Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
16
වියපත් කතක් රවටා අනාගත සැමියාත් ගෙන්වාගෙන ගෙදරකටත් අරගෙන ගිහින් ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක් කරපු අමුතු වැඩේ - Photos

- වියපත් කතක් රවටා අනාගත සැමියාත් ගෙන්වාගෙන ගෙදරකටත් අරගෙන ගිහින් ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක් කරපු අමුතු වැඩේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53,024 Views
"ඔයා අපිට අම්මා කෙනෙක්‌ වගේනේ, අපි සදහට ම බලාගන්නම් ..."

"මේ අපි ඉන්නවා ..මේ අපි ඉන්නවා"

ඇය වියපත් අම්මා කෙනෙක්. වයස අවු 85යි. විශ්‍රාමික නිලධාරිනියක් වන ඇය කොළඹ ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයකට පැමිණි අවස්‌ථාවකදී තරුණියක් හඳුනා ගත්තා. විස්තර අසා දැන හඳුනා ගත්තාට පසු එම තරුණිය දියණියක සේ මේ අම්මාට කතා කළා. ඉන් පසුව තරුණයෙකු ද හඳුන්වා දෙනවා. ඒ , තමාගේ අනාගත සැමියා බව පවසමින්. පසුව සිදු වුයේ කිසිවෙකුත් නොසිතූ දෙයක්. මේ ඒ කතාවයි.

ඔයා අපිට අම්මා කෙනෙක්‌ වාගෙයිනේ. එක එක තැන්වල ඉන්න ඕනේ නෑ. එන්න අපි ළඟට. අපි අම්මව සදහටම බලා ගන්නම් කියා චාටු බස්‌ පවසා විශ්‍රාමික රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්‌ රවටා ඇය නමින් ස්‌ථාවර ගිණුම් 38 ක තැන්පත් කොට තිබූ රුපියල් ලක්‍ෂ 112 ක මුදලක්‌ වංචා කළේ යෑයි කියන ප්‍රකට රූපලාවන්‍ය ශිල්පිනියක ඇතුළු සිව්දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවක්‌ ලබන ජුනි 5 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කර තිබෙනවා.

85 හැවිරිදි පැමිණිලිකාර විශ්‍රාමික නිලධාරිනියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එජාන් හිස්‌බුල්ලා මහතා හා පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා කළ කරුණු දැක්‌වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නඩු කටයුත්ත විශේෂ නඩු කටයුත්තක්‌ සේ සලකා එලෙස දිනපතා විභාගයට ගැනීමට දින නියම කළා. කුලසූරිය දිනෙල්කා මාරි ප්‍රනාන්දු, විල්ලෝර ආරච්චිගේ මනෝඡ් රසික පෙරේරා යන අඹුසැමි යුවළත්, කුලසූරිය මෙහාන් ඇන්තනි ප්‍රනාන්දු හා දමයන්ති ප්‍රදීපිකා සෙනරත් පරණ යාපා යන අඹුසැමි යුවළත් එම නඩුවේ විත්තිකරුවෝ වනවා.

කොළඹ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක නේවාසිකව සිටි පැමිණිලිකාර විශ්‍රාමික නිලධාරිනිය කොළඹ ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයකට පැමිණි අවස්‌ථාවකදී පළමුවැනි විත්තිකාරියව හඳුනාගෙන ඇති බවත්, තමන් ළඟදීම දෙවැනි විත්තිකරු සමඟ විවාහ වීමට අපේක්‍ෂා කරන බවත් පවසා ඇතැයි පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙනවා.

පැමිණිලිකාරිය රවටා ඇයගේ මුදලින් ම මසකට රුපියල් 60,000 බැගින් වූ මාසික කුලියක්‌ යටතේ නිවසක්‌ ලබාගෙන ඇය සමඟ එහි පදිංචියට විත්තිකාර යුවළ ගොස්‌ ඇති බවත්, පැමිණිළිකාරියගේ ගිණුම්වල තිබූ මුදල් සූක්‍ෂම ලෙස ලබාගෙන රුපියල් ලක්‍ෂ 35 ක්‌ වැයකර සුඛෝපභෝගී වාහනයක්‌, ඉඩම් කොටසක්‌ හා රූපලාවන්‍යාගාරය සෑදීම සඳහා ගොඩනැඟිල්ලක්‌ ද විත්තිකරුවන් මිලදී ගෙන තිබූ බව ද පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

සියලු මුදල් ලබා ගැනීමෙන් පසුව නොසලකා හැරීම නිසා ශෝකයට පත් වයෝවෘද්ධ පැමිණිලිකාරිය ඒ සම්බන්ධයෙන් සිය ඥතියකු මගින් පොලිසියට පැමිණිලි කර තිබුණා.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස නම් කොට තිබූ ඩබ්ලිව්. කේ. අමරාවතී හා දීපිකා කුමාරි නමැති දෙදෙනා ඔවුන්ගේ ස්‌ථිර පදිංචිය සම්බන්ධ තොරතුරු ලබාදීම මඟහරින බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම තොරතුරු වහාම ලබාදෙන ලෙසට ද නියෝග කළා.

මහාධිකරණ භාෂන පරිවර්තකයා විසින් එම සාක්‍ෂිකාරියන් දෙදෙනාගේ නම් දෙතුන් වරක්‌ ම ශබ්ද නගා ප්‍රකාශ කළ විට ඔවුන් දෙදෙනා නොපැමිණි නමුත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසට පැමිණිල්ලේ නීතඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක්‌ කළ සැනින් මේ අපි ඉන්නවා අපි ඉන්නවා කියමින් ඔවුන් වාඩි වී සිටි ස්‌ථානවලින් නැගිට පැමිණි අයුරු දක්‌නට ලැබුණු බවයි සඳහන් වන්නේ.

විශ්‍රාමික රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්‌ රවටා ඇයගේ ස්ථාවර ගිණුම් 38ක තිබූ ලක්ෂ 112ක මුදලක් වංචා කළ මෙම පුවත දිනපතා පුවත්පතක පළ වී තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  7,153 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  11,740 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  8,138 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  10,392 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  7,452 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  4,156 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,218 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  8,610 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  12,014 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  18,551 Downloads



Top 10 Commenters

Latest Comments

Top