කප්ලන් ඩොගාන් ජර්මනියේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන ඉංජිනේරු සිසුවෙකි. විසිපස් හැවිරිදි වියේ පසුවන මොහු තුර්කි ජාතිකයෙකි. ඩොගාන් මීට මාස දෙකකට පමණ ඉහතදී එම විශ්වවිද්‍යාලයේ මිතුරකු සමග මෙරටට පැමිණියේය. ඒ මේ පුංචි දිවයිනේ අසිරිය විඳදරා ගැනීම සඳහාය. කප්ලාන් ඩොගාන් මෙරටදී මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූයේය. හේ සැම දිනකම පාහේ සැර මත්කුඩු වර්ග පානය කළේය. මරුජුවානා නමැති මත්කුඩු වර්ගයට මොහු දැඩි ලෙස ඇබ්බැහි වී සිටියේය.
මත්කුඩු පානය කිරීම නතර කරන ලෙස ඩොගාන්ගේ මිතුරා මොහුට කෙතරම් අවවාද කළත් ඔහු එය තඹදොයිතුවකට ගණන් ගත්තේ නැත. මේ නිසා ඩොගාන්ගේ මිතුරා යළි ජර්මනිය බලා පිටත්ව ගියේය. කප්ලාන් ඩොගාන් මෙරට තනි විය. මොහු මත්කුඩුවලට තදින් ඇබ්බැහි වී සිටියේ කෙතරම්ද යත් මේ වනවිට ඩොගාන්ගේ සිහි විකල් වී තිබුණි. තමන් කරන්නේ කුමක්‌ද කියා ඩොගාන් දැන සිටියේ නැත. කොටින්ම කිවහොත් ඩොගාන්ගේ මනස විකල් වී තිබුණේය.
ගාල්ල වක්‌වැල්ල මාර්ගයේ සුපිරි වෙළෙඳසළක් අසල නතරකොට තිබූ යතුරුපැදියක් රැගෙන යැමට ඩොගාන් උත්සාහ කළේය. ඔහු යතුරුපැදිය රැගෙන තල්ලුකරගෙන යන්නට විය. මෙය දුටු ඒ අවට සිටි අය ඩොගාන් අල්ලා පොලිසියට භාර දුන්නේය. සැබැවින්ම ඩොගාන් මේ දේ කළේ විකල් වූ සිහියෙනි. ඩොගාන්ට යතුරු පැදිය සොරකම් කිරීමේ ෙච්තනාවක් තිබුණේ නැත. ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් ඩොගාන් යතුරුපැදියක් සොරකම් කිරීමේ චෝදනාව යටතේ ගාල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. අධිකරණය මගින් රුපියල් පන්දහසක මුදල් ඇපයක් මත හා ශරීර ඇප දෙකක් මත ඩොගාන් මුදාහැරියේය.
එහෙත් මෙකී ඇප ලබාදීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ නිසා ඩොගාන්ට බන්ධනාගාරගත වීමට සිදු විය. මත්කුඩුවලට තදින් ඇබ්බැහි වීම නිසා විකෘති වූ මානසික තත්ත්වයෙන් පසුවූ ඩොගාන් බන්ධනාගාරගත කිරීමෙන් පසු තවත් ප්‍රකෝපකාරී තත්ත්වයට පත්විය. මොහු බන්ධනාගාරය තුළදී ද පිස්‌සු නැටුවේය. අනික් කාරණය වන්නේ ඩොගන්ට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට නොහැකි වීමයි. මොහු දැන සිටියේ ජර්මන් හා තුර්කි භාෂාව පමණි. පොලිස් නිලධාරීන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද තුර්කි හා ජර්මන් භාෂාවන් දැනසිටියේ නැත.
කොටින්ම කිවහොත් පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් කියන දේ ඩොගාන්ට තේරුණේ නැත. ඩොගාන් කියන දේ පොලිස් නිලධාරීන්ට හා බන්ධනාගාර නිලධාරීන්ට තේරුණේ නැත. විකෘති වූ මානසික තත්ත්වයෙන් පසු වූ ඩොගාන් අධිකරණය තුළදී ද යකා නැටුවේය. හේ අධිකරණයෙන් පැන යැමට උත්සාහ කළේය. මත්කුඩු පානය කිරීම නිසා මොහු අධිකරණය තුළදී ද ප්‍රකෝපකාරී ලෙස හැසිරුණේය.
තම පුතු බන්ධනාගාරගතව සිටින බව ඩොගාන්ගේ මවට ද දැනගන්නට ලැබුණේය. ඇය පදිංචිව සිටියේ තුර්කියේය. ඒ වනවට ඩොගාන්ගේ පියා පිළිකා රෝගයට ලක්‌වී අසාධ්‍ය තත්ත්වයෙන් ජර්මනියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියේය. සැමියා බැලීමට ජර්මනියට යනවාද නැති නම් බන්ධනාගාරගතව සිටින පුතු බැලීමට ලංකාවට පැමිණෙනවාද යන්න පිළිබඳ තීන්දුවක් ගැනීමට ඩොගාන්ගේ මවට සිදු විය.
ඇය තම පුතු බේරාගැනීම සඳහා මෙරටට එමට තීන්දු කළාය. ඒ අනුව ඇය ඩොගාන්ගේ සහෝදරයකු හා මිතුරකු සමඟ මෙරටට පැමිණියාය. මිතුරාට හොඳින් ඉංග්‍රීසි බස කතා කිරීමට හැකියාව තිබුණි. ජර්මන් භාෂාව දන්නා නීතිඥයකු ගාල්ලේ සිටින බවට මේ අයට දැනගැනීමට හැකි වූ අතර හේ අන් කිසිවෙක් නොව නීතිඥ තුෂාර ද සිල්වාය. ඩොගාන්ගේ මවත් සහෝදරයාත් මිතුරාත් පැමිණ නීතිඥ තුෂාර ද සිල්වා මහතා හමුවිය. ඉක්‌බිති තුෂාර සිල්වා ඩොගාන්ගේ නඩුවට අදාල ලිපිගොනුව පරීක්‌ෂා කරනු ලැබීය. ඒ අනුව අධිකරණය මගින් ඇප නියමකොට ඇතත් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු ඇප තැබිය යුතු විය. ඇප තැබීමට ඩොගාන්ගේ මව හා සහෝදරයා ඉදිරිපත් වුවද එය සාර්ථක වූයේ නැත.
"එහෙනම් අපි මෝසන් එකක් දමමු. විවෘත අධිකරණයේ මෙම නඩුව කැඳවීමට ඉල්ලීමක් කරමු. තුෂාර සිල්වා මේ අයට යෝජනා කළේය. ඒ අනුව නීතිඥ තුෂාර ද සිල්වා මහතා ඩොගාන් චෝදනාවලට වරද පිළිගැනීමට සූදානම් බවත් බන්ධනාගාරයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් තුෂාර අධිකරණයට කරුණු දැක්‌වීය.
ඒ වනවිට ඩොගාන් තුර්කි තානාපතිවරයාට බැලිමට අවශ්‍ය නිසා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගොස් තිබුණි. තුෂාර ද සිල්වා එම බන්ධනාගාරයට ද කතා කොට ඩොගාන් ගාල්ල බන්ධනාගාරයට ගෙන්වා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි. එහෙත් ඩොගාන් තුළ පැවති මානසික විකෘතිතාව බිඳකින් හෝ අඩුවී නොතිබුණි. අධිකරණ කුඩුව තුළද ඔහු හැසිරුණේ ප්‍රකෝපකාරී අයුරිනි. ඇඳුම් ඉරා දමමින් පිස්‌සෙකු ලෙස හැසිරුණේය. කුඩුවේ තබා ගැනීමේ බැරිම තැන ඩොගාන් යළි බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.
බන්ධනාගාරය තුළදී හේ වැසිකිළියට ගොස් එම ජරාව හිස මත හලා ගන්නේය. මේ අයුරින් ඩොගාන් බන්ධනාගාරය තුළදී හැසුරුණේ පිස්‌සෙකු මෙනි. මෙය බන්ධනාගාර නිලධාරීන්ටද මහත් ගැටලුවක් විය. ඩොගාන් මෙම බන්ධනාගාරය තුළ තබා ගන්න බැහැ. බන්ධනාගාර නිලධාරීන් මැසිවිලි නඟන්නට වූහ. ඒ විතරක් නොව මොහු මාංචු දමා පවා අධිකරණය වෙත රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදාවිය.
ඇත්තටම ඩොගාන් තියා ගන්න බන්ධනාගාරයේ පවා පහසුකම් තිබුණේ නැහැ. බන්ධනාගාර නිලධාරීන්ට කරන්න දෙයක් නැතිම තැන මෙම තරුණයා වෙනම ස්‌ථානයක රඳවා තැබුවා. නමුත් මොහුගේ මානසික තත්ත්වය එන්න එන්නම භයානක වුණා. මෙයා බන්ධනාගාරයට පමණක් නෙවෙයි, අධිකරණයටත් ප්‍රශ්නයක් වුණා. අධිකරණ කූඩුවේ තියාගෙන ඉන්න බැහැ. එහෙ ඉඳන් කෑගහනවා. ඇත්තටම මෙයා හොරකමක් කරන ෙච්තනාවෙන් නෙවෙයි මේක කරලා තියෙන්නේ. දණ්‌ඩ නීති සංග්‍රහයේ 366 වගන්තියේ එන කරුණු මෙතන නැහැ. සාපරාධී සාවද්‍ය පරිහරණය යටතේ මේක ගන්න පුළුවන් ඒ කියන්නේ වෙන කෙනෙකුට අයිති දෙයක් මෙයා පාවිච්චි කරලා තියෙනවා. මේ ගැන මා අධිකරණයට කීවා මහෙස්‌ත්‍රාත් තුමාත් ඒක පිළිගත්තා.
මහෙස්‌ත්‍රාත්තුමා පොලිසියට නියෝග කළා, සාපරාධී සාවද්‍ය පරිහරණය යටතේ චෝදනාවක් ඉදිරිපත් කරන්න කියලා. එහෙම
වුණාම දෙපාර්ශවය ගෙනැවිත් සමථ කරන්න පුළුවන්. පස්‌සේ පොලිසියත් චෝදනාව සංශෝධන කරගෙන ඇවිත් තිබුණා. යතුරුපැදිකරුත් ආවා. අධිකරණයේ දී දෙපාර්ශවයම සමථයකට පත්වුණා. යතුරුපැදිකරුට රුපියල් 5000 ක මුදලක් ලබා දීමට මේ අය කැමැති වුණා." නීතිඥ තුෂාර ද සිල්වා කියන්නේය.
එදින පස්‌වරුවේ ඩොගාන් අධිකරණය වෙත රැගෙන එනවිට හැසිරුණේ ද පිස්‌සෙකු මෙනි. බිත්තිවල තම සිරුර හප්පවාගෙන තුවාල සිදුකර ගැනීමට උත්සාහ කරන්නේය.
ඇත්තටම ඩොගාන්ට මරුජුවානා නමැති මත්කුඩු වලින් තමයි, මේ පිස්‌සුව හැදුණේ. නමුත් ඔහු හිර කරන්න හිර කරන්න ප්‍රචණ්‌ඩත්වයට පත්වුණා. මටත් මහෙස්‌ත්‍රාත්තුමා කීවා, තුෂාර ඔයත් ප්‍රවේශම් වෙන්න කියලා. මෙයා අධිකරණය තුළ හැසිරුණේ ඒ තරම් ප්‍රචණ්‌ඩ විදියට. පස්‌සේ මව ගිහින් කීවා තව විනාඩි 30 කින් උඹ නිදහස් වෙනවා. අත්සන් කරාට පසු නුඹට ගමන් බලපත්‍රය ගන්න පුළුවන්. ටිකට් බුක් කරලා තියෙන්නේ. එදින රාත්‍රියේම ජර්මනියට යන්න පුළුවන් කියලා මව ලවා කියෙව්වා. ප්‍රචණ්‌ඩ විදියට හැසිරුණු මොහු ඊට පස්‌සේ මවත් එක්‌ක අධිකරණයෙන් එළියට ආවේ සම්පූර්ණයෙන් සුවපත් වූ පුද්ගලයකු විදියට ආවේ. නිදහස් වීමේ බලාපොරොත්තුව නිසා තමයි මොහු සන්සුන් පුද්ගලයෙකු විදියට. පස්‌සේ මොහු මවත් එක්‌ක ඇවිදගෙන අධිකරණයෙන් පිටවෙලා ගියා.
"පොලිසියේ ඇතැම් ක්‍රියාමාර්ග නිසා තමයි, මොහු මේ තත්ත්වයට පත්වුණේ. පස්‌සේ මොහු ජර්මනියට ගියා. මෙයාගේ සහෝදරයා මට ඊමේල් එකක් එවලා තිබුණා. දැන් ඔහු හොඳ තත්ත්වයෙන් ඉන්නවා කියලා පැහැදිලි ප්‍රකාශයක් කරමින් දිනපතා පුවත් පතක පළ වී තිබුණා.