ආක්ෂා සුදාරි කියන්නේ පසුගිය දවස් ටිකේම ලොකු කතාබහක් ඇතිවුණු චරිතයක්.
මාස කිහිපයක් රූප තිරයේ දකින්න හිටියේ නැති ආක්ෂා දැන් ආයෙමත් දකින්න ලැබෙනවා.
ආක්ෂා ආදරේ ගැනයි විවාහ පොරොන්දු කඩ කිරීමේ සිද්ධියක් ගැනයි සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
මල්ලි කෙනෙකුට ආදරේ කරලා තියෙනවද..?
නෑ.. මම එහෙම වයසින් බාල කෙනෙකුට ආදරේ කරලා නෑ.
ඒත් ඉතිං එහෙම දේවල් සමාජයේ තියෙනවා. බැණුම් අහන වීඩියෝවේ පෙන්නන්නේ එහෙම සිද්ධියක් තමයි.
බොලිවුඩ් යන්න ආසාවෙන් නේද ඉන්නේ..?
ආසයි නම් තමයි. ඒත් තාම කෝ ආරාධනාවක් නෑනේ.
ආක්ෂාට බොලිවුඩයෙන් ආරාධනාවක් ලැබෙයිද..?
බලමු... ඒක ලේසි නෑනේ.. රඟපාන්න පුළුවන් වෙන්න ඕන.
ඒ වගේම වාසනාව තියෙන්න ඕනේ.
බොලිවුඩ් ගිහින් රඟපාන්න කැමති නළුවෙක් ඉන්නවද..?
ඔව්.. ඒ වරුන් ධවාන්. එයා එක්ක රඟපාන්න ලැබෙනවානම් මම හුඟක් ආසයි.
වරුන් ධවාන් එක්ක රඟපාන්න ලැබුණොත් මොනවා හිතේවිද..?
දවස් දෙක තුනක් යනකං කතා කරගන්න බැරිව ඉදීවි. එච්චරට මම එයාට ආසයි.
වරුන් ධවාන් හැබැහින් දැකලා තියෙනවද..?
නැහැ. ලියලා තියෙනවා. මගේ ගිය අවුරුද්දේ උපන් දිනේට එයා මට සුබ පතලා තෑග්ගක් එව්වා.
ටී ෂර්ට් එකක හැපි බර්ත් ඩේ කියලා වරුන් අත්සන් කරලා තිබුණා.
කවදාහරි වරුන් ධවාන්ව බලන්න යන්න ලැබුණොත් මම ඇඳගෙන යන්න ඉන්නේ ඒ ටී ෂර්ට් එක තමයි.
විවාහ පොරොන්දු කඩකිරීමේ සිද්ධියක් ගැන ආක්ෂාට නඩුවක් වැටුණා නේද..?
ඔව්... තවම ඒ නඩුව ඉවර නැහැ.. අන්තිමට මට සාධාරණ තීන්දුව්ක ලැබේවි කියලා හිතාගෙන ඉන්නවා.
නඩුව ඉවරවුණු දවසට ඒ ගැන හොඳ සවිස්තර වාර්තාවක් දෙන්නම්කෝ.
නඩුවක් නිසා ජීවිතේ නාස්ති වුණා කියලා හිතෙන්නේ නැද්ද..?
කවදාවත් මට එහෙම හිතෙන්නේ නැහැ. කවුද මගේ ගැන එහෙම කියන්නේ. මටවත් එහෙම හිතෙන්නේ නැතිකොට කාටද ඒ ගැන ප්‍රශ්නයක් තියෙන්නේ.
නඩුව ඉවර වෙනකල් ආක්ෂාට විවාහ වෙන්න බැරිද..?
එහෙම එකක් නෑ. නඩුවයි, විවාහයයි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ.
මට අවශ්‍ය වුණාම විවාහ වෙනවා. එච්චරයි.
මේ දවස්වල කාටද විවාහ පොරොන්දු දීලා තියෙන්නේ..?
මේ දවස්වල මම පෙම්වතියක් නෙවෙයි.
දැන්ම ආපහු ආදරයක් ගැන හිතන්නේ නැහැ. මට ජීවිතේ ඉලක්ක ටිකක් තියෙනවා.
ඒවා සම්පූර්ණ කරගන්නකල් විවාහ වෙන්නේ නැහැ.
මොනවද ඒ ඉලක්ක..?
ඉලක්ක නෙවෙයි.. ඒවා හීන. ඒ ගැන දැන්ම කට ඉස්සර කරගන්න බැහැ.
ආපහු කෙට්ටුවෙන හීනයනම් ඉෂ්ට කරගෙන වගේ..?
ඔව්.. මම පසුගිය කාලේ ටිකක් මහතට හිටියේ.
කෙටි කෑම කන්න මම හරි පෙරේතයි. දැන් නම් ටිකක්වත් එහෙම පෙරේත නැහැ.
දැන් කන්නේ සෞඛ්‍යවත් කෑම විතරයි. පසුගිය කාලේ ඉන්දියාවේ ඉද්දි කට පරිස්සම් කරගෙන කෙට්ටු වුණා.
වැඩිපුර සතුටු වෙන්නේ මොන්වගේ දේවල්වලින්ද..?