Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
‘‘මට නායකත්වය ලැබුණේ මැතිව්ස් ආබාධයට පත් වුණ නිසයි“ - උපුල් තරංග හිරු ගොසිප් වෙත හෙළිකළ කතාව - Exclusive

- ‘‘මට නායකත්වය ලැබුණේ මැතිව්ස් ආබාධයට පත් වුණ නිසයි“ - උපුල් තරංග හිරු ගොසිප් වෙත හෙළිකළ කතාව - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,406 Views
‘‘ඔහුගේ අවස්ථාව ඔහුට යළිත් ලබාදේවි...“
‘‘මට නායකත්වය යළිත් ලැබෙයිද කියන්න බැහැ...“

2005 අවුරුද්දේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට වමත් පිතිකරුවෙක් විදිහට එකතු වෙන උපුල් තරංග පසුගිය කාලයේ වැඩිපුරම කතාබහට ලක් වුණා. ඒ ඔහුගේ නායකත්වයෙන් තරග ජයගත්ත නිසයි. ආරම්භක පිතිකරුවෙක් වුණ උපුල්ට පසුගිය කාලයේ ඔහුගේ පිතිකරණයේ දක්ෂතාත් දක්වන්න හැකියාව ලැබුණා. බංගලාදේශ කණ්ඩායම සමග අද දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙනවා. ඒ ගැන වගේම තවත් තොරතුරු ගැන උපුල් හිරු ගොසිප් අපි එක්ක කළ කතා බහයි මේ.

අද තරගයට සුදානම කොහොමද කියලම කතාබහ පටන්ගත්තොත් ..?
කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් හොද මානසික මට්ටමක ඉන්නවා. අපි හොදින් පුහුණුවීම් කළා. සියලුම දෙනා හොදින් ක්‍රීඩා කරලා දෙවන ටෙස්ට් තරගය ජයන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් ලබා ගත්තා. ටෙස්ට් තරගාවල තෙවැනි ශතකය ලබා ගැනීම ගැන මොකද හිතුණේ ..?
ගොඩක් සතුටුයි. ශතක තුනම මම ලබා ගත්තේ ලංකාවේ පැවැතී තරගවලදී. ඒ නිසා සතුටක් තියනවා. කොහොම නමුත් මම නිතරම හිතන්නේ පුද්ගලික ලකුණු මට්ටම වැඩි කරගන්න නෙමෙයි. කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරන එක. ඒක හැම ක්‍රීඩකයෙක්ම හිතන දෙයක්.

ආරම්භක පිතිකරුවෙක් විදිහට කණ්ඩායමට සම්බන්ධ  වුණ උපුල් තරංගට කාලයක් ජාතික කණ්ඩායමේ ස්ථාවරත්වය අහිමි වුණා.  දැන්  ඔබ දක්ෂතා අතරේ ඉන්න නිසා කණ්ඩායමේ  ස්ථාවරත්වය යළිත් හිමිවෙයිද ..?
ස්ථාවරත්වය ලැබෙයිද කියලා තවම කියන්න බැහැ. ඒක වෙනස් වෙනවා. ජාතික කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙක් වෙන්න වාසනාව උදා වුණොත් සතුටු වෙනවා. ස්ථාවරත්වය ලැබුණත් නැතත් මට  ලැබෙන අවස්ථාවෙන් මම උපරිම විදිහට ක්‍රීඩා කරන්න උත්සහ කරනවා.

ජාතික කණ්ඩායමේ නොසිටි කාලයේ උපුල් මානසිකව වැටුණාද ..?
මානසිකව වැටුණේ නැහැ. අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා .ඒ කාලයේ මම ක්‍රීඩා නොකර හිටියේ නැහැ. ක්‍රීඩා සමාජ තරගවල ක්‍රීඩා කළා. ඒ වගේම නිතරම පුහුණුවීම්වල යෙදුණා. එහි ප්‍රතිපලයක් විදිහට තමයි නැවත කණ්ඩායමට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණේ. ජාතික කණ්ඩායමේද නැද්ද කියලා මට ප්‍රශ්නයක් නැහැ .මට අවශ්‍ය වුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නයි.

ඔබේ නායකත්වය ශක්තිමත් නිසා පසුගිය කාලයේ පැවති තරග ජයගත්තා කියලයි  බොහෝ දෙනා කිව්වේ...?
මම නායකයා වුණාට මුළු කණ්ඩායමේම සහයෝගය තිබුණු නිසයි ඒ ජයග්‍රහන හිමි වුණේ. හැම ක්‍රීඩකයාම තනි තනිව දක්ෂතා පෙන්නන්න උත්සහා කළා නම්  සමහර විට  කණ්ඩායමේ ජයග්‍රහණය නොලැබිලා ක්‍රීඩකයාගේ දක්ෂතා විතරක් ඉස්මතු  වෙන්න පුළුවන්. අපි කවුරුත් එහෙම හිතන්නේ නැහැ . එදා දවසේ ලැබෙන අවස්ථාව කොහොමද හැසිරෙන්නේ  කියලයි අපි හිතන්නේ.

නායකත්වයට ඔබ සුදුසු නිසා පන්දු වාර විස්සයි විස්ස තරග සදහා නායකත්වය තව දුරටත් ඔබටම හිමි වෙයිද ...?
මට නායකත්වය ලැබුණේ ඇන්ජලෝ මැතිවුස් ආබාධයට පත් වුණ නිසයි. ඔහුගේ අවස්ථාව ඔහුට යළිත් ලබාදේවි. මට නායකත්වය යළිත් ලැබෙයිද කියන්න බැහැ. අවස්ථාවක් යළිත් ලබා දුන්නොත් එය භාර අරගෙන මගේ යුතුකම ඉටු කරනවා.

මේ දවස්වල උපුල්ට ෆේස්බුක් එකෙන් වගේම ක්‍රීඩා ලෝලීන්ගෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙනවා නේද ..?
ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. හුගක් අය ෆේස්බුක් ගිණුමෙන් මට  සුබපතලා පණිවිඩ එවනවා. මට ඒ අයට උත්තර දෙන්න ඇත්තටම වෙලාවක් නැහැ. වෙලාව තියෙන විදිහට මම  උත්තර සපයනවා. යන එන තැන්වල මුණගැහෙන අය මම ගැන සතුටින් කතා කරනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පැවති තරගාවලියේදී ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රතිචාර දකිද්දී අපිට දැනුනේ අපි ලංකාවේ ක්‍රීඩා කරනවා වගේ හැගීමක් කිවුවොත් හරි.  

IPL වලට උපුල් ලංසු තිබ්බේ නැද්ද ...?
නැහැ. මම අවස්ථාවක් ඉල්ලුවෙත් නැහැ. මට ආරාධනාවක් ආවෙත් නැහැ. මම IPL තරගවලට ක්‍රීඩා කරන්න ඒතරම් කැමති නැහැ. අවස්ථාවක් ලැබුණොත් අවස්ථාව ලැබෙන කාලේට ඒ ගැන හිතලා බලනවා.

වෙනත් රටක ක්‍රිකට් කණ්ඩායමකට ක්‍රීඩා කරන්න උපුල්ට අවස්ථාව හිමි වුණා කියලත් ආරංචියි ...?
ජාතික කණ්ඩායමකට නෙමෙයි. ප්‍රාන්ත කණ්ඩායම් කිහිපයකින්ම ආරාධනා ආවා. ඒත් ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා.

ජාතික කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙක් වෙන්න බැරි වුණොත් ක්‍රීඩාවෙන් විශ්‍රම යනවද ...?
විශ්‍රාම යන්න මට තව වයස තියනවා. දැන්ම විශ්‍රාම යන්නේ නැහැ.

සාකච්ඡාව - හර්ෂණී  වීරරත්න.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,188 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  6,673 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,264 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,594 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,429 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,311 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  4,769 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,584 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,158 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,118 Downloads



Top 10 Commenters

Latest Comments

Top