Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
මම උඹවත් බාවලා උඹේ ගෝලයො ටිකත් පරලොව යවනවා, මගේ වැඩවලට අතදාන්න එපා - පාතාල කිරුළට සටන් කළ කළු අජිත්ගේ අවසානය

- මම උඹවත් බාවලා උඹේ ගෝලයො ටිකත් පරලොව යවනවා, මගේ වැඩවලට අතදාන්න එපා - පාතාල කිරුළට සටන් කළ කළු අජිත්ගේ අවසානයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

80,586 Views
මෙහෙම ගියොත් අපිටත් උගේ පදේට නටන්න වෙනවා...
මම ඕකගෙ සනුහරයම විනාශ කරනවා...
මගේ අයියා මරාපු උන්ට මම යහතින් ඉන්න ඉඩ තියන්නේ නැහැ...

රණාලේ සමයං ඝාතනයත් සමඟ පාතාල ලෝකය ගැන ලොකු කතාබහක් ඇතිවුණා.

පසුගිය කාලයේ පාතාල ලෝකයේ රජකරන්නට වෙරදැරූ බොහෝ දෙනෙකුට අත්වුණේ පරලොව යන්නටය.

මේ පාතාල ලෝකයෙන් ඇසුණු තවත් යටගිය කතාවක්.

කළු අජිත්ගේ හැසිරීම් රටාව දිනෙන් දිනම වෙනස් වෙමින් තිබෙන බව චින්තකට තේරුම් ගොස් තිබිණි. 

එහෙත් ඒ බව නොපෙන්වා කළු අජිත් සමඟ වෙනදා මෙන් ගනූදෙනූ කිරීමටත් පෙර තිබූ සම්බන්ධතාව ඒ අයූරින්ම පවත්වාගෙන යෑමටත් චින්තක හැමවිටම උත්සාහ කළේය. 

කළු අජිත්ද ගෙන ගියේ එවැනිම ද්විත්ව රංගනයකි. 

ඔහූ චින්තකගේ කල්ලියෙන් මිදී ස්වාධීනව කටයූතු කිරීමට නැඹූරුතාවක් දැක්වූවේය. 

ක්‍රම ක්‍රමයෙන් කළු අජිත් පාතාල ලෝකය පූරා සිය අණසක ක්‍රියාත්මක කරන්නට විය. 

චින්තක ධම්මික සොහොයූරන්ට මෙය රිස්සූවේ නැත. 

කොයි මොහොතක හෝ කළු අජිත් තමන්ට තර්ජනයක් වන බව ඔවූන් හොඳාකාරවම දැන සිටියහ. 

නාවල නිහාල්ද කළු අජිත් පිළිබඳව නොයෙකුත් දේ කියමින් චින්තකගේ කල්ලිය සහ කළු අජිත්ගේ කල්ලිය අතර ඇතිවෙමින් තිබූ විරසක බව තව තවත් වර්ධනය කිරීමට උත්සාහ කළේය. චින්තක කළු අජිත් සීතල යූද්ධය එතරම් කලක් පැවතියේ නැත. 

චින්තක පරලොව යැවීමේ අවශ්‍යතාව වැඩිපූරම තිබූණේ නාවල නිහාල්ටය. 

ඔහූ කළු අජිත් ගෙන්වා නිතර නිතරම මේ පිළිබඳව ඔහූ උනන්දු කළේය. 

"චින්තකයා යන්න ඕනෙ කාලෙ හරි. උඹ දැන් පාතාල ලෝකයේ හොඳ කෙරුම්කාරයෙක්. 

කාටවත් උඹව වට්ටවන්න බැහැ. ඒ නිසා චින්තකයටයි ධම්මිකයටයි වැඩේ දීපං... නාවල නිහාල්ගේ උපදෙස් සියල්ල හිස් මූදුනින් පිළිගත් කළු අජිත් චින්තක මරා දැමීම සඳහා අවසාන සැලසූම සකස් කළේය. 

මෙම ප්‍රහාරය සඳහා තමන්ම යා යූතු බව කළු අජිත් සිතුවේය. "පාතාල ලෝක දෙන්නෙකුට රජ කරන්න බැහැ. 

උඹ යන්න ඕනෙ කාලෙ ඇවිත්." කළු අජිත් මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් ගෙන එය දකුණූ අතින් දැඩිව ග්‍රහණය කරගෙන මොහොතක් කල්පනා කළේය. 

චින්තකගේ ප්‍රධාන ගෝලයකු වූ කන්ද උඩගේ නෙල්සන් නොහොත් උදයා පදිංචිව සිටියේ ග්‍රෑන්ඩ්පාස් පන්සලවත්ත ප්‍රදේශයේය. 

උදයාගේ නිවස හැම අතින්ම ආරකෂා සහිත ස්ථානයක් විය. 

ඒ නිසාම චින්තක දවසේ වැඩි කාලයක් උදයාගේ නිවසට වී ගත කිරීමට පූරුදුව සිටියේය. 

චින්තක පන්සල් වත්තේ උදයාගේ නිවසේ නිතර කාලය ගත කරන බව කළු අජිත් දැන සිටියේය. 

දිනක් කළු අජිත් සිය ගෝල බාලයන් කීපදෙනකු සමග චින්තක සොයා ආවේය. මාරයා තමා පසූපස පන්නාගෙන එන බව චින්තක දැන සිටියේ නැත. 

ඔහූ කළු අජිත්ව සූහදව පිළිගත්තේය. ඔවූන්ගේ ප්‍රධානම මාතෘකාව වූයේ ඒ දිනවල පැවැති ක්‍රිකටි තරගයක් පිළිබඳවය. 

එහෙත් කළු අජිත්ගේ මනස ඒ මොහොතේ ක්‍රියා කළේ වෙනත් අරමූණක් සඳහාය. 

අවසානයේදී කළු අජිත් ක්‍රියාත්මක විය. ඔහූ ඉනේ සඟවාගෙන සිටි පිස්තෝලය ගෙන චින්තකට පන්න පන්නා වෙඩි තැබූවේය. 

නොසිතූ මොහොතක කළු අජිත්ගෙන් එල්ල වූ ප්‍රහාරයෙන් බේරීමට චින්තක දැඩි උත්සාහයක් ගත්තේය. 

එහෙත් මරුවා පරාජය කිරීමට චින්තකට හැකියාව ලැබූණේ නැත. 

චින්තක මරා දැමූ කළු අජිත් ධම්මික ද ඒ ස්ථානයටම ගෙන්වා ඔහූ ද පරලොව යැවීමට සැලසූම් කර ගෙන සිටියේය. 

කළු අජිත් චින්තකට වෙඩි තැබූ පූවත ඒ මොහොතේම ධම්මිකගේ කණට යෑම නිසා ඔහූ දිවි ගලවා ගත්තේය. 

පාතාලයේ රජූ ලෙස සිටි චින්තක අමරසිංහ කළු අජිත් අතින් මැරුම් කෑමේ පූවත ලැව් ගින්නක් මෙන් පැතිර යන්නට විය. 

මේ සිද්ධියෙන් පසූ කළු අජිත් මහා කෙළිකාරයකු බවට පත් වූයේය. 

එය පාතාල ලෝකයේ සොබාවය විය. පාතාල ලෝකයේ දැවැන්තයකු මරා දැමූ පසූ ඊට සම්බන්ධ පූද්ගලයා මහා කෙරුම්කාරයකු ලෙස පාතාලයේ අනෙකුත් සාමාජිකයන් විසින් පිළිගනූ ලැබේ.

තම සොහොයූරා මරා දැමීම පිළිබඳව සියලු තොරතුරු ධම්මික සොයා ගත්තේය.

"මම ඕකගෙ සන්හරේම විනාශ කරනවා. මගේ අයියා මරාපූ උන්ට මම යහතින් ඉන්න ඉඩ තියන්නේ නැහැ. 

ධම්මික දැඩි කෝපයෙන් කෑ ගැසූවේය. ධම්මික කළු අජිත්ගේ කල්ලියට එරෙහිව සටනට අවතීර්ණ වූවේය. 

ඒ වනවිට කළු අජිත් ඉතාම ප්‍රබල තත්ත්වයක පසූ වූවේය. 

අජිත්ගේ කල්ලියෙන් බේරීමට ධම්මික කොළඹින් පිට ආරකෂිත ස්ථානයක් සොයා ගියේය. 

ක්‍රිස්ටෝපර් බැරීගේ සොහොයූරකුට අයත් විශාල නිවසක් රද්දොළුගම විය. එය ඉතාම ආරකෂා සහිත ස්ථානයක් බව ධම්මික දැන සිටියේය. 

ඔහූ සිය ගෝල බාලයන් ද සමග රද්දොළුගම නිවසේ ඉතාම රහසිගත ලෙස නවාතැන් ගෙන සිටිමින් කළු අජිත්ට එරෙහිව ප්‍රහාර දියත් කළේය.
 
ඒ වනවිට ධම්මිකගේ කල්ලියේ ප්‍රබලයන් වූ ක්‍රිස්ටෝපර් බැරී, මොරටූ සමන්, කනත්තආරච්චිගේ පියරත්න සංජීව පෝල් ඇතුළු තවත් සගයන් කීපදෙනෙක් මෙම නිවසේ සිටියහ. 

චින්තක මරා දැමීමත් ධම්මිකගේ අතුරුදන්වීමත් නිසා කළු අජිත් කොළඹ පාතාලයේ ඔටූණූ නොපලන් රජූ බවට පත් වූයේය. 

මහා පරිමාණ මත්කුඩූ ජාවාරම් මෙහෙයවූ කළු අජිත් ඉන් අති විශාල මූදලක් උපයා ගත්තේය. 

ඊට අමතරව කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමැරීම, කොල්ලකෑම ඇතුළු විවිධ අපරාධවල නිරත වෙමින් විශාල ධනස්කන්ධයක් හරිහම්බ කළේය. 

කොයිතරම් වැඩකාරයකු වූවද කළු අජිත් හැමවිටම නාවල නිහාල්ට හිස නැමූවේය. 

පාතාලයේ සිදුවන සෑම සිදුවීමක් දෙසම නාවල නිහාල් දැඩි පරීකෂාවෙන් බලා සිටියේය. 

ඉතාම කෙටි කාලයකින් මූළු පාතාල ලෝකයම ආක්‍රමණය කළ කළු අජිත් කිසියම් දිනකදී තමාගේ හිසට උඩින් යනූ ඇතැයි නාවල නිහාල් සිතුවේය. 
කොල්ලුපිටියේ සරණපාල නාවල නිහාල් වෙත කොන්ත්‍රාත්තුවක් ගෙන ආවේය. 

පිටකොටූවේ බිල්ඩිමකින් පිරිසක් පන්නා දැමීම එම කොන්ත්‍රාත්තුව විය. ඒ වෙනූවෙන් රුපියල් ලකෂ ගණනක මූදලක් ලබාදීමට අයිතිකරුවෝ පොරොන්දු වී සිටියහ. 

එහෙත් ඒ කොන්ත්‍රාත්තුව අවසානයේදී නාවල නිහාල්ගෙන් ඉවත් කර කළු අජිත් වෙත භාරදීමට ගොඩනැගිල්ලට හිමිකම් කියූ පූද්ගලයෝ කටයූතු කළහ. 

මෙවැනි සිද්ධීන් කීපයක් නිසා නාවල නිහාල් කළු අජිත් කෙරෙහි තරමක නූරුස්සන ගතියකින් ගනූදෙනූ කළේය.

"කළු අජිත් දඟලනවා වැඩියි. මෙහෙම ගියොත් අපිටත් උගේ පදේට නටන්න වෙනවා.

නාවල නිහාල් සිය ගෝල බාලයන්ට කීවේය. කළු අජිත් සූරූපී කතුන් ඇසූරට දැඩි ලෙස ලොල් වූ පූද්ගලයෙක් විය.

කිසියම් තරුණියක් වෙත තම හිත ඇදී ගියහොත් කොපමණ මූදලක් වැය කර හෝ ඒ තරුණියගේ පහස ලබා ගැනීමට කළු අජිත් පසූබට වූයේ නැත. අජිත්ගේ කල්ලියේ සිටි වනසරා සහ චූටිටා ද තරුණ කතුන් ඇසූරට දැඩි ලෙස ප්‍රියවූ පූද්ගලයෝ වූහ. 

කළු අජිත් තම ගෝල බාලයන් සමග එකට සිටින බොහෝ අවස්ථාවලදී ඔවූන්ගේ මාතෘකාව වූයේ සූරූපී ලඳුන් ගැනය. 

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ ගණනාවක පිහිටි ගණිකා නිවාස සෑම එකක්ම පාහේ පැවතියේ නාවල නිහාල්ගේ රැකවරණය යටතේය. 

ඒ සෑම ගණිකා නිවාසයකින්ම නිහාල්ට මාසිකව රුපියල් ලකෂ ගණනින් දොලපිදේනි ලැබිණි. 

නාවල නිහාල් නිහාල්ගේ රැකවරණය මත ඇති ගණිකා නිවාසයකට පොලිසියෙන්පවා කරදර සිදුවූයේ නැත. එවකට සිටි ඇතැම් උසස් පොලිස් නිලධාරීන් සමීපව ඇසූරු කළ නිහාල් තමන්ගේ ආරකෂාව යටතේ ඇති ගණිකා නිවාසවලට නීත්‍යානූකූල නොවන ආකාරයට රැකවරණය ලබා ගත්තේය. 

එහෙත් කළු අජිත්ගේ ගෝල බාලයෝ ගණිකා නිවාසවලට හොර රහසේ ඇතුළු වී එහි සිටින සූරූපී ලඳුන් බලහත්කාරයෙන් රැගෙන යන්නට පටන් ගත්තා. 

ඒ වනවිට කළු අජිත් ද කොළඹ පාතාලයේ දැවැන්තයකු වී සිටීම නිසා ගණිකා නිවාස පාලකයෝ ද ඔහූට එරෙහි වීමට මැලිකමක් දැක්වූහ. 

එහෙත් ඔවූන් හැමවිටම නාවල නිහාල්ට මේ පිළිබඳව පැමිණිලි කිරීමට අමතක කළේ නැත.

"නිහාල් අයියා කළු අජිත්ගේ ටීම් එකේ උන්ගෙන් අපිට හරිම කරදරයි. හැම වෙලාවෙම ඇවිත් මෙතැන ඉන්න හොඳ හොඳ අයිටම් අරගෙන යනවා. 
මෙහෙම ගියොත් අපේ බිස්නස් වැටෙන්න පූළුවන්. මේකට මොනව හරි කරලා දෙන්න.

" ගණිකා නිවාස පාලකයන්ගෙන් නාවල නිහාල් වෙත පැමිණිලි ගලා එන්නට විය. 

නිහාල්ට ද මෙය මහා හිසරදයක් වෙමින් තිබිණ. නාවල නිහාල් කළු අජිත්ට අවසන් නිවේදනය නිකුත් කළේය.

"උඹ දැන් ගානට වැඩියි. මම කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. උඹේ ගෝලයො ටික හදා ගනින්. බ්‍රොතල් හවූස්වලට පැනලා කෙල්ලො උස්සගෙන යන එක නතර කරල දාපං. 

නැත්නම් මම නරක මිනිහා කියලා කියන්න එපා.... නාවල නිහාල්ගෙන් එල්ල වූ තර්ජන හමූවේ කළු අජිත් තරමක් සලිත විය. 

ඔහූ සිය ගෝල බාලයන්ට ද අනතුරු ඇඟවීමක් කළේය. 

එහෙත් සූරූපිනියන් ඇසූරට තදින්ම ඇබ්බැහි වී සිටි කළු අජිත්ටවත් ඔහූගේ ගෝල බාලයන්ටවත් ඉන් ගැලවීමට හිත දුන්නේ නැත. 

දිනක් කළු අජිත්ගේ ගෝලයන් දෙදෙනකු වන වනසරා සහ චූටිටා එවකට නූගේගොඩ පිහිටි ප්‍රසිද්ධ ගණිකා නිවාසයකට කඩා වැදුණහ. 

එහි පාලකයන් සොයා ගිය අජිත්ගේ ගෝලයන් දෙදෙනා ඔවූන්ට තර්ජනය කළහ. 

"උඹලා දන්නවනෙ අජිත් අයියගෙ හැටි. මෙතැන ප්‍රශ්න ඇති කළොත් මූළු ගේම ෆ්ලැටි කරලා දානවා. 

අලුතෙන්ම ගෙනාව කෑලි දෙක අපිට ඕනෙ..... වනසරා සහ චූටිටා ගණිකා නිවාසය පාලනය කළ පූද්ගලයන්ට තර්ජනය කළහ. 

මොවූන්ගෙන් ගැලවීමක් නොලැබෙන බව දැන සිටි ගණිකා නිවාසය පාලකයෝ එහි ගෙන ආ සූරූපී තරුණියන් දෙදෙනා ඔවූන්ට භාර දීමට කටයූතු කළහ. 

මෙම ගණිකා නිවාසය ද නාවල නිහාල්ට මාසිකව රුපියල් ලකෂ ගණනින් සන්තෝෂම් මූදල් ගෙවූ එකක් විය. 

මෙම සිද්ධියෙන් මොහොතකට පසූ ගණිකා නිවාසයේ පාලකයෝ නාවල නිහාල්ට දුරකථනයෙන් කතා කළහ. 


නිහාල් අයියා මේ වැඩේ කරන්න බැහැ. කළු අජිත්ගේ ගෝලයෝ අදත් අපේ කෙල්ලො දෙන්නෙක් අරන් ගියා. 

උන් හොඳටම දන්නවා මේ ස්පොටි එකට නිහාල් අයියා සපෝර්ටි කරනවා කියලා. 

මෙම සිද්ධිය කනවැකීමෙන් නාවල නිහාල් දැඩි ලෙස කෝපයට පත් වූයේය. 

ඔහූ ඒ මොහොතේම කළු අජිත්ට දුරකථන ඇමතුමක් ලබාදුන්නේය. "මම උඹවත් බාවලා උඹේ ගෝලයො ටිකත් පරලොව යවනවා. මගේ වැඩවලට අතදාන්න එපා කියලා. 

කොච්චර කිව්වත් උඹ ඒක ගණන් ගන්නෙ නෑනෙ. 

මම උඹව බල්ලෙක් වගෙ මරලා දානවා. උඹ මතක තියා ගනින් උඹව ඔය තැනට ගෙනාවෙ මම. 

උඹ දැන්ම වනසරාවයි චූටිටවයි උන් අරගෙන ගිය කෙල්ලො දෙන්නවයි මගෙ ළඟට අරගෙන එන්න ඕනෙ. 

එහෙම නොකළොත් මම නරක මිනිහා කියන්න එපා. කෝපයෙන් වෙව්ලමින් නාවල නිහාල් කෑගැසූවේය. 

නිහාල් මාමාගේ තර්ජනය හමූවේ දැඩි ලෙස බියට පත්ව සිටි කළු අජිත් ඒ මොහොතේම වනසරාවත් චූටිටාවත් කැඳෙව්වේය. 

තොපි කරන වැඩ නිසා මගේ මරණය තවත් කිටිටූ වෙනවා. නිහාල් මාමට හොඳට ම තරහ ගිහින්. උඹලා දෙන්නව දැන්මම නිහාල් මාමා ළඟට එක්කරගෙන එන්න කිව්වා. 

උඹලා දෙන්නා මාත් එක්ක ගිහින් නිහාල් මාමගෙ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගනින්. 

නැත්නම් උඹලට සමාවක් ලැබෙන්නේ නැහැ. කළු අජිත් සිය ගෝලයන් වෙත ගෝරනාඩූ කළේය. ඔවූන් සියලුදෙනා නාවල නිහාල්ගේ තරම හොඳින් දැන සිටියහ. 

නිහාල් මාමා තරහ කර ගැනීම විහින් තම වළ කපා ගැනීමක් බව ඔවූහූ තේරුම් ගෙන සිටියහ.
 
කළු අජිත් සිය ගෝලයන් දෙදෙනා ද සමග නිහාල් මාමා මූණගැසීමට යාමට සූදානම් වූවේය. 

නිහාල් තමන් සමඟ දැඩි වෛරයකින් සිටින බව කළු අජිත් මෙන්ම ඔහූගේ ගෝලබාලයෝ ද දැන සිටියහ. 

"අජිත් අයියා නිහාල් මාමා අපිට මොනවා කරයිද දන්නේ නැහැ. අපි මේ ගමන නොගිහින් ඉමූ. අපි ආයෙ ඔය බ්‍රොතල් හවූස් පැත්ත පළාතෙ යන්නේ නැහැ. 

නිහාල් මාමා මූණගැසීමට යෑමට වනසරාත් චූටිටාත් අදිමදි කළහ. 

ඔහූ මූණ ගැසූණහොත් කුමකින් කුමක් සිදුවේදැයි සිතා ගැනීමට නොහැකිව ඔවූහූ දෙගිඩියාවෙන් පසූ වූහ. 

බොරැල්ල හන්දියෙන් රාජගිරිය දෙසට හැර වූ කළු අජිත් චූටිටා සහ වනසරා රැගත් මෝටර් රථය පවනට බඳු වේගයෙන් ධාවනය වන්නට විය. 

ඒ වනවිට චූටිටා සහ වනසරා දියෙන් ගොඩගත් මත්ස්‍යයන් මෙන් ගැහෙන්නට වූහ. "බොස් නිහාල් මාමා අපි දෙන්නට හොඳට ගහයි නේද? 

දන්නවනෙ එයාගෙ හැටි. අනේ බොස් අපිව බේරල දෙන්න......කම්මූල දිගේ රූරා ආ දහදිය බිඳු පිස දමමින් චූටිටා කීවේය. 

"නිහාල් මාමා කීපාරක් කිව්වද මිනිහගෙ ස්පොටිවලට ගේන කෙල්ලො උස්සන්න එපා කියලා. 

කොහෙද උඹලා කියන කිසි දෙයක් අහන්නේ නැහැනෙ...." දැඩි ලෙස භීතියට පත්ව සිටි චූටිටා සහ වනසරා අතරමගදී කළු අජිත්ගේ මෝටර් රථයෙන් පැන පලා ගියහ. නිහාල් මාමා හමූවීමට ගියහොත් තමන්ට අත්වන ඉරණම හොඳාකාරවම දැන සිටි ඔවූන්ට පළා යෑම හැර වෙනත් විකල්පයක් තිබූණේ නැත. 

කළු අජිත්ට සිය ගෝලයන් දෙදෙනා නාවල නිහාල් වෙත ඉදිරිපත් කිරීමට ලැබූණේ නැත. 

මේ සිද්ධියෙන් පසූ නාවල නිහාල් කළු අජිත් කෙරෙහි තව තවත් වෛර බැඳ ගත්තේය. 

නාවල නිහාල් අතට පත්වීමට තිබූ රුපියල් ලකෂ ගණන් වටිනා අපරාධ කොන්ත්‍රාත්තු රැසක් කළු අජිත් භාර ගැනීම නිසා මේ වෛරය දෙගුණ තෙගුණ වී තිබිණි. කළු අජිත් දැන් හිටියා ඇති. මිනිහා මම කියන කිසි දෙයක් අහන්නෙ නැහැ. 

අපි මිනිහව අයින් කරන්න ඕන. 

නාවල නිහාල් සිය කල්ලියේ මහමොළකාරයා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි පියටිට කීවේය. නාවල නිහාල්ගේ සියලු අපරාධ සැලසූම් සකස් කළේ පියටිය. 

නාවල නිහාල්ගේ උපදෙස්මත කළු අජිත් පරලොව යැවීමේ සැලසූම පියටි අතින් ලහි ලහියේ ම සකස් වෙන්නට විය. 

"නිහාල් අයියා අපි මූළු පාතාලෙම හෙල්ලෙන විදිහෙ ගේම් එකක් දෙමූ. 

අනිත් එවූන්ටත් දැනෙන විදිහට කළු අජිත්ට ගහන්න ඕනෙ...... පියටි සිය සැලසූම ගැන සියලු විස්තර නාවල නිහාල්ට කීවේය.

දිනක් හිටිහැටියේ ම නාවල නිහාල්ගේ ගෝලයකුගෙන් කළු අජිත්ට දුරකථන ඇමතුමක් ලැබූණේය. කළු අජිත් ඒ ඇමතුම ලබා ගත්තේ තරමක දෙගිඩියාවෙන්ය. 

නිහාල් අයියා කිව්වා කොහූවල ඇග්නස් අක්කගෙ ස්පොටි එකට එන්න කියලා. 

බිස්නස් වැඩක් ගැන කතා කරන්න තියෙනවා කිව්වා. 

නාවල නිහාල්ගේ ගෝලයා කළු අජිත්ට දුරකථනයෙන් පණිවූඩයක් ලබා දුන්නේය. 

"මොකද නිහාල් මාමා හදිස්සියේ ම එන්න කියන්නෙ. ළඟදි අපි අතරෙ මොකුත් ප්‍රශ්නයක් වූණෙත් නැහැනෙ. 

කළු අජිත් කල්පනා කරන්නට විය. 

ඔහූගේ සිතට නූහූරු බියජනක හැඟීමක් දැනෙන්නට පටන් ගත්තේ කිසියම් අනතුරක සේයාවක් පෙනෙන්නට තිබූ නිසාය. 

දුරකථන ඇමතුමෙන් පසූ කළු අජිත් නිහාල් මාමා හමූවීමට යෑම සඳහා සූදානම් වූවේය.

නිහාල් මාමා හමූවීමට යද්දී අවි ආයූධ රැගෙන නොයෑමට කළු අජිත් මෙන්ම පාතාලයේ අනෙකුත් සාමාජිකයෝ ද ප්‍රතිපත්තියක් ලෙස කරගෙන ගියහ. ඒ නාවල නිහාල්ට දැක්වූ ගෞරවය පකෂපාතී බව නිසාය. 

කළු අජිත් තම කල්ලියේ සමීපතමයකු වූ අතකොට කළුවා සහ තවත් දෙදෙනකු ද කැටූව වෑන් රථයට ගොඩ වූහ. 

කොහූවල ඇග්නස් අක්කාගේ ගණිකා නිවාසය කළු අජිත්ට නූහූරු නූපූරුදු ස්ථානයක් නොවීය. 

තරුණ ළඳුන්ගේ පහස සොයා ඔහූ මෙම ස්ථානයට නිතර දෙවේලේ ආවේය. 

කළු අජිත් ඇතුළු පිරිස රැගත් වෑන් රථය කොහූවල ඇග්නස් අක්කාගේ නිවසට සේන්දු වෙද්දී නාවල නිහාල්ගේ ගෝල බාලයෝ ඔවූන් පිළිගැනීමට සැදී පැහැදී සිටියහ.

වෑන් රථයෙන් බැසගත් කළු අජිත් වට පිට බැලුවේය. සියලුදෙනාම තුෂ්ණීම්භූතව බලා සිටියහ. 

කළු අජිත්ගේ සිතට වෙනදා නොදැනෙන අමූත්තක් දැනෙන්නට විය. කිසියම් අනතුරක සේයාවක් පෙනෙන්නට තිබිණි. 

ඇග්නස් අක්කාගේ දෙමහල් නිවසේ උඩූ මහලේ පිහිටි අඳුරු කාමරයක නාවල නිහාල් පියටි ඇතුළු ගෝලබාලයෝ කීපදෙනක් ම වූහ. 

කළු අජිත් නාවල නිහාල් ඉදිරියේ පෙනී සිටියේය. නාවල නිහාල්ගේ මූහූණේ කිසිදු අනූකම්පා සහගත බවක් පෙනෙන්නට නොවීය. 

ඔහූගේ මූහූණ දෙස එකවරම බැලීමට අපොහොහසත් වූ කළු අජිත් බිම බලා ගත්තේය.

"උඹ හිතාගෙන ඉන්නේ පාතාලේ කෙරුමා උඹ කියලද? 

මේ නිහාල් ඉන්නකල් ඒවා හරියන්නේනැහැ. උඹට බැහැ කවදාවත් පාතාලේ රජ වෙන්න". 

නාවල නිහාල් කළු අජිත්ගේ කම්මූල හරහා වේගවත් පහරක් එල්ල කළේය. 

ඒ සමඟම නිහාල්ගේ ගෝලබාලයෝ කළු අජිත්ට ඉතාම අමානූෂික ලෙස පහර දුන්හ. අජිත්ට පමණක් නොව ඔහූගේ ගෝල බාලයන්ටද සිදු වූයේ ඒ ප්‍රහාරයට ලක්වීමටය.

"මූන්ටික බැඳල රෑ වෙනකම් කාමරේට දාල තියාපියව්..." නාවල නිහාල්ගේ නියෝගයට අනූව ඔහූගේ ගෝල බාලයෝ කළු අජිත් ඇතුළු සගයන් තිදෙනා තඹ කම්බිවලින් ගැට ගසා කළුවර කාමරයක සිර කර තැබූහ. තෝ නහින්නෙ ගෑනූූ නිසා. 

අද මම තෝව පරලොව යවනවා. මගේ අණට උඩින් යන්න එකෙකුටවත් බැහැ. 

එහෙම ගිය එකෙක් යහතින් ඉඳලත් නැහැ..... නිහාල් කෝපයෙන් කෑ ගැසූවේය. 

නිහාල්ගේ ගෝල බාලයන් ඇග්නස් අක්කාගේ ගණිකා නිවාසයේ සිටි තරුණ කාන්තාවන්ගේ යට ඇඳුම් ගෙනැවිත් ඒවා කළු අජිත්ගේ කටට ඇතුළු කර සිර කළහ. 

අජිත්ගේ ගෝල බාලයන්ටද ඒ සියලු වධ බන්ධන අත්විඳීමට සිදු විය. 

නිහාල්ගේ නියෝග මත කළු අජිත් පැමිණි වෑන් රථයටම ඔවූන් සිව්දෙනා පටවාගත් නිහාල්ගේ ගෝල බාලයෝ වෑන් රථය ගල්කිස්ස ප්‍රදේශයට රැගෙන ගියහ. 

ඒ වනවිට මධ්‍යම රාත්‍රිය ද ගෙවී යමින් තිබිණි. වෑන් රථය ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ නතර කෙරිණි. 

"උඹේ සෙල්ලං අදින් ඉවරයි. දැන් ඉතින් උඹලා දෙවියන් සිහි කර ගනිල්ලා..... පියටි කෑගැසූවේය. 

එකෙකු අත වූ පිස්තෝලය ක්‍රියාත්මක විය. 

නිහැඬියාව බිඳගෙන පිට වූ වෙඩි උණ්ඩ කළු අජිත්ගේ ඇතුළු සගයන්ගේ සිරුරු විනිවිද ගියේය. 

මොහොතකින් සියල්ල නිමා විය. කළු අජිත්ගේ සහ ඔහූගේ ගෝලයන්ගේ නිසල සිරුරු වෑන් රථයට දමා ඊට ගිනි තැබූ පියටි ඇතුළු පිරිස කිසිදු අනතුරකින් තොරව පළා ගියහ. 

පාතාල ලෝකයේ කිරුළ පැළඳීමට සිහින මවමින් සිටි කළු අජිත් අවසානයේ මහමගදී මිය ගියේ පාතාල අපරාධකරුවන් සැමට අත්වන ඉරණම මෙය බව සනාථ කරමින්ය.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Pama Na Api Thawath - Nishantha Godagama
Pama Na Api Thawath
Nishantha Godagama
⤵  3,467 Downloads

Minisathkam Paradaa - Madusha Ramasinghe
Minisathkam Paradaa
Madusha Ramasinghe
⤵  1,155 Downloads

Ansathu Heene - Kasun Hettihewa
Ansathu Heene
Kasun Hettihewa
⤵  11,859 Downloads

Samada Man Obe - Gayan Arosha
Samada Man Obe
Gayan Arosha
⤵  15,659 Downloads

Keles Mala - Madusha Ramasinghe
Keles Mala
Madusha Ramasinghe
⤵  2,856 Downloads

Therunoth Kawadha Ho - Suneth Warnasooriya
Therunoth Kawadha Ho
Suneth Warnasooriya
⤵  7,319 Downloads

Sithin Parami - Anjalika Frnando
Sithin Parami
Anjalika Frnando
⤵  7,068 Downloads

Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Adara Mayawa (Hiru TV Adara Mayawa Tele Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  39,337 Downloads

Pawukarayek Nisa - Kawishka C Lakshman
Pawukarayek Nisa
Kawishka C Lakshman
⤵  6,138 Downloads

Mithuri - Suresh Fernando
Mithuri
Suresh Fernando
⤵  2,439 Downloads



Top 10 Commenters

Latest Comments

Top