දෙන්න ම උදේ ගමේ පන්සලේ සිල් අරගෙන...
අත් පොරවත් තබාගෙන එකට නිදාගෙන...
සැමියා සම්බන්ධව ඇතිව තිබු සැකයක් සැමියාට පොරවකින් කොටා තුවාල සිදුකර නිවසින් පැන ගොස් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත් කාන්තාවකගේ මළ සිරුරක් පනාමුර පොලිස් වසමේ ගමකන්ද බට පිඹුර ප්රදේශයේදී 15දා සොයාගෙන තිබෙනවා.
පනස් දෙහැවිරිදි ඇය ඌරුබොක්ක පොලිස් වසමේ දිද්දෙනි කන්ද පදිංචි ගීගනගේ සීලවතී සමරසිංහ නමැති පස් දරු මවක් බවට හඳුනාගෙන තිබෙනවා. ඇයගේ සැමියා පනස්හතර හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඉකුත් 12 දා පොහෝ දින මෙම කාන්තාව හා සැමියා ගමේ විහාරස්ථානයේ සිල් සමාදන් වී ආපසු සවස නිවසට පැමිණ තිබෙනවා.
ඒ අවස්ථාවේදී සිදු වූ බහින් බස් වීමක් දුර දිග යැමෙන් පුරුෂයා විසින් බිරිඳට පහර දී තිබේන අතර එදින රාත්රියේදී දෙදෙනා එකට නිදාගැනීමට ගොස් තිබෙනවා. නිදි යහනේ සිටි සැමියාට කාන්තාව විසින් හිස ප්රදේශයට අත් පොරවකින් පහර දී පොරෝ පහරින් එම පුද්ගලයා තුවාල ලබා තිබෙනවා . තුවාල ලැබූ පුද්ගලයා අසල නිවසකට දිව ගොස් ජීවිතය බේරාගෙන තිබෙන බවට වාර්තා වී වෙනවා.
එම ගෙහිමියන් පැමිණ බලන විට මෙම කාන්තාව නිවසින් අතුරුදන් වීම නිසා තුවාල ලැබූ පුද්ගලයාද රැගෙන ඌරුබොක්ක පොලිසියට පැමිණ ඔහු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර අසාධ්යත්වයෙන් පසුවීම නිසා එම පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
තුවාල ලද පුද්ගලයාගේ කට උත්තරය අනුව මෙම ස්ත්රීය අත්අඩංගුවට ගැනීමට පැමිණියද ඇය සොයා ගැනීමට නොහැකි වූ බව ඌරුබොක්ක පොලිසිය පැවසු බවත් පසුව 15දා ගමකන්ද හරහා ඇඹිලිපිටියට දිවෙන බස්රථයක මගීන් පිරිසක් විසින් මකුලත(ගිනිසීරියා) ගසක එල්ලී සිටින මෙම කාන්තාව දැක පනාමුර පොලිස් ස්ථානයට දන්වා ඇති බවත් පුවත් පත් වාර්තා කරනවා.
මේ පිළිබදව පනාමුර හා ඌරුබොක්ක පොලිස් ස්ථාන පරීක්ෂණ පවත්වන බවත් සඳහන්