Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
16
හිත් අමනාපකම නිසා පොඩි රෝහණගේ වෙඩිල්ලට බිළිවූ පළතුරු ප්‍රියන්ත ඝාතනයේ සුළමුල හෙළි වෙයි

- හිත් අමනාපකම නිසා පොඩි රෝහණගේ වෙඩිල්ලට බිළිවූ පළතුරු ප්‍රියන්ත ඝාතනයේ සුළමුල හෙළි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,214 Views
වෙපන් එක ජැකට් එක අස්සේ හංගගෙන බයික් එකට ගොඩ වුණා...
මිනිහා බයවෙලා කඩේ ඇතුලට දිව්වා...

පලතුරු ප්‍රියන්තට වෙඩි තබා ඝාතනය කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස දොළොස් වැනිදා උදේ දහයාමාරට පමණ පලතුරු වෙළෙඳසල තුළ දීය.

යතුරු පැදියකින් දෙදෙනකු පැමිණ එහි පිටුපස අසුනේ සිටි පුද්ගලයා බැසගොස් ප්‍රියන්ත ඉලක්ක කොට එකම එක වෙඩි පහරක් තබා යතුරුපැදියේ නැඟී යන්නට ගිය බව සිද්ධිය දුටු අය පොලිසියට පවසා තිබිණි.

පලතුරු ප්‍රියන්ත ඝාතනයේ පරීක්ෂණ මිටියාගොඩ පොලිසිය විසින් සිදුකරගෙන ගිය අතර, ඊට දින හතකට පෙර එනම් දෙසැම්බර් මස පස් වැනිදා රාත්‍රියේ අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසලකදී එකම පවුලේ මව, පියා සහ පුතා ඝාතනයේ පරීක්ෂණ අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදුකරමින් තිබිණි.

ඇල්පිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා මෙම පරීක්ෂණ සඳහා ඇල්පිටිය නොවිසඳුන අපරාධ විමර්ශන ඒකකය ද යොමු කිරීමට කටයුතු කළේය.

ඒ අනුව එම ඒකකයේ ස්ථානධිපති පොලිස් පරීක්ෂක පුජිත වරුසවිතාන ඇතුලු කණ්ඩායමක් ද අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක බාලේන්ද්‍ර ඇතුලු කණ්ඩායමක් ද ඉඩම්තොට ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් සොයා පුළුල් මෙහෙයුමක් දියත් කළේය.

ත්‍රිත්ව ඝාතනය සඳහා පොලිසිය මුලින්ම අත්අඩංගුවට ගත්තේ ඝාතනය වූ ඉන්දිකගේ මස්සිනා වන රංජිත් යන පුද්ගලයාය. ඔහුගේ ජංගම දුරකථන දත්ත වාර්ථා පරීක්ෂා කිරීමේදී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් සුද්දා යන අය සමඟ දුරකථන සංවාද පවත්වා ඇති බවට තොරතුරු හෙළිවිය.

එලෙස දීර්ඝ ලෙස විමර්ශන කරගෙන ගිය පොලිස් කණ්ඩායම් වලට රංජිත් ට අමතරව තවත් සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙලෙස අත්අඩංගුවට පත්වුයේ කැලණිමුල්ල, ගෝණවල. පමුණුවිල අංක 28 ඒ දරණ ලිපිනයේ පදිංචිව සිටි ලක්ෂමන් හෙංගෙදරගේ නොහොත් රං මහත්තයා මීටියාගොඩ මහවත්තපාරේ පදිංචි බෙන්තර මල්ලවාරච්චි රොහාන් මංගල නොහොත් පොඩි රෝහණ, වළල්ලාවිට, ලේ දොළ පදිංචි ප්‍රසාද් හර්ෂ කුමාර, කහව, වේරගොඩ, දුවවත්ත පදිංචි කාරියවසම් බ්‍රැන්ඩිගොඩ ගමගේ, හික්කඩුව කලුපේ නවාගන්නාකොළවත්ත පදිංචි දේවමුණි චින්තක මදුරංග, මීටියාගොඩ මහවත්ත අංක 287 ලිපිනයේ පදිංචි මහරඹගේ මධුශංක නොහොත් ගුලියා යන හය දෙනාය.

මුලින්ම අත්අඩංගුවට පත් දේවමුණි විජිත ආනන්ද සොයිසා නොහොත් රංජිත්, ත්‍රිත්ව ඝාතනයට තමා සම්බන්ධ බව පාපොච්චාරණය කළ ද ඉහත නම් කළ හය දෙනා ත්‍රිත්ව ඝාතන චෝදනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළහ. 

එහෙත්.... ඔවුන් හය දෙනා පලතුරු ප්‍රියන්ත ඝාතනයට තමන් සම්බන්ධ වූ බව පිළිගත්හ.

මෙම හයදෙනා අතරින් ද පලතුරු ප්‍රියන්ත ඝාතනය සඳහා සෘජුවම සභගාගී වී තිබුණේ බෙන්නර මල්ලවාරච්චි රොහාන් මංගල නොහොත් පොඩි රෝහණය. 

ඝාතකයා රැගත් යතුරුපැදිය පැද වූ බව පිළිගත්ත ද ඔහු ඝාතන චෝදනාව පිළිගත්තේ නැත. 

ඔහු පවසා සිටියේ පලතුරු ප්‍රියන්ත ඝාතනයට පුර්ණ සහයෝගය ලබා දුන් නමුදු වෙඩි තැබීම සිදුකළේ කනංකේ ප්‍රදේශයේ පදිංචි අයකු බවය.

එදා.... අත්අඩංගුවට පත් වූ සැකකරුවන් හය දෙනා හෙළිකළ තොරතුරු වලට අනුව පලතුරු ප්‍රියන්තට වෙඩි තැබීම සිදුකරන ටී - 56 ගිනි අවිය ලබාගැනීම හා එය ඝාතකයාට ලබාදීම සිදුකරන්නේ එම සිද්ධියට සම්බන්ධ වූ ප්‍රසාද් හර්ෂ කුමාර යන අය විසිනි.

එම ගිනි අවිය ප්‍රසාද් අතට පත්වන්නේ කෑගල්ල ප්‍රදේශයේදීය. ඒ... සුද්දා කළ දැනුම් දීමකට අනුවය.

“මට හරියටම දවස මතක නෑ. නොවැම්බර් මාසේ දවසක සුද්දා ඇතුළේ (හිර ගෙදර) ඉඳලා මට කෝල් කරලා කිව්වා. කෑගල්ලට යන්න. එක්කෙනෙක් ඇවිත් ටී.ෆයිව් සික්ස් එකක් දෙයි. ඒක අරගෙන ඇවිත් හංගලා තියපං කියලා.”

“මම රෙන්ට් එකට කාර් එකක් අරගෙන යාළුවෙකුත් එක්ක කෑගල්ලේ සුදු මල්ලි යන්න කිව්ව තැනට ගියා. ඒ කියපු තැනට ගිහින් ටික වේලාවකින් කොල්ලෙක් ඇවිත් බෑග් එකක් දුන්නා. වෙපන් එක තිබුණෙ ඒකෙ. ඒක අරගෙන ඇවිත් මම කුලියට හිටපු ගෙදර හංගලා තිව්වා. 

සුද්ද මල්ලි ආපහු කෝල් කරලා වෙපන් එක රෙපයාර් කරන්න ඕන ඒක තෙලිකඩ වැලි චමින්ද ගේ ගෙදරට අරගෙන යන්න කියලා කිව්වා. 

ආපහු කාර් එකක් රෙන්ට් එකට අරගෙන මම වැලි චමින්දගේ ගෙදරට ගිහින් වෙපන් එක බාර දුන්නා.”

“මම ඒ ගෙදරට යද්දී පෝද්දල කාසිදෙණියේ රාළයි, සැලුන් රංගයි එහෙට ඇවිත් හිටියා. ඒ දෙන්නා මම ගිය කාර් එකෙන් වෙපන් එකත් අරගෙන රෙපයාර් කරගෙන එන්න කියලා තිස්සමහාරාමේ රණාව හම්බවෙන්න ගියා.”

“ඊට පහුවෙනිදා ඒ දෙන්නා වෙපන් එක රෙපයාර් කරගෙන ආවා. සුද්දාමල්ලි මට කෝල් කරලා කිව්වා ෆුල්ෆේස් හෙල්මට් දෙකකුයි, ජැකට් දෙකකුයි ගන්න කියලා. රංගයි රාළයි ගිහින් ඒවා අරගෙන ආවා. වැඩේ සෙට් කරලා තිබුණේ ඊට පහුවෙනිදා.”

ප්‍රසාද් එදා පලතුරු ප්‍රියන්ත ඝාතන සැලසුමේ තමාට හිමිව තිබු කාර්යය භාරය සහ තමා දැන සිටි සියලු තොරතුරු හෙළි කළේය.

පලතුරු ප්‍රියන්ත ඝාතනයේ ප්‍රධාන භූමිකාවක් භාරව කටයුතු කළ පොඩි රෝහණ ද තමාට පැවරී තිබු කාර්යය භාරය විස්තර කළේය.

“දෙසැම්බර් එකොළොස් වෙනිදා හවස සුද්ද අයියා මට ඇතුළේ (හිරගෙදර) ඉඳලා කෝල් කරලා කිව්වා පොඩි වැඩක් තියෙනවා. ලෑස්තිවෙලා ඉඳපං. වැඩේ ඉවර උනාම උඹට කුඩු දෙනවා කියලා කිව්වට වැඩේ මොකක්ද කියලා මට කිව්වේ නෑ. පොඩි රෝහණ එදා එලෙස පවසා තිබිණි.

“එදා දොළොස් වෙනිදා උදේ මම රෙන්ට් එකට අරගෙන ආපු කාර් එකේ වෙපන් එකත් දාගෙන වැරැල්ලාන පෙට්‍රල් ෂෙඩ් එක ළඟට ගියා. සුද්දා තමයි මට කෝල් කරලා එතනට යන්න කිව්වේ.”

“සුද්දා කිව්වා වෙඩි තියන මෑන් එතනට ඇවිත් මේ සුදු මල්ලිගේ කට්ටිය ද” කියලා අහවි. එයාව අරගෙන වේරගොඩට යන්න. වේරගොඩදි පොඩි රෝහණ ඉඳිවී එයාවත් දාගන්න කියලා.”

“සුද්දාමල්ලි කියපු කෙනා වැරැල්ල පෙට්‍රල් ෂෙඩ් එක ළඟදි දාගෙන, පොඩි රෝහණවත් දාගෙන අතුරලිය, ගල්දූව ආරණ්‍යයට යන පාර ළඟට යන්න කිව්වා. අපි එතනට යද්දී වැලි චමින්ද පල්සර් බයික් එකකින් ඇවිත් හිටියා. අපි කට්ටිය කාර් එකෙන් පලතුරු ප්‍රියන්තගේ කඩේ ළඟට යන්න පිටත් වුණා.”

ප්‍රසාද් එලෙස විස්තර කළ අතර එදා ඔවුන් අත්අඩංගුවට පත් වූ දිනයේ පලතුරු ප්‍රියන්ත වෙඩික්කරුට හඳුනාගැනීමට මඟ සැලසු අයුරු පොඩි රෝහණ විස්තර කර තිබිණි.

මෙදා... එම ඝාතනය සිදු වී තුන්මසක් සපිරෙන්නට ආසන්න වෙද්දී අත්අඩංගුවට පත් වූ නිශාන්ත සම්පත් කුමාර ද ඒ තොරතුරු ඒ ලෙසට සනාථ වන අයුරින් පාපොච්චාරණය කළේය.

“අපි කට්ටිය කාර් එකේ ගියා. මම ඒ පැත්ත ගැනවත්, මරන්න ඕන කෙනා කවුද කියලවත් දැනගෙන හිටියේ නෑ. මට ඒ පලතුරු කඩේ පෙන්නුවේ පොඩි රෝහණ. කාර් එක පලතුරු කඩේ පහුකරගෙන ටිකක් ඉස්සරහට ගිහින් නැවැත්තුවා. මම කාර් එකෙන් බැහැලා පලතුරු කඩේට ගියේ මරන්න ඕන කෙනාව හරියටම අඳුනගන්න ඕන නිසා.”

“මම කඩේට ගොඩවුණා. කඩේ අයිතිකාරයා බොහොම සුහදව මගෙන් මොනවද ඕන කියලා ඇහුවා. මම කේක් ගෙඩියකුයි කෙසෙල් ඇවරියකුයි ගත්තා. අරගෙන සල්ලිත් දීලා ඇවිත් කාර් එකට ගොඩ වුණා. අපි කාර් එක හරවගෙන ආපු පැත්තටම ගියා“

“අපි කෙලින්ම ගියේ බයික් එක තිබුණ තැනට. එතනදී බයික් එකට හොර අංක තහඩු හයි කළා. ඒවා කාර් එකේ තිබිලා තමයි අරගෙන හයිකළේ. මමයි පොඩි රෝහණ කියන කෙනයි හෙල්මට් දාලා ජැකට් ඇඳගෙන වැඩේට යන්න සෙට් වුණා. මම වෙපන් එක ජැකට් එක අස්සේ හංගගෙන බයික් එකට ගොඩ වුණා.”

“පොඩි රෝහණ බයික් එක පැදගෙන ගියේ. හරියටම පලතුරු කඩේ ඉස්සරහ බයික් එක නැවැත්තුවා. මම බයික් එකෙන් බහින ගමන්ම ජැකට් එක ඇතුලෙන් වෙපන් එක අතට ගත්තා. ඒ වෙලාවේ පලතුරු කඩේ එකා කඩේ ඉස්සරහට වෙලා හිටියේ. මම වෙපන් එක අතට ගන්නවා දැක්ක ගමන් මිනිහා බය වෙලා කඩේ ඇතුළට දිව්වා.”

“මමත් මිනිහගේ පස්සෙන් එලවගෙන ගියා. කඩේ පිටිපස්සේ දොර වහලා තිබුණේ. මිනිහට එතැනින් එහාට යන්න විදියක් තිබුණේ නෑ.

දොර ළඟ හිර වුණා. මම මිනිහගේ පපුවට එක ෂොට් එකක් විතරයි තිව්වේ. මොකද ඒ වෙපන් එකේ දෝෂයක් තියෙනවා කියලා මට සුද්දාමල්ලි කියලා තිබුණා. එක ෂොට් එකක් තිව්වට පස්සේ සමහර වෙලාවට වෙපන් එක ලොක් වෙනවලු. ඒක නිසා මම එකම ෂොට් එකෙන් වැඩේ ඉවරයක් කරලා දැම්මා.

“මම දුවලා ගිහින් බයික් එකට ගොඩ උණා. කාර් එක නවත්තලා තිබුණ තැනට පොඩි රෝහණ බයික් එක අරගෙන ගියා. එතන පාළුවට ගියපු ගෙයක් තිබුණා. ඒ ගෙයි පිටිපස්සේ පොඩි කොන්ක්‍රිට් වළක් තිබුණා.

වෙපන් එක මල්ලක දාලා ඔතලා අර කොන්ක්‍රීට් වළට දාලා වහලා උඩින් කොළ රොඩු දාලා වැහුවා. බයික් එක ගෙනාපු කෙනාම අරගෙන ගියා. මමයි පොඩි රෝහණයි කාර් එකේ ගිහින් හික්කඩුවෙන් බැස්සා.”

“පොඩි රෝහණට සුද්දාමල්ලි කෝල් කරලා කියලා තිබුණා අපි දෙන්නට බස් එකේ පානදුරේ යන්න කියලා. අපි හයිවේ බස් එකකින් පානදුරේට ගියා. සුද්දාමල්ලි කියපු තැනට ගියාම ආපහු අර කාර් එක ආවා. අපි කාර් එකේ නැගලා ආපහු හයිවේ එකේ මාතර දිහාට ගියා.ඒ යද්දී මම කිව්වා මාව ඉමදුවෙන් දාලා යන්න කියලා.”

“ ඒ දවස්වල මම ඉමදුවේ පන්සලක තීන්ත ගගා හිටියේ. ඒක නිසා මං ගැන කවුරුත් සැක හිතන්නේ නෑ කියලා මම දන්නවා. ඉමදුවෙන් බැහැලා මම පන්සලට ගිහින් ආපහු මගේ පුරුදු රස්සාව කරගෙන හිටියා.” පලතුරු ප්‍රියන්ත ඝාතනයේ වෙඩික්කරු එලෙස සියල්ල හෙළි කළේය.

ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව පන්සලේ සුපුරුදු රැකියාව කරමින් සිටියදී ඔහුට පලතුරු ප්‍රියන්ත ඝාතනයේ පරීක්ෂණ සිදුවන ආකාරය පිළිබඳ තොරතුරු ගලා එන්නට විය.

එම ඝාතනයට සැකපිට පොඩි රෝහණ, ප්‍රසාද් ඇතුලු හය හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වෙද්දී ඔහු ප්‍රදේශය හැර පලා යන්නේ තව දුරටත් ඉමදුවේ රැඳී සිටිය හොත් තමා ද පොලිසියට කොටුවන බව වැටහුණු බැවිනි.

එහෙත්.... අපරාධයක් කොට සදා සැඟව සිටිය නොහැකිය යන ධර්මතාවට අනුව ඔහු පොලිස් මුලස්ථානයට භාර වන්නේ බියෙන් හැංගි හැංගි සිටීම තව දුරටත් කළ නොහැකි බව තේරුම් යාමෙන් අනතුරුවය.

මෙලෙස අත්අඩංගුවට පත් නිශාන්ත සමන්කුමාර තිස්නව හැවිරිදි දෙදරු පියෙකි. කනංකේ, කනංකේ කඩවීදිය, නිවිතිමුල් බොක්ක ලිපිනයේ පදිංචි ඔහු හිටපු යුද හමුදා සෙබළෙකි.

“මම ආමි එකේ හිටියේ. පස්සේ ආමි එකෙන් ඇබ්සන් වුණා. එක එක කේස් වලට ඇතුළට ගියා.

සුද්දාමල්ලිව හඳුනා ගත්තේ ඇතුලෙදි. පහුගිය දවස්වල රණාලේ සමයං ට ගහපු සෙට් එකේ අංගොඩ ලොක්කවත් මම දන්නවා. සුදදාමල්ලි තමයි මට මිනිහව හඳුන්වලා දුන්නේ.”

“මම පහුගිය කාලේ ඔය අංගොඩ ලොක්කගේ කුඩු බිස්නස් එකටත් සෙට් වෙලා හිටියා. සුද්දගේ බිස්නස් කරන ගමන්ම තමයි ඒ වැඩේටත් සෙට් උණේ. පසුගිය දවස් වලනම් අංගොඩ ලොක්කගේ බිස්නස් වලට සෙට් වෙන්න බැරි වුණා. ඒත්.... සුද්දාමල්ලිගේ කුඩු බිස්නස් එකේ වැඩ ටික නම් කරගෙන ගියා.”

අත්අඩංගුවට පත් සැකකරු දීර්ඝ ලෙස පාපොච්චරණය කළේය.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරුවලට අනුව සුද්දා, පළතුරු ප්‍රියන්ත සමඟ වෛර බැඳ ගන්නේ මීට වසර ගණනාවකට ඉහත දීය. ඒ.... සුද්දාගේ පියා හා පළතුරු ප්‍රියන්ත අතර ඉඩමක මායිමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙනි. එම ගැටුමේදී එවකට තරුණ වියේ පසු වූ ප්‍රියන්ත සුද්දාගේ පියාට බරපතල තුවාල සිදුකළ බව කියයි.

ඊට පළිගැනීම සඳහා සුද්දා පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී උත්සාහ කළ අතර එය සාර්ථක වුයේ නැත. එවර ද ප්‍රියන්තට වෙඩි තැබු නමුත් උදරයට ඇති වූ බරපතල තුවාලය පසුව සුව අතට පත්විය.

එදා.... පලතුරු ප්‍රියන්ත දිවි ගලවා ගත්තද ඔහු පිළිබඳ සිතේ උපන් වෛරය අමතක කර දමන්නට සුද්දාට හැකි වුයේ නැත. ඔහු.... හිර ගෙදර සිට දීර්ඝ ලෙස සැලසුමක් සකසා ප්‍රියන්ත මරා දමන්නේ පළිගැනීම ඔහුගේ ජීවිතයේ එකම අරමුණ වී තිබෙන නිසා විය යුතුය.

මෙවැනි අපරාධ කල්ලි සාමාජිකයන්ට හිර ගෙදර ඇතුළේ සිටීම ඇඟට ගුණදායකය. ඒ... ඇතුලේ ඔවුන් මරා දමන්නට කිසිවකු නොමැති නිසාත්, ජංගම දුරකථන උපයෝගී කරගෙන එලියේ සියලු දෑ සංවිධානය කිරීමට හැකි නිසාත්ය.

එලෙස..... බස්නාහිර පළාතම බිය කරගෙන චන්ඩිපාට් දමාගෙන සිටි රණාලේ සමයං ට නම් හිරගෙදර ඉඳලත් ජීවිතය බේරා ගන්නට හැකි වුයේ නැත. කවදා හෝ ජයලත් නොහොත් සුද්දාගේ ඉරණම ද ඒ ආකාරයෙන් හෝ විසඳීමට ඔහුගේ විරුද්ධ කල්ලි මාන බලනවා නොඅනුමානය.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  44 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  80 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,132 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  653 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,112 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,725 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,521 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,062 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,885 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,142 Downloads



Top 10 Commenters

Latest Comments

Top