Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
16
ෆිල්ම් එකක් වගේ පුටු උඩින් විසිවුණු පියුමි හංසමාලිගෙ සෙට් එක කිරිබත්ගොඩදි නටපු නාඩගමේ ඇත්ත විස්තරේ මෙන්න - Exclusive

- ෆිල්ම් එකක් වගේ පුටු උඩින් විසිවුණු පියුමි හංසමාලිගෙ සෙට් එක කිරිබත්ගොඩදි නටපු නාඩගමේ ඇත්ත විස්තරේ මෙන්න - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

97,335 Views
‘‘මගේ දිහා බලාගෙන මොනා හරි කිව්වා..“
‘‘වෙනුරට තරහා ගිහින් පැනලා ඒ අයට ගැහුවා..“
‘‘තට්ටයා ඕකට ගහනවා කියලා අනං මනං කිවුවා..“
‘‘මැනේජර් උස්සන් යද්දි මට ගැහුවා හොඳටම..“

කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයක ඊයේ (15) රාත්‍රියේ පැවති සාදයක දී මෝස්තර නිරූපීකාවක් සහ රංගන ශිල්පිණියක් වන පියුමි හංසමාලි සමග පැමිණි පිරිසක් මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයන් පිරිසකට පහර දුන් සිද්ධියේ පහර කෑමට ලක් වූ අයෙකු රෝහලේ සිට සිද්ධිය හිරු ගොසිප් වෙත විස්තර කළා.

ජනමාධ්‍ය ආයතන කිහිපයකට සම්බන්ධ පිරිසක් කිරිබත්ගොඩ පිහිටි හෝටලයක සාදයකට සහභාගී වී ඇත්තේ රාජ්‍ය නිලධාරියෙකුගේ ආරාධනයෙන්.

එහි තවත් මේසයක  පියුමි හංසමාලි ඇතුළු පිරිස රෑ කෑම ගනිමින් සිට තිබෙනවා. මාධ්‍ය ආයතනවලට සම්බන්ධ පිරිස දිගින් දිගටම ගීත ගායනා කරන අතරතුර පියුමි සිටි මේසයේ පිරිස පහර දී ඇති බව සඳහන්. පහරකෑමට ලක් වී රෝහල් ගත වී සිටින පුද්ගලයෙකු සිදුවීම පැහැදිලි කළේ මෙලෙසින්.

" අපි ඊයේ ප්‍රධාන පෙළේ පුද්ගලයෙකු සමග සාදයක් පැවැත්වූවා. අපි ඒකට ගිටාර් වාදන ශිල්පියෙකුත් සහභාගී කරගත්තා. අපි කිසිම කළබලයක් නැතුව පාඩුවේ හිටියා. අපි පහලට ආපහු ආපුවම ඊට එහා පැත්තේ මේසයේ හිටපු දෙන්නෙක් නැගිටලා ඇවිත් ඇහුවා මොනවද ඔයාලට වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි කිවුවා කිසි දෙයක් වෙන්න ඕනේ නැහැ. මොකක්ද ප්‍රශ්නේ කියලා. මොකක්ද ප්‍රශ්නේ, මොනාද කියන්නේ තට්ටයා ඕකට ගහනවා කියලා අනං මනං කිවුවා. ඊට පසුසේ ඒ පුද්ගලයා ඇහුවා මොකක්ද මචං මං කළේ කියලා. අඩෝ උඹ මොනාද කරේ කියල එයාට ඇවිල්ලා ගහන්න හැදුවා. අපි එයාට ගහන්න දුන්නේ නැහැ. "

"ඊට පස්සේ බෝතලයක් උස්සන් ආවා අපි ඒකට ඉඩ දුන්නේ නැහැ. කොහොමහරි කඩාගෙන ඇවිල්ලා එයාට පයින් එකක් ගැහුවා. එයා විසිවෙලා වැටුනා. එයත් පෞද්ගලික මාධ්‍ය ආයතනයක වැඩකරන්නේ. ඒත් එක්කම තවත් එක්කෙනෙක්ට  ගැහුවා බෝතලෙන්. ඔළුව ඉස්සරහා තුවාල වෙන්න. ඒත් එක්කම හෝටලේ පළවෙනි තට්ටුවේ මැනේජර්ටත් ගැහුවා බිමවැටෙන්න. "

"ඒත් එක්කම අපි බිම වැටිලා ඉන්න මැනේජර් උස්සන් යද්දි මට ගැහුවා හොඳටම. මගේ මුහුණට ගැහුවා දැන් ලේ බැහැලා තියෙන්නේ ඇහැට. මට ගැහුවා එතන බිම දාගෙන. ඊට පස්සේ ඒක බේරන්න ආපු අනිත් මල්ලිටත් බිම දාගෙන ගැහුවා. පුටු එහෙමත් උඩින් විසි වුණා. මොකක්ද හේතුව කියලානම් කිවුවේ නැහැ. අපි ඔක්කොටම ගැහුවා. මම තමයි දැනට නේවාසිකව ප්‍රතිකාර ගන්නේ. පියුමි හංසමාලිත් එක්ක තමයි හිටියේ ඒ කට්ටිය. පොලීසියටත් අපි කතාකරලා කිවුවා. ඊට පස්සේ පොලීසියෙන් ආවා පල්ලෙහාට. එතකොට මාව මගේ යාළුවා රෝහලට අරන් යන්න ගියා "

සිද්ධිය වාර්තා කිරීමට පළමු පියුමි හංසමාලිගෙන් හිරු ගොසිප් විමසූ විට ඇය කියා සිටියේ "මට මොකුත් කියන්න දෙයක් නෑ" යනුවෙන්.
 
ඇගේ ඒ ප්‍රතිචාරයත් සමගින් සිද්ධිය අප වාර්තා කිරීමෙන් අනතුරුව  පියුමි යළි හිරු ගොසිප් වෙත කතා කළා.
 
මේ පියුමි හංසමාලි දැන් කියන දේ...

"ඊයේ රෑ  පාටි එකකට සම්බන්ධ වුණා.. මාත් එක්ක මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වෙනුර ගියේ. අපිට එහා පැත්තේ හිටපු කට්ටියක් මගේ දිහා බලාගෙන මොනා හරි කිව්වා. මට කියපු දේ අපි ඉන්න තැනට ඇහුණා. ඒකට වෙනුරට තරහා ගියා. වෙනුර එයාලා ඉන්න තැනට පැනලා ඒ අයට ගැහුවා . ඒ අය ගුටි කෑවා . මම මැදට පැනලා දෙපැත්තේ අයට රණ්ඩු වෙන්න එපා කිව්වා. මේ ටික තමයි ඇත්තටම වුණේ."
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  161 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  38 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  4,254 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  3,701 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  3,266 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  21,080 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,342 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  4,640 Downloads

Aadare Gena - Supun Chalinda
Aadare Gena
Supun Chalinda
⤵  3,390 Downloads

Pemwanthiye - Ranjith Thilakarathna
Pemwanthiye
Ranjith Thilakarathna
⤵  2,517 Downloads



Top 10 Commenters

Latest Comments

Top