙවෙයි.
පැය භාගයක් හෝ පැයක කාලයක් තුළ එම පහසුකම සැලසීම වෙනුවෙන් බස් රථ සේවකයන් එම පෙම්වතුන් පෙම්වතියන් ගෙන් රුපියල් සියයක් - දෙසීසක් අතර මුදලක් අය කර තිබෙන බව පොලිසිය පැවසුවා.
මෙය ඔවුන්ගේ අතිරේක ආදායම් මාර්ගයක් බවට පත්කර ගැනීමද කණාගාටුවට කරුණක්.
මෙහි ආසන්නතම සිදුවීම විදිහට ගම්පහ සිනමාහල් පරීක්ෂාවට ලක්කිරීමකදී බාල වයස්කාර තරුණ තරුණියන් 48 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබුණා.
ගම්පහ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඊයේ මෙම වැටලීම සිදුකර තිබුණු අතර පෞද්ගලික උපකාරක පංති පැමිණෙන බවට ප්රකාශ කරමින් ඔවුන් සිනමාහල් තුල අසැබි ලෙස හැසිරෙමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙනවා.