Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
17
වසර 61 කට පසු සෙන්කෝලය හදපු නයිදෙලාගේ පියතිලක හෙළි කළ රහස (Video & Photos)

- වසර 61 කට පසු සෙන්කෝලය හදපු නයිදෙලාගේ පියතිලක හෙළි කළ රහස (Video & Photos)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,780 Views
සෙන්කෝලය හැදුවට ළඟටවත් යන්න වරම් ලැබිලා නැහැ..
ස්පර්ශ කරලා බලන්න ලොකු කැමැත්තක් ඇතිවෙලා...

අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට දශක 7 ක් සම්පූර්ණ වෙන්න තියෙන්නේ තවත් මාස කිහිපයක් විතරයි.

මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ නම රන්දපු චරිත විශාල ප්‍රමාණයක් වගේම පාර්ලිමේන්තු ක්‍රමයේ අභිමානය සංඛේතවත් කළ සුවිශේෂී නිර්මාණයන්ද තිබෙනවා.

ඒ අතරින් පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරන්නේ සෙන්කෝලයයි.

1972 ජනරජ ව්‍යවස්ථාවට පෙර උත්තර මන්‍ත්‍රී මණ්ඩලය (සෙනෙට් සභාව) සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස ද්වී මණ්ඩල ක්‍රමයක් ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභා සෙංකෝලය වර්තමානයේ භාවිතයට නොගැනුනද මේ ඓතිහාසික සංකේතය පාර්ලිමේන්තුවේ සුවිශේෂ කෞතුක භාණ්ඩයක් ලෙස ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා.

1949 දී බ්‍රිතාන්‍ය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් එදා නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසිවාරවලදී භාවිතා කළ සෙන්කෝලය වත්මන් පාර්ලිමේන්තුවේ භාවිතා වන අතර, ශ්‍රී ලංකාවේ කලාකරුවන් විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලයයි. 

1956 දී තමන්ට ලබා දුන් සැලැස්ම අනුව අගල් 52 කින් දිගින් යුතුව ඇත් දලයකට කැරට් 20 රන් පවුම් 45 කින් හා රිදී රාත්තල් 3 ½ කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා නිර්මාණය කරන ලද්දේ එවකට සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ රඹුක්කන දොඹේමඩ ගම්මානයේ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසින්.

මෙම විශිෂ්ඨ කලාකරුවා අද 88 වැනි වියේ පසුවනවා.

අඩ සියවසකටත් පෙර නිමවා භාර දුන් මෙම අතිශය සම්භාවනීය සංකේතය අසලටවත් සමීප වීමට එදා මෙදා තුර ඔහුට වරම් හිමි නොවීය. 

දෑත, දෙපය හොදින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය දරු මුණුබුරන් කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට දැඩි කැමැත්තක් ඔහු තුළ ඇති බව දැනගත් කථානායක කරු ජයසූරිය මහතා පසුගිය දිනක ඔහු පාර්ලිමේන්තුවට කැඳවා එම අවස්ථාව සැලැස්වූයේ විශේෂ භෝජන සංග්‍රහයක් සහ තුඩු පඬුරුද පිරිනමමිනි. 

මෙම සෙන්කෝලයේ උඩ කොටස පෙති අටකින් සමන්විත පත්මයක් මත පිහිටි උල් හැඩයට ඇති පච්චපඩියම් මාණික්‍යයකින් සෑදු ඔටුන්නකින් ගෝලය පුන්කලසක හැඩරුවින් සමන්විත වේ.

ගෝලය වටා ඇති රැලිවලින් අනුරාධපුරයේ සඳකඩ පහණ මූර්තිමත් කෙරේ. 

එයට පහළින් ලංකාවේ රක්ත හා නීල මාණික්‍යයන් ඔබ්බවා තිබේ. 

සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් පිළිබිඹු වන සේ පහත කවයෙහි නවරත්න මාණික්‍යයන් සවි කර තිබෙන අතර සෙන්කෝලය කොටස් 45 කට ගැලවිය හැකි පරිදි එක් රහස් ඇණයකින් සවි කර ඇති බවත් එම රහස් ඇණය ගැන දන්නේ තමා පමණක් බවත් පියතිලක මහතා පවසනවා.

එහි මුළු බර රාත්තල් හතර හමාරක් වන අතර, එහි යෂ්ටිය වටේට එවකට සෙනෙට් සභාවේ ලාංජනයෙහි “සංතින්ද්‍රියෝච නිපකෝච” යන පාලි පාඨය සඳහන්ව තිබූ බව ඔහු පැවසීය.

ජපානයේ මිසාකා කුමරියට, ඉන්දීය හිටපු අගමැති ශ්‍රී නේරුතුමාට, එවකට ලංකාවට පැමිණි පාකිස්තානයේ රාජ්‍ය නායකයෙකුට පවා පියතිලක මහතා විසින් නිර්මාණය කළ භාණ්ඩ රජය විසින් තිළිණ කර තිබේ. 



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pathumak Pathannam - Chamara Shri
Pathumak Pathannam
Chamara Shri
⤵  274 Downloads

Giyath Ma Dama - Shan Chathuranga
Giyath Ma Dama
Shan Chathuranga
⤵  631 Downloads

Amma - Lakmal Ekanayake
Amma
Lakmal Ekanayake
⤵  217 Downloads

Windinawa Jeewithe - Nadeesha Induranga
Windinawa Jeewithe
Nadeesha Induranga
⤵  573 Downloads

Rawatannepa Ayemath - Janaka Sooriyabandara
Rawatannepa Ayemath
Janaka Sooriyabandara
⤵  1,853 Downloads

The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  4,663 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  1,517 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  801 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  531 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  6,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top