Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
19
තීක්ෂණ අනුරාධගේ හා බිරිඳ අනුරාධිකාගේ කැඳැල්ලට අලුතින් එන අමුත්තා - Photos

- තීක්ෂණ අනුරාධගේ හා බිරිඳ අනුරාධිකාගේ කැඳැල්ලට අලුතින් එන අමුත්තා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,558 Views
ඒක වෙනම ෆීලින්ග් එකක්..
සතුටක් වගේම ලොකු වගකීමකුත් දැනෙනවා..

මියුරු හඬින් රසික හදවත් දිනාගෙන සංගීත ලෝකයේ ඉහළින්ම ඉන්න ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ.

තීක්ෂණගේ කැඳැල්ලට අලුත් අමුත්තෙක් ළඟදීම එනවා කියලා ආරංචියක් ආවා.

ඒ එන අමුත්තා ගැනත් තීක්ෂණගේ අලුත් විස්තර ගැනත් ඔහු සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

තීක්ෂණට අලුත් පදවියක් ලැබෙන්න යනවා නේද?
ඔව්,මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

තව කොච්චර කාලෙකින්ද පුංචි අමුත්තා පවුලට එකතු වෙන්නේ?
ජූලි මාසේ මුල තමයි ඒ පුංචි අමුත්තා අපිට ලැබෙන්නේ.

දුවෙක්ද, පුතෙක්ද හා හා පුරා කියලා පවුලට එකතු වෙන්නේ?
පුතෙක් තමයි අපි අතරට එන්නේ. එයා එනතුරු තමයි අපි බලාගෙන ඉන්නේ.

තීක්ෂණයි බිරියයි දෙන්නම මුලින්ම හීන දැක්කේ පුතෙක් වෙනුවෙන්ද?
මම නම් මුලින්ම කැමැත්තෙන් හිටියේ දුවෙක්ට වයිෆ් නම් කැමැත්තෙන් හිටියේ පුතෙක්ට, ඉතිං පුතෙක් හම්බ වෙන්න ඉන්නේ කියලා දැනගත්තාම පුතෙක් මුලින්ම හම්බ වෙන එකත් හොඳයි කියලා හිතුවා.

සමහරු මුලින්ම පුතෙක් පවුලට එකතු වෙන්වට කැමතියි තීක්ෂණැ මුලින්ම දුවෙක් බලාපොරොත්තු වුණේ ඇයි?
මගේ පවුලේ ඉන්නේ අක්කයි, මමයි. අම්මයි තාත්තයි කොහේ හරි ගියාම මාව බලාගත්තේ අක්කා. 

අම්මා නැති කලට බත් උයලා දෙනවා මට. ආයිදීඝං වස්ස සතං අක්කා පාදං නමා මහං කියලා අක්කා වෙනුවෙන් මම ගථාවකුත් හදලා තිබුණා. 

දුවෙක් මුලින්ම ඉපදුණොත් ඊලඟට හම්බ වෙන කෙනාව බලා ගනී කියන අදහසින් තමයි දුවෙක් ගැන හිටභුවේ. ඒත් පුතෙකුත් හොඳයි.

අලුත් අමුත්තෙක් එන නිසා සතුට නිම් හිම් නැතිව ඇති?
ඒක වෙනම ෆීලින්ග් එකක්. සතුටක් වගේම ලොකු වගකීමකුත් දැනෙනවා. ඒ ෆීල් එක වෙනස් විදිහේ එකක්.

විවාහය නිසා තනිකඩ ජීවිතේ නිම වුණානේ. දරුවා නිසා තිබ්බ නිදහසත් සීමා වෙලා වගකීම් නේද වැඩිවෙන්නේ?
විවාහ වෙද්දිත් මම හරිම සැහැල්ලුවෙන් ඒ හැමදේටම මුහුණ දුන්නා බිරියයි මමයි ඕනෑවට වඩා දේවල් ගැන හිතෙන්නේ නැහැ ඉතිං මේ අභියෝගයටත් අපි සැහැල්ලුවෙන් මුහුණ දෙනවා.

දරුවෙක් ජිවිතයට එනවා කියන්නේ අහියෝගයක්ද?
අහියෝගයක් කියලා තමයි හිතෙන්න වෙන්නේ. 

අපේ අම්මලාට නම් දරුවෙක් හදන එක ලොකුවට දැනෙන්නේ නැතිව ඇති. 

ඒත් දැන් කාලේ වෙනස්. දරුවා නිරෝගීව වගේම හොඳට හදන්න. එයාලට උගන්නන්න ඇත්තටම අභියෝග ගොඩක් තියෙනවා.

පුතා වෙනුවෙන් ගීතයකුත් කරන්න සුදානම් වෙනවලු නේද?
ඕව් පුතා වෙනුවෙන් "ආදර පුතේ" කියලා ගීතයක් කරනවා. ඒ මුල් පද පේළි හිතට අවෙත් මට. 

අපිට එයා දකිනකල් ඉවසිල්ලක් නෑ. කවදද එන්නේ කියලා බලාගෙන ඉන්නේ. ඉතිං මේ සින්දුව කරන්න අදහස ආවම ඒ ගීතයේ පද රචනය කරන්න දුන්නේ සත්සර කසුන්ට. 

ට්‍රැක් එක කළේ අමිත් ගුරු අමිත්ගේ බිරියත් ගැබිනියක් නිසා එයා ඒ ෆීල් එකෙන් ට්‍රැක් එක කළා. 

ඒ නිසා වැඩේ ලස්සනට කෙරුණා. තව සති දෙකකින් විතර වීඩියෝවක් එක්කම ඒ ගීතය රිලීස් කරනවා. 

තීක්ෂණ මේ දවස්වල සංගීත කටයුතුවලටත් කාර්යබහුල ඇති?
ඔව්.මේ දවස්වල ගොඩක් බිසී. අප්‍රේල්වලත් ෂෝ තියෙනවා. 

ඒ නිසා දිගටම ඒ වැඩවලටත් කාර්යබහුලයි. ඒ වගේම Octavev බෑන්ඩ් එකේ වැඩත් කරගෙන යනවා.

තීක්ෂණට මුල් කලේ ලොකු ඉල්ලුමක් තිබුණා තාමත් ක්ෂේත්‍රය ඇතුළේ ඒ ඉල්ලුම තියෙනවද?
ආපු කාලේ ලොකු ඉල්ලුමක් තිබුණා. 

ඒ කාලේ මම හැම නගරයකම සංගීත ප්‍රසංගවලට ගීත ගායනා කළා. හැබැයි දැන් වෙනදා තර්ම්ම ෂෝ නැති අවස්ථා තියෙනව. හැබැයි මේ අවුරුද්දේ මේ මාසේ ඉඳන් රට වටේ යන්න තියෙනවා වැඩවලට.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ansathu Heene - Kasun Hettihewa
Ansathu Heene
Kasun Hettihewa
⤵  568 Downloads

Samada Man Obe - Gayan Arosha
Samada Man Obe
Gayan Arosha
⤵  740 Downloads

Keles Mala - Madusha Ramasinghe
Keles Mala
Madusha Ramasinghe
⤵  390 Downloads

Therunoth Kawadha Ho - Suneth Warnasooriya
Therunoth Kawadha Ho
Suneth Warnasooriya
⤵  4,391 Downloads

Sithin Parami - Anjalika Frnando
Sithin Parami
Anjalika Frnando
⤵  5,188 Downloads

Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  23,282 Downloads

Pawukarayek Nisa - Kawishka C Lakshman
Pawukarayek Nisa
Kawishka C Lakshman
⤵  4,033 Downloads

Mithuri - Suresh Fernando
Mithuri
Suresh Fernando
⤵  1,590 Downloads

Mage Adariye - Nalin Shirantha
Mage Adariye
Nalin Shirantha
⤵  7,463 Downloads

Asura Magen - Charith Manawadu
Asura Magen
Charith Manawadu
⤵  8,868 Downloads



Top 10 Commenters

Latest Comments

Top