Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
එතකොට තමයි මම දැක්කේ ඒකා මේකිට එවපු ඒවයි, මේකි ඒකට යවපු ඒවයි, SMS දැක්කම මට මරු නැග්ගා සර්

- එතකොට තමයි මම දැක්කේ ඒකා මේකිට එවපු ඒවයි, මේකි ඒකට යවපු ඒවයි, SMS දැක්කම මට මරු නැග්ගා සර්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

105,427 Views
එතැන එස්.එම්. එස්. තිස් අටක් තිබ්බා සර්..
උඹට අපේ වැඩ වලින් වැඩක් නෑනේ පලයන් යන්න කියලා මට ගෙරෙව්වා..

දුරකථන කෙටි පණිවුඩ (එස්.එම් එස්) තිස් අටක් අවුළුවාලු දබරයක් නිසා ශුද්ධ භූමියක් වූ බෝ මළුවක් පසුගියදා ලෙයින් තෙත් වුණා.

මේ නිසා දෙදරු පියෙකුට මිනීමැරුමක සැකකරුවකු ලෙසින් රක්ෂිත බන්ධනාගාර ගත වන්නට සිදුවිය.

මියගියේ විසිහත් හැවිරිදි තරුණයෙකි. මින් සිදුවුයේ හිරේ විලංගුවේ වැටුණු පුද්ගලයාගේ බිරියට සිය ළාබාල වියේ පසුවන දරුදෙදෙනාත් සමඟ තනි වන්නටය.

මේ අවනඩුව වුයේ පේරාදෙණිය පොලිස් වැයික්කියට අයිති දුෂ්කර කඳුකර පෙදෙසක් වන ගල්ගොඩවත්තේ මෙගොඩ කළුගමුවේ ය. 

ඒ පසුගිය තෙවැනිදා ය. සිද්ධියේ විශේෂත්වය වන්නේ එය බෝමළුවක සිදුවීමය.
 
මියගිය සහ මිනීමරුම නිසා පොලිස් අත්අඩංගුවට පත් වූ අයත් බෝධිය අසලම පදිංචිකරුවන් ය. 

ඝාතනය වූ අමිල සඳරුවන් හෙවත් පැතුම් මේ අපරාධය සිදු වූ ගල්ගොඩවත්ත බෝධියට පහළ පෙදෙස් පදිංචිකරුවකු වූ අතර සැකකරු එම බෝධියට ඉහළ පදිංචිව සිටි අයෙකි.

බෝධියට පහළින් පදිංචිව සිටි පැතුම්, බෝධියට ඉහළින් පදිංචිව සිටින සැකකරුගේ විසිහතර හැවිරිදි බිරිය සමඟ ටික කලෙක පටන් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව කියයි. ඇය දෙදරු මවකි.

ඒ සම්බන්ධය ඇයගේ සැමියාගේ අතට අසුවීම හේතුවෙන් ටික කලෙක සිට දෙදෙනා අතර ආරවුල් තිබී ඇතත් එය ඇන කොටා ගන්නා තත්ත්වයට දුර දිග ගොස් නොතිබිණි. එහෙත් පැතුම්ට ඒ පිළිබඳ අනතුරු ඇඟවීම් කරමින් ඇගේ සැමියා දිගින් දිගටම කියා තිබුණේ වහා සම්බන්ධය නවතා දමන ලෙසය.
 
ඒ වගක් නොතකා පැතුම් සහ සැකකරුගේ බිරිය අනියම් සම්බන්ධය පවත්වාගෙන ගොස් තිබිණි.

කෙතරම් හොඳින් කීවත් බිරිය සහ පැතුම් අතර පවතින අනියම් සම්බන්ධය නවතා දමන බවක් පෙනෙන්නට නොතිබිණි. 

එලෙසම ඒ වගක් දෙදෙනාම පිළිගෙන නැත. මෙය අතටම අල්ලා ගන්නා අරමුණින් සැකකරු යෙදූ උපායේ අවසන් ප්‍රතිඵලය වුයේ ගල්ගොඩවත්ත බෝධිය අසල දී මේ දෙදෙනා ගහ මරා ගැනීමයි.

ස්ථිර රැකියාවක් නොවන විවිධ කුලී වැඩ කරමින් ජීවත්වන සැකකරු පසුගිය තුන් වැනිදා උදෑසනින්ම ලක ලෑස්ති වුයේ වෙනදා මෙන් බිරියට වැඩට යන වග අඟවන්නටය. එහෙත් ඔහු එදින නිවෙසින් පිටව ගියේ සැබැවින්ම රැකියාවට යාමට නොවේ. මඟට ගොස් ආපසු හැරී නිවෙසට පැමිණ බිරියගේ හොරය ඇල්ලීමටය.

නිවෙසින් පිටව රැකියාවට යන බව අඟවා මඳ දුරක් ගොස් කෙටි වේලාවකින් ඔහු නැවත නිවෙසට ආවේය. 

ඒ එනවිටත් බිරිය ඇයගේ ජංගම දුරකථනය තුරුලට ගෙන වෙනම ලෝකයකය සිටින බව නිවෙසට පැමිණි ඔහුට දිස්විය.

එක්වරම බිරිය වෙත කඩා පැන ඇයගේ ජංගම දුරකතනය උදුරා ගත් ඔහු ලහිලහියේ එය සෝදිසි කළේය.

“එතකොට තමයි මම දැක්කේ ඒකා මේකිට එවපු ඒවයි, මේකි ඒකට යැව්ව ඒවයි. එතැන එස්.එම්. එස්. තිස් අටක් තිබ්බා සර්. එතකොට මට මරු නැග්ගා සර්. මං කෙලින්ම ගියේ ඒකා හම්බවෙලා දෙකින් එකක් බේර ගන්නවාමයි කියලා හිතාගෙන. එවේලේ හිතට ආව කේන්තියට මං ගෙදර තිබ්ච්ච පිහියත් අරන් ගියා.

මං ගිහින් පැතුම්ව හෙව්වා. ඒකා ගෙදර පැත්තේ පේන්න හිටියේ නෑ. ඒත් බෝධිය පැත්තට ගිය ආරංචියට මං ඒ පැත්තට දිව්වා. මං යද්දී පැතුම් බෝධියේ බුද්ධ පුජාවක් තියන්න හදනවා වගේ මට පෙනුණේ.”

“මාව දැක්කාම පැතුම් බය වුණා. ඇයි ඉතින් එයාගේ හිත දන්නවානේ සර්. ඊට පස්සේ මිනිහා කරන්න ගිය පුජාවත් නවත්වලා බෝධිය පැත්තේ ඉඳන් බුදුගේ පැත්තට දිව්වා. දුවලා ගිහින් බුදු කුටියේ හැංගිලා දොරේ අගුලත් දාගත්තා.”

“මං බැනලා පැතුම්ට දොර ඇරපන් කිවුවා. ඒත් ඒකා උඹට අපේ වැඩ වලින් වැඩක් නෑනේ පලයන් යන්න කියලා මට ගෙරෙව්වා.”

එතකොට මගේ කේන්තිය තවත් වැඩිවුණා. මං බුදුගෙයි දොරට පයින් ගැහැව්වා.

ඒ පාරට බුදුගෙයි දොර කැඩිලා ගියා. එතකොට ඇතුලේ හැංගිලා හිටිය පැතුම් එළියට පැනලා මට කුණු හරුපෙන් බැණ බැණ ලී කැල්ලක් අරන් මට ගහන්න හැදුවා.

ඒ වෙලාවේ තමයි මං ගෙනිච්ච පිහිය මිනිහගේ පපුවට ඇනුණේ. ඊට පස්සේ තමයි මං මේ කෙලින්ම පොලිසියට ආවේ. පැතුම්ට මොනවා වුණාද කියන්න මං දන්නේ නෑ සර්”

ලේ තැවරුණු පිහියක් ද අතැතිව පේරාදෙණිය පොලිසියට පැමිණි සැකකරු කියන්නේ එවැනි කතාවකි.

බෝ මළුවේදී ඇතිවු මේ ගැටුමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි පැතුම් අසල්වාසීන් කිහිප දෙනකු එක්ව රෝහල් ගත කළේය.

එහෙත් රෝහල්ගත කරන විට මියගොස් සිටි පැතුම් පිළිබඳ ආරංචිය රෝහල් පොලිසිය හරහා පේරාදෙණිය පොලිසියට ලැබෙන විට සැකකරු පිහිය සමඟ පොලිසියට භාර වී අවසානය.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  402 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  1,525 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  500 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,075 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,114 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  29,720 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,132 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,713 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  8,781 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  23,283 Downloads



Top 10 Commenters

Latest Comments

Top