Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
18
පාළු නිවසක රෝගී පුතෙක් සමග තනිව අසරණ වු මනම්පිටියේ මවකගේ සංවේදී කඳුලු කතාව - Photos & Video

- පාළු නිවසක රෝගී පුතෙක් සමග තනිව අසරණ වු මනම්පිටියේ මවකගේ සංවේදී කඳුලු කතාව - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,458 Views
මහත්තයා බල්ලෙක් හපලා මියගියා, එක දුවක් වෙඩි වැදිලත්, අනෙක් දුව පපුවෙ අමාරුව හැදිලත් මියගියා...

ජීවත්වෙන්නේ අසල්වැසියන්ගෙන් ලැබෙන ආහාරවේලකින්...

රෝගී පුතු සමඟ මෙලොව තනිවූ අසරණ මවක් පිළිබඳව පුවතක් මනම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.නැගෙනහිර මනම්පිටිය සුසාන භූමිය අසල පාළු නිවසකයි මෙම අසරණ මව තම රෝගී දරුවා රැකබලාගනිමින් දිවි ගෙවන්නේ.

2002 වසරේ සිට මෙම පාලු නිවාසේ තම 44 වියැති රෝගී පුතු සමඟ මෙම නිවසේ වාසය කරන ඔවුන් ජීවත්වන්නේ අසල්වැසියන්ගෙන් ලැබෙන ආහාරවේලකින්.

කෙසේ වෙතත් සියලු දුක් වේදනා දරාගනිමින් මානසික ආබාධයකින් පෙලෙන තම පුතු පෝෂණය කිරීමට මෙම අසරණ මව ගමපුරා ඇවිදිමින් කරන කැපකිරීම අතිශයින් සංවේදීයි.

තම කටුක අත්දැකීම සෝමාවතී මාතාව අප සමඟ පැවසුවේ මෙලෙසයි.

"මගේ මහත්තයා සර්ප වෙදකම් කරලා, කැඩුම් බිඳුම් වෙදකම් කරලා ජීවත් වුනා. එයාව බල්ලෙක් හපලා 83 දී මැරුණා. 1984 දී වැලිඔයදී වෙඩි වැදිලා දුවක් මැරුණා. එතකොට එයාට වයස 19 යි. ඊළඟ දුව 99 දී පපුවේ අමාරුවක් හැදිලා මැරුණා . එතකොට එයාට වයස අවුරුදු 38 යි. 2000 අවුරුද්දේ මගේ පුතෙක් ගාමේ පිරිසක් බීලා කපලා කොටලා මැරුවා. ඊට පස්සේ මමයි මගේ බාල පුතයි මෙලොව තනි වුනා. දැන් මටත් අමාරුයි මට අවුරුදු 85 යි. පුතාට අවුරුදු 44 යි.

පුතා අවුරුදු 15 ඉඳලා මානසික රෝගයකින් පෙළෙනවා. වැඩක් පළක් මහන්සි වෙලා කරන්න බෑ. එයා පුළුවන් කාලේ කුලී වැඩ කරලා ඉතිරිකරගත්ත රුපියල් 40000 කට මේ ඉඩම ගත්තා. ගල්, වැලි, උළු ටිකක් ඉල්ලාගෙන කිහිප දෙනෙකුගේ උදව්වෙන් මේ කුඩා කාමරේ හදාගත්තා. අපි කාල බීල ඉන්නේ අනුන් දෙයක් දුන්නොත් විතරයි. නැත්නම් ගෙයක් ගානේ ගිහින් මොනවාහරි ඉල්ලගෙන ඇවිත් පුතාට කවනවා. දැන් මටත් ඇවිදින්න අමාරුයි ඒත් බැරි බැරි ගානේ ගිහිං තමයි මෙහෙමවත් ජීවත් වෙන්නේ.

අපිට වතුර, ලයිට්, වැසිකිළි මොකුත් නැහැ. මම බොන්න වතුර බූලියකට අහල පහල ගෙවල්වලින් ඉල්ලගන්නවා. මේ සොහොන අයිනේ ඉන්නෙත් අලින්ට බයෙන්. පිනක් දහමක් කරගෙන පන්සලට ගිහින් සිල් ගන්න ආශාව තිබුනත් ඒ දේ කරගන්න මට ඇඳුම් පැළඳුම් , මිල මුදල් නෑ මහත්තයෝ පුතාට රුපියල් 300ක් දීමනාවකුත්, මට මහජන ආධාරයකුත් ඒ ජී කාර්යාලයෙන් ලැබෙනවා. එත් අපිට බෙහෙත් ටිකක් ගන්නවත් ඒ මුදල මදියි".

අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  3,378 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,715 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  53,968 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,421 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,572 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,204 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,899 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,265 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,979 Downloads



Top 10 Commenters

Latest Comments

Top