වේයන්ගොඩ, කුඹල්ඔළුව සඳතැන්නවත්ත පදිංචිව සිටි 74 හැවිරිදි රෝගී මවකට කොස්සකින් පහරදී මරාදැමූ පුතෙකු වේයන්ගොඩ පොලිසිය විසින් 13 රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ සඳතැන්නවත්ත කුඹල්ඔළුව පදිංචි ලේකම්ලාගේ සරත් කුමාර නමැත්තෙකුයි.
හිටපු සෞඛ්‍ය සේවකයෙකු වන ඔහු දැනට වැඩ තහනමකට ලක්ව සිටින්නෙක් බවයි පැවසෙන්නේ.
එම නිවසේ පදිංචිව සිට ඇත්තේ වගඋත්තරකාර පුතු ඔහුගේ බිරිඳ සහ මියගිය මව පමණක් බවත් සිද්ධිය වූ දා සවස බීමත්ව පැමිණ ඇති සැකකරු නිදියහනේ සිටි මවට කොස්සකින් පහරදී හිසට සිදුකරන ලද බරපතල තුවාල හේතුවෙන් මව මියගොස් ඇති බවත් හෙළිවී තිබෙනවා.
නිදියහනේ ලේ පැල්ලම් විසිරී තිබූ බවත් එම අවස්ථාවේ සැකකරුගේ බිරිඳ සේවය සඳහා ගොස් සිටි බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.