Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
17
‘‘මොකද එයා විවාහ වුණේ නිලියක් එක්ක.. එයා ඒක දන්නවා..“ - පියුමි බොතේජු - Photos - Exclusive

- ‘‘මොකද එයා විවාහ වුණේ නිලියක් එක්ක.. එයා ඒක දන්නවා..“ - පියුමි බොතේජු - Photos - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,568 Views
‘‘කොච්චර නැටුවත් මම කෙට්ටු වෙලා නැහැ..“
‘‘සමහර නළු නිළියන්ට රගපාන්න බැහැ.. දෙබස් කියන්න බැහැ..“

පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් නිතර දකින පියුමි බොතේජුව මේ දවස්වල නර්තන ශිල්පිණියක් විදිහටත්  දකින්න ලැබෙනවා. ඇගේ නර්තනය මුල්ම වතාවටයි Hiru Mega Stars රියැලිටිකරණයෙන් දකින්න ලැබෙන්නේ. රංගනයට වගේම නර්තනයට ඇයට ලැබෙන ප්‍රතිචාර ඉහල නිසා ඇයත් එක්ක හිරු ගොසිප් කතා කරන්න හිතුවා.

පියුමිව හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි වේදිකාවෙන්  දකින්න ලැබෙනවා. මේ දවස්වල ප්‍රතිචාර කොහොමද ..?
අපේ කණ්ඩායම සුර්යන්ස්. අවසන් මහා තරගයට තේරිලා තියනවා. ඒ ගැනත් සතුටු වෙනවා. ඒ වගේම මේ දවස්වල මගේ නර්තනයටත් හොද ප්‍රතිචාර ලැබෙනවා.

ඔබේ පළමු නර්තන රියැලිටිය මෙයයි. කොහොමද අත්දැකීම.. පියුමිට දැන් හොදට නටන්න පුළුවන් කියලා හිතෙනවද ...?
මිට කලින් එක එක රුපවාහිනී වැඩසටහන් වලට ගිහින් නර්තනයේ යෙදිලා තියෙනවා. නමුත් මම සම්බන්ධ වුණ මුල්ම රියැලිටි තරඟය මේ. මේක වෙනමම අත්දැකීමක්. තරඟකරුවන් හත්දෙනෙකුගේ දක්ෂතා වෙනස්ම විදිහට මේ   වැඩසටහන මගින් පෙන්නන්න පුළුවන් වෙලා තියනවා. කණ්ඩායමේ සහයෝගය නිසා අපිට නර්තනයෙන් යමක් කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. මගේ නර්තන හැකියාවත් දැන් දියුණු වෙලා තියනවා.

පහුගිය කාලේ වේදිකා නාට්‍ය වලින් පියුමිව දකින්න ලැබුණත්  දැන් ඔබව වේදිකාවෙන් දකින්න ලැබෙන්නේ නැහැ. වේදිකාවට සමුදීලද ..?
මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ඒ නිසා වේදිකා නාට්‍ය භාර ගත්තේ නැහැ. භාර ගන්න නිර්මාණයට සාධාරණයක් කරන්න බැරුව බොරුවක් කරන්න මම කැමති නැහැ. ඒ නිසා විවේකයක් ලැබෙන කාලෙකට ඒ ගැන හිතනවා.

ටෙලිනාට්‍ය , චිත්‍රපටි වගේම හඬකැවීම් ගැන කතා කළොත් ...?
අලුත් ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. චිත්‍රපටියකට ආරාධනා ලැබුණත් ඒ ගැන තවම සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. ඊට අමතරව සුපුරුදු විදිහට හඬකැවීම් කටයුතු වලට සම්බන්ධ වෙනවා. කාටුන්වලටත් විදෙස් නාට්‍යවලත් හඬකැවීම් කරනවා.

ඒ හඬකැවීම් කරන්නේ ඔබ බව හදුනා ගන්නවාද ..?
කාටුන්වලට හඬකැවීම් කරද්දී මම කියලා නම් හදුනා ගන්න අමාරුයි. හඬ වෙනස් කරන නිසා. නමුත් හින්දි නිර්මාණවලට මම හඬකවද්දී ඒ මම කියලා හුගක් අය හදුනා ගන්නවා. ඒ වගේ නිර්මාණ ගැන මාත් එක්ක කතාකරන රසිකයිනුත් ඉන්නවා.

පියුමි බොතේජු කියන චරිතය රංගනයට පිවිසිලා කාලයක් ගත වෙන නිසා ඔබේ හැකියාවට මිලක් නියම කරන්න ඔබට පුළුවන් වෙලා ඇති. ඔබ අය කරන මුදල වැඩිද ..?
සමහර නිර්මාණකරුවෝ අඩු මුදලක් වියදම් කරලා නිර්මාණ කරනවා. ඒ නිර්මාණවලට ගන්න සමහර නළු නිළියන්ට රගපාන්න බැහැ. දෙබස් කියන්න බැහැ. ඉතින් ලොකු කාලයක් ගත කරන්න වෙනවා වගේම අවසානයේදී වියදම් කරන මුදලත් වැඩි වෙනවා. ඒක නොතේරුම්කමද දන්නේ නැහැ. ඒ නිසා මම මගේ රඟපෑමට මිලක් නියම කරනවා. ගැලපෙන විදිහට. මම රගපාන්න මුදල විතරක් බලන්නේ නැහැ. විශේෂයෙන්ම නිර්මාණයේ ප්‍රමිතිය බලනවා. හොද නිර්මාණයක් නම් නිර්මාණයට තැන දීලා මුදල ගැන නොහිතා වැඩ කරපු අවස්ථාත් තියනවා. ඒ නිර්මාණයෙන් තෘප්තියක් ලබපු නිසා. නමුත් මම වෘත්තිය​ රංගන ශිල්පිණියක්. මගේ රැකියාව මෙය නිසා මට මුදල ගැන සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. ඒ සාධාරණ විදිහට. නිර්මාණය හොද නම් මුදල දෙවැනි තැනයි මම තියන්නේ කියලත් කියන්න ඕන.

පියුමි  තරබාරුකම අඩු කරගන්න උත්සහා කරනවා කියන්නේ ඇත්තද...මේ දවස්වල නටන නිසා ටිකක් කෙට්ටු වෙලාද..?
කොච්චර නැටුවත් මම කෙට්ටු වෙලා නැහැ. හොදට කන නිසා. මම කොහොමත් කෙට්ටු වෙන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. මම කෙට්ටු වුණොත් කැතයි. ඒ නිසා මේ විදිහට ඉන්නයි උත්සහා කරන්නේ.

තරුණ කලාකරුවෝ බොහෝ දෙනෙක් ජිම් යනවා. පියුමි ජිම් යන්නේ නැද්ද..?
මම ජිම් යන කෙනෙක් නෙමෙයි. ජිම් ගිහින් කාලේ ගත කරන්න  කැමැත්තක් නැහැ. මට අමාරුම දේත් අකමැතිම දේත් ඒකයි. ජිම් යනවා කියන්නේ කම්මැලි වැඩක්.

විවාහයෙන් පසුව රංගනයට සිමා වැටිලද ...?
සිමා වැටිලා නැහැ. මම සීමාවක් ඇතුව හැමදාම වැඩ කලේ. ඉස්සරහටත් එහෙමමයි. මම රංගනයට සමුදෙන්නෙත් නැහැ විවාහ වුණා කියලා. මොකද එයා විවාහ වුණේ නිලියක් එක්ක. එයා ඒක දන්නවා . කොහොමත්  සුනෙත් මට  නීති දාලත් නැහැ. මම කලාව නිසා හම්බකරගත් දේ බොහොමයි. මම මට කියලා ගෙයක් හදාගෙන වාහනයක් ගත්තා නම් ඒ මම මහන්සි වෙලා හම්බ කරපු මුදලිනුයි. ඒ හැමදේම ලැබුණේ  රංගනය නිසා.

නිලියක් වුණා කියලා ගෘහණියගේ වැඩකටයුතු මගහරවා ගන්නවාද...?
මම නිර්මාණ දැන් භාර ගන්නේ මට ගෙදර ඉන්න වෙලාවක් තියාගෙනයි. බිරිඳක් විදිහට මම යුතුකම් ඉටුකරනවා. ඒ වුණාට ගෙදර කුස්සිය තවම මම භාර ගත්තේ නැහැ. මගේ අම්මාගේ සහයෝගය තියන නිසා. අම්මා ගුරුවරියක්. අම්මා සිල් ගන්න යන දවසට හරි විශේෂ වැඩකට ගියොත් මම ගෙදර උයනවා. සුනෙත් කැමති විදිහට කෑම හදලා දෙනවා .අම්මාගේ කෑම මම උයන කෑමට වඩා හරිම රසයි. ඒ නිසා සුනේත්ගෙන් ප්‍රශ්නයකුත් නැහැ.

සාකච්ඡාව - හර්ෂණී වීරරත්න


Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  481 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  229 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,500 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  3,665 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,604 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,950 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  966 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,005 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  497 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,896 Downloads



Top 10 Commenters

Latest Comments

Top