Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
18
‘‘මට තාම පෙම්වතියක් වෙන්න පුළුවන්..“ ළඟදි පතිකුලයට ගිය ගීතිකා රාජපක්ෂ හිරු ගොසිප් වෙත කිව්ව කතාව

- ‘‘මට තාම පෙම්වතියක් වෙන්න පුළුවන්..“ ළඟදි පතිකුලයට ගිය ගීතිකා රාජපක්ෂ හිරු ගොසිප් වෙත කිව්ව කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,450 Views
‘‘මම මගේ සීමාව හඳුනාගෙන රගපාන්නේ...“

‘‘අම්මා කෙනෙක් වෙන්න ආසයි...“

පුංචි තිරයේ තොරතෝංචියක් නැතුව කියවන චරිතයක් නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. ඇය නමින් ගීතිකා රාජපක්ෂ. විවාහ වෙලා මාස හය හතක් ගත වුණා. නමුත් ඉස්සර තරම් ඇය රඟන නිර්මාණ දකින්න ලැබෙන්නේ නැහැ. විවාහය රඟපෑමට හරස් වෙලාද කියලා දැන ගන්නත් එක්ක අපි ඇයව හිරු ගොසිප් සංවාදයකට එක්කර ගත්තා. මේ ඇගේ අලුත් තොරතුරුයි.

කොහොමද අලුත් ජිවිතේ ..විවාහයේ වගකීම දැනෙනවා වැඩි ඇති ..?

අලුත් ජීවිතය සුන්දරයි. සතුටින් ගෙවෙනවා. වගකීම දැන් ටිකක් දැනිලා තියෙන්නේ. ඒත් ඒක මට බරක් වෙලා නැහැ.

ගිතිකාගේ ඳගකාර රඟපෑම දැන් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. විවාහය රඟපෑමට හරස්වෙලා වගේ නේද ..?

විවාහ ජීවිතය මගේ රගපෑම් ජිවිතයට නම් හරස් වෙලා නැහැ. තනිකඩ ජීවිතය කියන්නේ වගකීම් ඒ තරම්ම නැහැ. ඒ නිසා ඕන තරම් නිර්මාණ භාර අරගෙන නිදහසේ රංගනයේ යෙදෙන්න පුළුවන්. නමුත් ඒ ජීවිතය දැන් ටිකක් වෙනස් වෙලා. හැමදාම එක වගේ ජිවත් වෙන්නත් බැහැනේ. ඒ නිසා මට මගේ විවාහ ජීවිතය සාර්ථකව ගෙවන්න පුළුවන් වටපිටාවක් හදාගෙන රංඟනයේ යෙදෙනවා. ඒකට කිසිම විදිහකින් තහනම් තහංචි වැටිලා නැහැ.  මම මගේ සීමාව හඳුනාගෙන රඟපාන්නේ.

ඒ කියන්නේ විවාහ වුණත් පෙම්වතිය විදිහට කැමරාව ඉදිරියේ වෙනත් පිරිමියෙක්ගේ ආදරයට නතු වෙන්න අවසර තියෙනවා. එහෙමද ..?

ඔව්. මට තවම පෙම්වතිය විදිහට රංගනයේ යෙදෙන්න පුළුවන්. විවාහ වුණා කියලා පෙම්වතියගේ චරිතය මට තහනම් වෙලත් නැහැ. මමත් ආසයි මම රඟපානතුරු පෙම්වතියගේ චරිතය රඟපාන්න පුලුවන්නම්. ඒක රගපෑමක් විතරයිනේ.

චරිත තෝරලා දෙන්නේ සැමියා කියනවා ..ඇත්තද ..?

හර්ෂ මලිත් දික්මාදුගොඩ තමයි මගේ සැමියා. එයත් කලාවට සම්බන්ධ නිසා මට ලොකු උදවුවක් ලැබෙනවා. මට චරිතයක් ලැබුණොත් එයා එක්ක කතා බහ කරනවා .ඒක ඇත්ත. නමුත් එයාම නෙමෙයි තෝරලා දෙන්නේ. මම රඟපාන්න ආස නිසා එයා මගේ කැමැත්තට ඉඩ දීලා තියනවා. ඒ වගේම මම මට ලැබෙන ගැන එයත් එක්ක කතා කරනවා. සමහර වෙලාවට මොන වගේ රංගන පරාසයකට යන්න ඕනද කියන එක පවා කියන්න දැණුමක් එයාට තියනවා. ඒ නිසා ඉස්සරට වඩා මට දැන් එයාගෙන් හැම පැත්තකින්ම උදවු ලැබෙනවා. සමහර වෙලාවට එයාගේ වැඩ පැත්තක දාලා මගේ වැඩ වලට එනවා. ඒ ලැබෙන සහයෝගයම මදිද ඉතින්.

ගෘහණිය කියන චරිතය හරියට ඉටු කරන්න පුළුවන් වුණාද ...?

තවම උත්සහා කරනවා. අපි දෙන්නා විවාහ වුණාට පස්සේ තනියම ජිවත් වෙන්නේ. ගෙදර සියලු වැඩ මම කරන්න ඕන.හර්ෂගෙනුත් උදවු ලැබෙනවා. මමමයි උයන්නේ. හර්ෂ කියනවා මගේ කෑම රසයි කියලා. තවම නම් චෝදනාවක් කරලා නැහැ. උදේ කෑම එක කනකොට දවල් වෙනවා. දැනට අපි දෙන්නට තියන එකම ප්‍රශ්නේ එකයි. වෙන කිසිම ගැටලුවක් නැහැ.

විවාහයත් එක්ක රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර අඩු වෙලාද ..?

ප්‍රතිචාර වල නම් අඩුවක් වෙලා නැහැ.නමුත් තවම ප්‍රතිචාර ලැබෙන්නේ මම රඟපෑව පරණ නිර්මාණවලට. අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණාට ඒ චරිත ජනතාවගේ හිත්වලට ගිහින් නැහැ වගේ කියලයි මම හිතන්නේ. කොහොම නමුත් හරි ඉක්මනටම මම ගැන කතා කරන හොද නිර්මාණයකට සම්බන්ධ වෙන්න ඕන .

අලුත් නිර්මාණ ගැනත් මතක් කරමු ...?

දිලුක ගුණතිලක මහතා අධ්‍යක්ෂණය කරන ශ්‍රීනාත් සිල්වා මහතා හා සමුද්‍රා හික්කඩුව මහත්මිය නිෂ්පාදනය කළ හොද නිර්මාණයකට සම්බන්ධ වුණා.හිරු රුපවාහිනියේ විකාශය වෙන සිකුරු ලන්තය කියන නාට්‍යටත් සම්බන්ධ වුණා.අලුත්ම නාට්‍යකට ආරාධනා ලැබුණා. ඒක මේ මාසේ අන්තිමට රූගත කරනවා.

පුංචි පවුල සම්පුර්ණ කරගන්න ඕන කියලා දැන්ම හිතනවද ...?

අපි විවාහ වෙලා තවම මාස කිහිපයයි. තව ටික දවසක් මේ විදිහට ඉන්න ඕන. අම්මා කෙනෙක් වෙන්න ආසයි. ඒත් මේ ඒකට හොඳම කාලය නෙමෙයි. නමුත් ටික කාලයකින් ඒ ගැන හිතනවා .

- හර්ෂණී වීරරත්න .


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  1,367 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  558 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  288 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  227 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  2,905 Downloads

Husmatath Vada - Dilnuk Ranmila
Husmatath Vada
Dilnuk Ranmila
⤵  10,883 Downloads

Anagathe - Miron Sri
Anagathe
Miron Sri
⤵  5,076 Downloads

Hamada Rawata - Anjana Kalhara
Hamada Rawata
Anjana Kalhara
⤵  2,026 Downloads

Yanna Yaddi - Kasun Dilranga
Yanna Yaddi
Kasun Dilranga
⤵  6,495 Downloads

Me Pem Hasun - Harsha Hettiarachchi
Me Pem Hasun
Harsha Hettiarachchi
⤵  1,373 Downloads



Top 10 Commenters

Latest Comments

Top