Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
17
මාළුකාරයෝ වගේ ඇවිත් වතුර ඉල්ලලා ඒරීස් - 13 නැව කොල්ලකාපු මුහුදු මංකොල්ලකාරයො ගැන ප්‍රධාන ඉංජිනේරුවරයා හෙළි කළ කතාව - Video

- මාළුකාරයෝ වගේ ඇවිත් වතුර ඉල්ලලා ඒරීස් - 13 නැව කොල්ලකාපු මුහුදු මංකොල්ලකාරයො ගැන ප්‍රධාන ඉංජිනේරුවරයා හෙළි කළ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,556 Views
‘‘හැම වෙලේම වෙපන් ඔලුවට තියලා තර්ජනය කළා...“
‘‘ලැප්ටොප්, ෆෝන් ඔක්කොම මංකොල්ලකාගෙන ගියා...“
‘‘උන්ට ඉංග්‍රීසි බැරි එක අපි අවියක් කර ගත්තා...“
‘‘අපි හිතුවා මූණ බඳිනකොට අපිව මරලා දායි කියලා...“

සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මිදුණු ඒරීස් - 13 ඉන්ධන නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය ඔවුන්ගේ බිහිසුණු අත්දැකීම හිරු සමග බෙදා ගත්තා. ඒ නෞකාව සෝමාලියානු ආරක්ෂාව යටතේ එරට බොසාසෝ වරාය වෙත රැගෙන යමින් තිබූ අවස්ථාවේදීයි.

දුරකථන ඔස්සේ අප සමග සම්බන්ධ වූ නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල තම නෞකාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවූ ආකාරය විස්තර කළා.

බෝට්ටු කිහිපයකින් පැමිණි ඔවුන් ධීවරයන් ලෙස අගවමින් පසුව නෞකාව යටත් කර ගත් බවයි ඔහු කියා සිටියේ.

ජලය අවශ්‍ය බව පෙන්වා ඔවුන් නෞකාවට ඇතුළු වූ බවත් ඉන් අනතුරුව ගිනි අවි පෙන්වමින් ඔවුන් නෞකාව යටත් කරගැනීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව ඔවුන් සතුව තිබූ ලැප්ටොප්, මුදල් සහ වටිනා භාණ්ඩ කොල්ලකෑ බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

පැහැර ගත් නෞකාවේ කාර්ය මණ්ඩලය ඊයේ (16) පස්වරුවේ හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් කියා සිටියේ සෝමාලි මුහුදු කොල්ලකරුවන් 70 කට ආසන්න පිරිසක් නෞකාවේ සිටින බවයි.

ඉන්ධන නෞකාවක් වූ ඒරීස් 13 වෙත වෙඩි තැබීමෙන් තමන්ගේ ජීවිත අවදානමකට ලක්වන නිසා ලක් රජය හරහා නෞකාව වටා යොදා තිබෙන සෝමාලියානු ආරක්ෂක අංශ ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස සෝමාලියානු රජයට දැනුම් දෙන ලෙස ඔවුන් එහිදී ඉල්ලා සිටියා.   

එම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැදිහත්වීමෙන් සෝමාලියානු රජය සමග සාකච්ඡා කර කඩිනම් පියවර ගැනීමට කටයුතු කරනු ලැබුවා.

ජනාධිපතිවරයා, නාවික හමුදාපතිවරයා අමතා ඒ සඳහා කටයුතු කරන ලෙස දැනුම්දී තිබූ අතර, බහරේන්හි පිහිටි ඒකාබද්ධ නාවික බලකාය සෝමාලි මුහුදු පොලිසිය අමතා නෞකාව දෙසට වෙඩි තැබීම නතර කරන ලෙස දන්වා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය ද ශ්‍රී ලාංකිකයන්, කොල්ලකරුවන් ග්‍රහණයෙන් මුදවා ගැනීමට මැදිහත් වූ අතර, හිරු ප්‍රවෘත්ති අංශය ඒ සදහා කළ දායකත්වය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයේ සියලුදෙනාම ස්තුතිය පළ කරන බවයි නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල සඳහන් කළේ.

එම වීඩීයෝව පහතින් බලන්න


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  7,153 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  11,740 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  8,138 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  10,392 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  7,452 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  4,156 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,218 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  8,610 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  12,014 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  18,551 Downloads



Top 10 Commenters

Latest Comments

Top