සිව් හැවිරිදි දරුවෙකු ඝාතනය කළැයි සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මඩකලපුව - නාවක්කුඩා ප්‍රදේශයේදී මෙම පිරිමි දරුවා මුගුරකින් පහරදී ඝාතනය කර ඇති අතර එම දරුවාගේ මව කළකට පෙර මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
දරුවා රැකබලාගැනීම සඳහා භාරදුන් කාන්තාව විසින් ඊයේ (14) රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
දරුවාගේ මෘත ශරීරය මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.