Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
19
හිටපු ඇමති මර්වින් සිල්වා පාතාලේ "චව්චව්" වෙයි

- හිටපු ඇමති මර්වින් සිල්වා පාතාලේ "චව්චව්" වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,966 Views
අපහාස කරන්නේ අපිට විරුද්ධ අය... මං ඒවා ගණන් ගන්නේ නැහැ...
දේශපාලනයත් කලාවත් පොඩි කාලෙ ඉඳන්ම මගේ ඇඟේ තිබුණා...

දේශපාලන වේදිකාවේ පුවත් මවන චරිතයක් තමයි මර්වින් සිල්වා.

හැබැයි මේ දවස්වලනම් මර්වින් සිල්වා නිහඬ චරිතයක් වෙලා තියෙනවා.

හැබැයි එතුමා අලුත්ම වැඩකට අතගහන්න යනවා කියලා ආරංචියක් දැන් හැමතැනම වගේ පැතිරෙනවා.

දොස්තර හොදහිත අපි කුඩා කාලයේ හුගක් බලන්න කැමති නාට්‍යයක්. මෙය වේදිකා නාට්‍යක් ලෙස ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

එහි "චව්චව්"ගේ චරිතය රඟපාන්නේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතායි. 

මේ ඔහු ඒ ගැන සතිඅන්ත පුවත්පතකට පල කළ අදහසක්. 

දේශපාලන චරිතයක් වුණ මර්වින් සිල්වාට දොස්තර හොද හිත නාට්‍යයෙන් වේදිකාවට එන්න හිතුණේ ඇයි? 
මට වේදිකාව අලුත් තැනක් නෙවෙයි. කලාවක් මට අලුත් තැනක් නෙවෙයි. මම ඉස්කොලෙ යන කාලේ ඉදන්ම වේදිකා නාට්‍ය කළා.

වීර කොල්ලා. යුක්තිගරුක හා රූපය සාපය කියන නාට්‍ය තුනම මගේ නිර්මාණ. ඉස්කොලෙදී මම නැති වේදිකා නාට්‍යයක් නැති තරම්. ඒ නිසා මේ නාට්‍ය මට අලුත් අත්දැකීමක් නෙවෙයි.

ඒ කියන්නේ පාසල් කාලෙත් වේදිකාවෙ ඔබ කැපී පෙනෙන චරිතයක්? 
ඔව්. වීර කොල්ලා කියන වේදිකා නාට්‍ය මගේ නිර්මාණයක් වගේම ප්‍රධාන චරිතය වුණෙත් මම. ඒ වේදිකා නාට්‍ය ගොඩක් ජනප්‍රිය වුණා. කිහිප වරක්ම ගමේ කිහිප තැනකම ඒ නාට්‍ය පෙන්නුවා.

පාසලේදී මේ කළා කටයුතුවලට ගුරුවරුන් සහයෝගය දුන්නා. කොහොමත් දේශපාලනය වගේම කලාවත් පොඩි කාලෙ ඉදන්ම මගේ ඇගේ තිබුණා.

දේශපාලනයෙන් ඉවත් වෙලාද කලාවට කාලය වෙන් කරන්න හිතුවේ? 
අයින් වුණේ නැහැ. දේශපාලනයටත් මුලපුරන්නේ පාසල් කාලෙදීමයි. බෙලිඅත්තේ මම පාසල් යද්දී පහේ පන්තියෙදි විතර රැස්වීම්වලට කොඩි වනල තියෙනවා. මේ විදියට දේශපාලනය වගේම කලාවත් මට හුරුපුරුදුයි. චිත්‍රපට 3කත් මම රගපෑවා. 

විජය කුමාරතුංග එක්ක වගේම ලව් ඉන් බැංකොක් චිත්‍රපටයෙත් රගපෑවා. ඒ නිසා මට කලාව නම් අලුත් දෙයක් නෙවෙයි.

දොස්තර හොද හිත වේදිකා නාට්‍යයේ ඔබ චව් චව්ගේ චරිතයනේ නිරූපණය කරන්නේ. ඔබට ගැළපෙනම චරිතය ලැබිලා තියෙනවා කියලා සමහරු කියන්න පුළුවන් නේද? 
මෙහෙමයි කලාවට කෙනෙක් ආවම තමන්ට ලැබෙන චරිතයට අනුගත වෙලා තමයි රගපාන්නේ. 

ගාමිණී ෆොන්සේකා චණ්ඩියා, විජය කුමාරතුංග මරුවා සමග වාසය, චිත්‍රපටවල ප්‍රචණ්ඩ චරිත රගපෑවා. 

මේ අය සිනමාවේ ප්‍රවීණයෝ. ඒ අයගේ පෞද්ගලික චරිතයයි චිත්‍රපට චරිතයි දෙකක්. මේ දෙක පටලවාගන්න එපා. මගෙන් ඒ චරිතයෙදි බලාපොරොත්තු වෙන දෙයට මම කැපවෙලා රගපාන්න ඕන.

කලාව පෞද්ගලික ජීවිතයත් එක්ක පටලවාගන්න එපා. අම්බපාලිගේ චරිතයත් විවිධ අය කළා. කැලණි පාලම වේදිකා නාට්‍යයේ ගීතා කුමාරසිංහත් රගපෑවා. මේ විදියට අපිට චරිත අල්ලගෙන අපහාස කරන්නේ අපිට විරුද්ධ අය. මං ඒවා ගණන් ගන්නේ නැහැ.

ඔබ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් නිසා මේ වගේ චරිතයක් කරද්දී විවේචන, අපහාස එල්ල වෙන්න පුළුවන්. ඔබ ඒකට සූදානම්ද? 
මම කරන දේවල් ගැන තීරණ ගන්නේ මම. අනෙක් එක මම කවුරුත් කියන නිසා දෙයක් අතඅරින කෙනෙක් නෙවෙයි. 

මම කරන දේවල් ගැන අනෙක් අයට තියෙන අමාරුව මොකක්ද? ඒවා මම ගණන් ගන්නේ නැහැ. එයාලා මගේ ජීවිතේ කොටසක් නෙවේනේ. අනෙක් එක විවේචන කරන අයට මං ස්තූති කරනවා. මම ඒවාට කැමැතියි.

ඔබ නිතර විදෙස්ගත වෙනවා. වැඩසටහන්වලට සහභාගි වෙනවා. මේ කාර්යබහුලත්වය නිසා මේ නාට්‍යයට ඔබට සාධාරණයක් කරන්න පුළුවන්ද? 
ඔව් පාලකයෙක් වුණාම මිනිසුන්ගේ අවශ්‍යතා හදුනාගෙන වැඩ කරන්න හැකියාව තියෙන්න ඕන. තමන්ගේ එදිනෙදා වැඩ කරන්න කාලසටහනක් තියාගන්න. එතකොට ජීවිතේ ඕනම වැඩක් පිළිවෙළට කරන්න පුළුවන්.

ඉතින් මං කලාවටත් කැමති කෙනෙක්. ඒ දේවල්වලට මං කැපවීමෙන් වැඩ කරනවා. ඒ නිසා මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  9,163 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,143 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,616 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,284 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,201 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,875 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,991 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,610 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  853 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,352 Downloads



Top 10 Commenters

Latest Comments

Top