තානාපති මල් වඩමකුත් තියලා...
මැෂින් එකකුත් අරන් ඇවිත්...
මොරගහහේන පොලිස් වසමේ යහලකැලේවත්තේ වසර හැට දෙකකට පෙර චේ ගුවේරා විසින් රෝපණය කරන ලද මැහෝගනි ගස ඇතුළු වටිනා දැව රහසිගතව කැපීමට සැලසුම් කළ සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර දිසා අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර මෙම සිවු දෙනා ස්‌වයංක්‍රීය කියත් හා උපකරණ උපයෝගී කරගෙන චේ ගුවේරා විසින් රෝපණය කරන ලද ගස ආසන්නයේ පිහිටි වටිනා ගස් කපා දමා ඇතැයි ද චේගුවේරා සිට වූ ගස කැපීමට පෙර එම පිරිස පොලිස් අත්අඩංගුවට පත්වූ බව ද පොලිසිය පවසනවා.
1956.08.8 වැනිදා කියුබාවේ සිට පැමිණි චේ ගුවේරා විසින් මෙම වත්තට පැමිණ නවාතැන් ගෙන සිට මෙම මැහෝගනි ගස සිටුවා ඇතැයිද සෑම වසරකම අගෝස්‌තු මස 8 වැනිදා කියුබානු තානාපතිවරයා පැමිණ මෙම ගස අසල මල් වඩම් තබා ෙච්ගුවේරා සිහිපත් කරන බවද පොලිසිය සඳහන් කරනවා.
කළුතර නියෝජ්‍ය පොලිස්‌පති ජී.කේ. පෙරේරා, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර දිසා අපරාධ අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‌ෂක සුනෙත් ශාන්ත, උප පොලිස් පරීක්‌ෂක ධම්මික යන නිලධාරීන් ඇතුළු පොලිස් කණ්‌ඩායමක් මෙම වැටලීම සිදු කර යහලකැලේ වත්තේ උසස් නිලධාරියකු ඇතුළු පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් සිවු දෙනා හොරණ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කපා හෙලන ලද මැහෝගනී ගස්‌වල වටිනාකම මෙතෙක් තක්‌සේරු කර නැති බවයි පැවසෙන්නේ.
මෙම සටහන දිනපතා පුවත්පතක පළවී තිබූ පුවතකින් සකස් කෙරිණි.