අරුණ උදය ශාන්ත හෙවත් කඩුවෙල සමයං ගැන කතා බහ තවමත් අවසන් වී නැහැ. ඔහු ඇතුළු පාතාල සාමාජිකයන් පිරිස මරා දැමුවා යයි කියන අංගොඩ ලොක්කා ඇතුළු පාතාලයන් පිරිස ද තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.
සමයං බන්ධනාගාරයේ සිට දුරකථනයෙන් බිරිඳ සමග කතා කළ ආකාරය, ඒවා කාගේ ජංගම දුරකථන ද යන්න දැන් දැන් හෙළිදරව් වෙමින් පවතිනවා. හිර ගෙදර සිටි සමයංට ඊෂි කෑෂ් ක්රමයට මුදල් යැවූ හැටි ඔහු බන්ධනාගාරයේ දී ආභරණ පැළඳ සිටි ආකාරයත් තවමත් රහසක්. මේ ඒ කතාවයි.
බන්ධනාගාර බස් රථයකට කළුතර දී වෙඩි තබා ඝාතනය කළ පාතාල නායක සමයං ඇතුළු පස්දෙනා බන්ධනාගාරයේ සිට තමන්ට ජංගම දුරකථනවලින් අමතන බව ඔවුන්ගේ බිරින්දැවරුන්, ඥතීහු ඊයේ (16) දා සවස කළුතර මහෙස්ත්රාත් අධිකරණයේ දී පැවැත්වූ මරණ පරීක්ෂණයේ දී කියා සිටියා.
කළුතර ප්රධාන මහේස්ත්රාත් භාරතී විඡේරත්න මහත්මිය ඉදිරියේ දී ඊයේ (16 දා) සවස පාතාල සාමාජිකයන් බව කියන පස්දෙනාගේද බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේද මරණ පරීක්ෂණ පැවැත්වුවා.
මියගිය රැඳවියන් ජංගම දුරකථන සඳහා රීලෝඩ් දමන ලෙසත්, බන්ධනාගාර නිලධාරීන්ට ඊසි කෑෂ් ක්රමයට මුදල් එවන ලෙස දන්වන බව මෙම මරණ පරීක්ෂණ සාක්ෂිවලින් අනාවරණය වී තිබෙනවා.
ඡේලර් මහත්තයාගේ දුරකථනයෙන් කතා කළේ යෑයි තම සැමියන් පවසන බවද වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිය සැමියන් ජීවිතාරක්ෂාව සඳහා කළුතර බන්ධනාගාරයට මාරු කළ බවද බිරින්දැවරු, ඥතීන් මෙහිදී ප්රකාශ කළා.
බන්ධනාගාරය තුළදී ජංගම දුරකථන හුවමාරුව නිසා මෙම මරණ සිදුවූ බවද ඔවුහු ප්රකාශ කළ අතර පොලිසිය නිසි ආරක්ෂාව සැපයීමට ක්රියා කළේ නම් මෙම මරණ සිදු නොවන බව කියා සිටියා.
රස පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට ලක්වූ වෙඩි වැදුණ බන්ධනාගාර බස් රථයන් බන්ධනාගාරයට භාරදීමට විනිසුරුවරිය නියෝග කළා. දුරකථන කීපයක් පිළිබඳව පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට නියෝග ලබා ගැනීමට ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් වූ විනිසුරුවරිය දුරකථන සමාගම්වලට නියෝග නිකුත් කළා.
බන්ධනාගාර නිලධාරීන් මෙදින සාක්ෂි දීමට නොපැමිණි නිසා වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 24 වැනිදා දක්වා කල් තැබුණා.
මතුගම මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක චන්ද්ර පත්මලාල්, කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති සාවින්ද අමරසේකර යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූවා.
කළුතර අධිකරණ සංකීර්ණය අවට දැඩි පොලිස් රැකවල් යොදවා තිබූ බවද සඳහන්.
මේ අතර පාතාල නායක "සමයං" ඝාතනය වන විට පැළඳ සිටි බව කියන රන් මුදුව හා රිදී මුදු ඔහුගේ භාර්යාව වන කේ. පී. සුගන්දි කල්දේරා නමැත්තියට භාරදෙන ලෙසද කළුතර ප්රධාන මහෙස්ත්රාත් භාරතී විඡේරත්න මහත්මිය ඊයේ (16 දා) සවස නියෝග කළා.
ඇය වෙත එම භාණ්ඩ භාරදීමට නියෝගයක් නිකුත් කරන ලෙස උතුරු කළුතර පොලිසිය අධිකරණයෙන් අයෑද සිටි බවයි සඳහන් වන්නේ.
යම්කිසි රැඳවියකු හෝ සිරකරුවකු බන්ධනාගාරගත වීමෙන් පසු කිසිදු ආභරණයක් පැළඳගෙන සිටීම තහනම් බවත්, එහෙත් සමයා මෙසේ රන් භාණ්ඩ පැළඳ සිටියේ කෙසේද යන්න ගැටලුවක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.
මෙම සටහන දිනපතා පුවත්පතක පළවී තිබූ පුවතකින් සකස් කෙරිණි.